Have an account?

Wednesday, August 11, 2010

දික්කසාදයක් ලබා ගන්නේ කොහොමද? (05 කොටස)

දික්කසාදයක් ගන්න කොයිතරමි කාලයක් යනවාද?
සාමාණ්‍යයෙන් මෙම කරැණ අදාල අධිකරණයේ ක්‍රියාකාර්ත්වය මත රදා පවතින්නක් සමහර දිසා අධිකරණයන් දික්කසාද නඩු සමිබන්ධයෙන් ලිහිල් ප්‍රතිථිපත්තියක් අනුගමනය කරන අතර, සමහර අධිකරණයක් ඊට වඩා වෙනස් ප්‍රතිපත්ථියක් අනුගමනය කරණ අවස්ථාවන් දකින්න පුලුවන්.ඒ හේතුව නිසා සමහර දිසා අධිකරණයකින් වඩා ඉක්මනින් දික්කසාදයක් ලබා ගන්න පුලුවන් අතර තවත් අධිකරණයකින් දික්කසාදයක් ලබාගන්න ඊට වඩා වැඩි කාලයක් මිඩංගු කරන්න සිද්ධ වෙනවා. ඒ පිළිබදව ඔබෙ නිතිඥ මහතාගෙන් වැඩි දුරටත් තොරතුරැ ලබා ගන්න.

සාමණ්‍ය දල අදහසක් ලබා ගැණිම සදහා මෙම කරැණු වැදගත් වනු ඇත.
සාමාණ්‍යයෙන් එක් නඩු වාරයක් මාස 03 ත් 04 ත් අතර කාලයකට වන අධිකරණයක, අවම වශයෙන් වසරක කාලයකින් දික්කසාදයක් ලබාගැනිමෙ, අවකාශයක් ඇත. මෙම කාලය අවම කාලය වන අතර උපරිම කාලය අවිනිස්චිත කරැණකි. උපරිම කාලය නඩුවෙ ඉල්ලා ඇති ඉල්ලිමි හා ස්වභාවය මතත්, නඩුව තරග කිරිම හෝ නොකිරිම මතත් රදා පවතින කරැණකි. තත්වය මෙසේ වුවත් බොහොමයක් දික්කසාද නඩු අඩු කාලයකින් අවසන් කිරිමෙ හැකියාවක් පවතින අතර ඒ පිළිබදව මුල් අවස්ථාවෙම ඔබෙ නිකිඥ මහතාගෙන් විමසා සිටිමට කටයුතු කරන්න.

දික්කසාද නඩුවක් අධිකරණයේ ගොනුකලායින් පසු ආයෙමත් කසාදයක් කර ගන්න පුලුවන් කවදාද?
දික්කසාද නඩුවක එක්තරා අවස්ථාවක අධිකරණය විසින් නෛසයි තින්දු ප්‍රකාශය නමින් හදුන්වනු ලබන තින්දු ප්‍රකාශයක් දානය කරණු ලබයි. මෙම තින්දු ප්‍රකාශය පිළිබදව දැන්විම අනිත් පාර්ශවයට පිස්කල් මාර්ගයෙන් හෝ විවෘත අධිකරණයේ භාර කරවිම කල යුතුය. එසේ බාර දුන් දින සිට මාස 03 ක් ඉක්මගිය පසු. අධිකරණය මගින් මෙම නෛසයි තින්දු ප්‍රකාශය නියත තින්දු ප්‍රකාශයක් බවට පමුණුවනු ලබයි. එම මොහොතේ පටන් ඔබට නැවතත් විවාහයක් සිදු කර ගැනිමෙ අවකාශය ලැබෙ. නෛසයි තින්දුව නියත කිරිමට පෙර ඇතිකර ගනු ලබන විවාහයන්ද,  ද්වි විවාහය යන වරදට ඇතුලත් වනු ඇත.

දික්කසාද සහතියක කියල දෙයක් තියෙනවාද?
කසාද සහතිනය වගේ පොතකින් ඉරල දෙන ලස්සන කොලයක් දික්කසාද යේදි ලැබෙන්නේ නැ.දික්කසාද සහතිකය කියන්නේ, දික්කසාද විම සමිබන්ධයෙන් පවරනු ලැබු නඩුවෙදි නිකුත් කල නෛයිසයි තින්දුවෙ හා නියත තින්දුවෙ සහතික පිටපතට.මෙම තින්දු තමාගේ නිතිඥ මහතා විසින් නඩු කටයුතු අතර අධිකරණයේ ගොනු කිරිම සිදු කරන අතර නියමිත ගාස්තුවට යටත්ව ඉන් පිටපතක් ඔබට ලබාගත හැක. ඒ සමිබන්ධයෙන් ඔබගේ නිතිඥ මහතා ඔබට උපදෙස් සපයයි.

මෙ තමයි දික්කසාදයක් ගැන ඔබ උනන්දු වෙනවා නමි සාමාණ්‍ය වශයෙන් ඔබගේ නඩුව පිළිබදව ඔබට තිබිය යුතු පරිචය.ඉන් පසු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කරැණු කිහිපයත් සමග මෙම ලිපි පෙලේ දික්කසාදය යන මැය නිමාවට පත් වෙන්න නියමිතයි.

 

Monday, August 09, 2010

දික්කසාදයක් ලබාගන්නේ කෙසේද? (04 කොටස)


කලින් ලිපියෙන් කරැණු ඉදිරිපත් කලේ දික්කසාද නඩුවක් සදහා මොන තර‍මෙ වියදමක් දරන්න සිද්ධ වෙනවාද  කියන එක ගැනයි. දික්කසාද නඩුවක් පවරන්නේ කොහොමද කියන කාරනාව ගැනයි. මෙම ලිපියෙන් තවත් වැදගත් කරැණු කිහිපයක් ගැන අවධානව යොමු කිරිම වැදගත් කියල හිතනවා.

දික්කසාද නඩුවකින් ලබාගන්න පුලුවන් දික්කසාදය විතරමද?
පිළිතුර දික්කසාදය විතරක්ම නෙමෙයි කියන එකයි. දෙදෙනෙක් විවාහ වි අවුරැදු 10 ක් එකට එක්ව වාසය කලා යැයි හිතමු. මෙම වසර 10 ක කාලය තුල දෙදෙනා විසින්ම මුදල් යොදා සාදන ලද නිවසක් තිබිමට හැකියාව ඇත. දෙදෙනාට උපන් දරැවන් සිටිමෙ හැකියාව ඇත. දෙදෙනා විසින් දෙදෙනාට දෙන ලද වටිනා ත්‍යාගයන් තිබිමෙ හැකියාව ඇත. වසර 10 කාලය තුල විවාහය යන ගිවිසුම මත දෙදෙනා විසින් එක්ව අත්පත් කර ගන්නා ලද දේපළ බොහෝමයක් තිබිමෙ හැකියාවක් ඇත.ඒ අනුව මෙ එක් එක් කරැණක් සමිබන්ධයෙන් දික්කසාද නඩුවක් අතර තුර වන්දි මුදල් ලබාගැනිම, දරැවන්ගේ භාරකාරත්වය ලබාගැනිම, ස්ථිර දික්කසාද දිමනාවක් ලබා ගැනිම, අතුරැ දික්කසාද දිමනා ලබා ගැනිම,දේපළ සමිබන්ධ නියෝග ලබාගැනිම ආදිය සමිබන්ධයෙන් දික්කසාදය හා බැදි අතුරැ ඉල්ලිමි රැසක් තිබිය හැක.

බාලවයස්කාර දරැවන්ගේ භාරකාරත්වය.

බාලවයස්කාර දරැවන්ගේ ඉහලම භාරකරැ අධිකරණය ලෙස නිතියෙන් නියම කර ඇත. දික්කසාද නඩුවකදී දරැවෙකුගේ උපරිම සුභසිද්ධිය සැලසෙන්නේ කිනමි පාර්ශවයක් වෙත දරැවා රදාවාගැනිම මතද කියා අධිකරණය සැහිමකට පත්ව දික්කසාදයත් සමග දරැවාගේ භාරකාරත්වය එක් පාර්ශවයක් වෙත පැවරිමට හැකියාව ඇත. එබදු අවස්ථාවක අනිත් පාර්ශවයට දරැවා සමිබන්ධයෙන් සාධාරණ ප්‍රවෙශයක් ඉල්ලා සිටිමෙ අවකාශය ඇත. දරැවා සමිබන්ධයෙන් දික්කාසද වන යුවල අතර එකගකාවයක් පවතින විට අධිකරණයට ඒ බව දැනුමි දිමෙන් දරැවාගේ භාරකාරත්වය පාර්ශවයන් කථිකා කර ගන්නා පරිදි ලබා ගත හැක. සාමාණ්‍යයෙන් දිසා අධිකරණයේ ස්වරැපය වන්නේ අදාල පාර්ශවයන් විසින් ඉල්ලා සිටින දෙය පමණක් ලබා දිම අධිකරණය මගින් සිදු කිරිමයි. දරැවන් සමිබන්ධයෙන් දික්කසාද පැමිණිල්ලේ ඉල්ලිමක් කර නොමැති අවස්ථාවදී දරැවන්ගේ භාරකාරත්වය සමිබන්ධව අධිකරණය මගින් නියෝගයක් නොකර සිටිය හැක. එබදු අවස්ථානදි පසු කාලිනව දරැවන්ගේ භාරකාරත්වය පිළිබදව ගැටලු ඇතිවුවහොත්, නැවතත් භාරකාරත්ව නඩුවක් පවරා එය ලබා ගැනිමට කාලයත් මුදලුත් වැය කිරිමට සිදුවන බැවින්, දික්කසාදය අවස්ථාවෙම දරැවන්ගේ භාරකාරත්වය සමිබන්ධයෙන් නියෝගයක් ලබා ගැණිම වැදගත් කරැණක්. භාරකාරත්වය සමිබන්ධයෙන් අධිකරණයට නියෝගයක් කල හැක්කේ අවුරැදු 18 ට අඩු දරැවන් සමිබන්ධයෙන් පමණි. මෙහිදිත් අවුරැදු 14ට අඩු දරැවන් සමිබන්ධයෙන් අධිකරණය විශේෂ අවධානයක් යොමු කරණු ලබයි. ඒ අනුව අවුරැදු 18ට වැඩි දරැවන්ට දික්කසාදයෙන් පසු පියා හෝ මට හෝ ලග හෝ වෙන කවර අයෙකු වෙත හෝ සිටිමෙ හැකියාවක් ඇත.

ස්ථිර දික්කසාද දිමනාව

වලංගු විවාහයක් පවතින තුරැ ස්වාමිපුරැශයා හෝ භාර්‍යාව අතරින් වත්කමි ඇති තැනැත්තා ආදායමක් උපයාලැනිමට නොහැකි පාර්ශවයට පරිපෝෂන සැපයියි යුතුයි යන්න නඩත්තු නිතියේ අන්තර්ගත කරැණක්. මෙ සමිබන්ධයෙන් නඩත්තු නඩුවක් දමාගන්නා ආතාරය ගැන තොරතුරැ
මිට පෙර නඩුත්තු නිතිය සමිබන්ධ ලිපියක සදහන් කර ඇත. දික්කසාදයට පෙර දරැවන් හා බිරිද යන දෙදෙනා වෙතම නඩත්තු නඩුවක් පවරා ඇති අවස්ථාවක නඩත්තු මුදල් ගෙවන ස්වාමිපුරැෂයෙක් සමිබන්ධයෙන් සලකා බැලු විට, දිසා අධිකරණයක දික්කසාද නඩුව හමාර විමත් සමගම බිරිද සමිබන්ධයෙන් නඩත්තු මුදල් ගෙවිමට ඇති වගකිමෙන් ඔහු නිදහස් වෙයි. නමුත් වයස අවුරැදු 18ට අඩු දරැවන් වයෝපුර්ණත්වයට පත්වන තුරැ ඔහු නඩත්තු මුදල් සැපයිය යුතුයි. දික්කසාදය අවස්ථාවෙදි අවිහිංසක පාර්ශවයට වරදකාරි පාර්ශවයෙන් දික්කසාදයත් සමගම ස්ථිර දික්කසාද දිමනාවක් ඉල්ලා සිටිය හැක.මෙය ඉල්ලා සිටින්නේ තමගේ විවාහ දිවිය පැවතුනානමි තමාට අත්ව තිබිය යුතු සමාජතත්වය ආදියත්, දික්කසාද විම නිසා තමන්ට සිදුවු මානසික හා භෙතිකමය හානි සදහාත්ය.දික්කසාද දිමනාව යනු මෙයයි.

වන්දි
දික්කසාදය ලබා ගැනිමෙ පදනම අනාචාරය වන අවස්ථාවකදී, සම විත්තිකරැවෙකුගෙන් තම සිවාමිපුරැෂයා හෝ බිරිද සමග අනාචාරයේ හැසිරි තමාගේ විවාහ දිවිය අවසන් කිරිම සමිබන්ධයෙන් වන්දි මුදල් ඉල්ලා සිටිය හැක.
දේපළ සමිබන්ධ නියෝග
මුල්කාලිනව දේපළ සමවාය නමින් හදුවනු ලැබු නිති තත්වයක් පැවතිනි. එයින් අදහස් වන්නේ ස්වාමිපුරැෂයා හා බිරිද විසින් විවාහ කාලය තුල අත්පත් කරගන්නා දේපළ එක් මුලුවකට වැටෙනා බවයි. නමුත් වර්ථමානයේ දේපළ සමවායක් නැත. ඒ අනුව විවාහය තුලත් ස්වාමිපුරැෂයාට හා බිරිදට වෙන වෙනම දේපළ දැරිමෙ හැකියාවක් තිබෙ.උදාහරනයක් ලෙස ගුරැවරියක ලෙස මසකට ස්ථිර ආදායමක් ලබන බිරිදක් ඇති විට හා ව්‍යාපාරික ස්වාමිපුරැෂයෙක් ඇති විටදී,බිරිදගේ වෙතනය ඇගේ පුද්ගලික ආදායමක් වන අතර ස්වාමිපුරැෂයාගේ ආදායම ඔහුගේ පුද්ගලික ආදායමකි. ස්වාමිපුරැෂයාට කසාදය යන පදනම මත සිට බිරිදගේ පඩිය බලෙන් ලබාගැනිමට අයිතිවාසිකමක් නැත. නමුත් ආදරය හා විවාහ දිවියේ වෙනත් සංකල්පනා මත අන්යෝන්‍ය එකගතාව මත එම මුදල් පොදුවෙ පරිහරනය වන බව අපි දන්නා කරැණක්. දෙදෙනාම ඒක්ව මුදල් යොදා නිවසක් සාදා ඇති අවස්ථාවක, දික්කසාදය අවස්ථාවෙ. සමථයකට එලැබ දෙපාර්ශවය කථිකා කර ගන්නා පරිදි එම දේපළට සුදුස්සක් කිරිමට හෝ. නිසි විමසිමකින් අනතුරැව එනමි නඩු විභාගයන් අනතුරැව නිවසේ දේපළ සුදුසු පරිදි බෙදා වෙන් කිරිමට අධිකරණයට නියෝග කල හැක.අදාල අවස්ථානු ගත කරැණු මත ඉහත අවස්ථාවන් සදහා ඔබගේ ගැටලුවට පිලිතුර ඔබගේ නිතිඥ මහතා වෙතින් දැනගන්න.

ඊලග  ලිපියෙන් දික්කසාදය ගන්න යන කාලය ගැනත්, ආයෙත් කසාදයක් කර ගන්න පුලුවන් කවදාද ගැනත් කරැණු බලාපොරොත්තු වන්න

Sunday, August 08, 2010

දික්කසාදයක් ලබාගන්නේ කෙසේද? (03 කොටස)

දික්කසාදයක් ලබාගන්නේ කෙසේද?
මෙම බිලොගයේම විවාහය නැමති ලිපිය යටතේ විවාහයක් සිදු කරණ ආකාරය ගැන විස්තර ඉදිරිපත් කරල තියෙනවා. බලයලත් විවාහ රෙජිස්ට්‍රාර් වරයෙකු ඉදිරියේ හරි, පල්ලියක පුජකවරයෙකු ඉදිරියේ චාරිත්‍රානුකුලව විවාහය සිදු කිරිමෙන් අනතුරැව අදාල විවාහ සහතිකයේ එම සහතික කරණු ලබන පුජක තැන හෝ රෙජිස්ට්‍රාර්වරයා ත් විවාහයට එලබෙන දෙදෙනාත්, ස‍ාක්ෂිකරැවන් දෙදෙනෙකුත් විසින් අත්සන් කිරිමෙන් අනතුරැව  එම මොහොතේ සිට ඔවුන් අතර නිතියෙන් වලංගු විවාහ ගිවිසුමක් පවතියි. රැපියල් 200 කටත් අඩු මුදලක් වියදමි කර මෙම විවාහ විම සිදුකල හැකි වුවත්, මෙලෙස වංලංගු විවාහයක් සන්ස්ථාපනය වු පසු, එය අවලංගු කල හැකි වන්නේ, දිස්ත්‍රික් උසාවියක පවරණු ලබන දික්කසාද නඩුවක් මගින් පමණි.

රෙජිස්ට්‍රාර් කන්තෝරැවෙ විවාහ විමෙන් අනතුරැව, දෙදෙනා වෛවාහක නිවසක් පිහිටුවා නොගෙන වෙන වෙනමම නිවෙස් වලට ගොස් වාසය කල අවස්ථාවන්ද බොහොමයක් ඇත. මෙබදු විවාහ පරිපුර්ණ නොකල විවාහ වශයෙනුයි හදුන්වන්නේ. මෙ විදියේ විවාහයක් වුනත් ඔවුන් අතර වලංගු කසාද සහතිකයක් පවතින නිසා දිසා අධිකරණයේ පවරණු ලබන දික්කසාද නඩුවක් මගින් අවලංගු නොකරන තාක් ඔවුන් අතර වලංගු විවාහයක් තවදුරටත් පවතියි.

ද්වි විවාහය
මෙසේ තිබියදී නොදැනුවත්භාවය මත දෙවන වරටත් විවාහවුවහොත්, අදාල පාර්ශවය ශ්‍රී ලංකා  දණ්ඩ නිති සංග්‍රහයේ 362 ආ වගන්තිය යටතේ ද්වි විවාහය නමි වරද සිදුකරණු ලබන අතර. පොලිසියට එම කරැණ කිසිවෙකු හෝ පැමිණිලිකලහොත් මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරැද්ධව නඩු පැවරිම කරණු ලබයි. මෙම වරද සදහා දඩුවම වන්නේ වසර 07 ක් සදහා ලිහිල් හෝ බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කිරිම සහ දඩයක් යන්න වෙ. මෙම දඩුවම ක්‍රියාත්මක කිරිමෙදි මහෙස්ත්‍රාත් වරයෙකුට පුලුල් අභිමතයක් පවතින බව ඔබට පෙනි යනු ඇත. ප්‍රායෝගිකව දක්ෂ නිතිඥවරයෙකුට එබදු තැනැත්තෙක් වෙනුවෙන් කරැණු ඉදිරිපත් කර දඩුවම අඩුකිරගැනිමෙ හැකියාවක් පැවතියද, අවස්ථානුගත කරැණු හා මහේස්ත්‍රාත් වරයාගේ අභිමතයද මෙහිදි ක්‍රියාත්මක විම නිසා තත්වය දරැණු විමට ඉඩ තිබෙ.

කෙසේ වුවද වලංගු විවාහයක් පවතින අතරතුර ඇතිකර ගනු ලබන දෙවන විවාහයක් ශුණ්‍ය හා බල රහිත එකක් වන අතර එහි බිරිදට නඩත් සදහා හෝ අයිතිවාසිකමක් නොමැත. එබදු විවාහයකින් උපදින දරැවන්ද අවිවාහජ දරැවන් ලෙස සැලකේ. එබදු විවාහයක දරැවන්ට අදාල ද්විවිවාහිකයාගේ දේපළ සදහා හෝ හිමිකමක් නොලැබෙ.ඒ දිවි විවාහය ගැන කරැණු ස්වල්පයක්.

දික්කසාද නඩුවෙ ස්වභාවය

ඊලග වැදගත් කරැණ තමයි, දික්කසාද නඩු කියන ඒවා පොලිසිය මගින් පවරණ අපරාධ නඩු මෙන් නොව, අපි විසින් මුදල් ගෙවා දිසා අධිකරණයක ගොණු කල යුතු සිවිල් ස්වභාවයේ නඩුවක් විම. සිවිල් අධිකරණයක නිතිඥ වරයෙකුගෙන් තොරව දික්කසාද නඩුවක් පැවරිම කිරිම ඉතා අපහසු කටයුත්තක්. තමාගේ නඩුව සදහා තමාට පෙනි සිටිමට අවකාශය පනතින් සලසා ඇතත්.කිසිදු විටක තමා නිතිඥයෙකු වන්නේ නමි සහ ප්‍රායෝගික ලෙස නිතිඥ වෘත්තියේ නියලෙන නිතිඥයෙකු වන්නේ නමි මිස, අන් කිසිවෙකුට මෙලෙස තමාගේ නඩුවට තමාම ඉදිරිපත්විම නිර්දේශ නොකෙරේ.මන්ද යත් එය ප්‍රායෝගික නොවන කරැණක් වන බැවිණි.

දික්කසාද නඩුවක් ෆයිල් කරන්නේ කොහොමද?
ඔබට දික්කසාද විමට අවශ්‍ය වන්නේ නමි මුලින්ම ගොස් නිතිඥ මහතෙකු හමුවන්න.කිසිදු කරැණක් නොසගවා සමිපුර්ණ සත්‍ය පැවසිමට වගබලාගන්න නිතිඥ මහතුන් තමාගේ සේවාදායකයින් ආරක්ෂා කිරිමටත්, ඔවුන්ගේ තොරතුරැ වල රහස්‍ය භාවය ආරක්ෂා කිරිමටත් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පනවන ලද රිති වලින් බැදි සිටින බැවින්. ඔබෙ තොරතුරැ වලට පුර්ණ ආරක්ෂාවක් ඇත.ඔබ මුනගැසිමට යන නිතිඥ මහතා දික්කසාද නඩු සමිබන්ධයෙන් කටයුතු නොකරන්නෙක් නමි ඔහු ඔබව සුදුසු වෙනත් නිතිඥයෙකු වෙත යොමු කරණු ලබයි. දික්කසාද නඩුවක් පැවරිය යුත්තේ ඔබ හෝ ඔබ දික්කසාද වන්නට යන පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ දිසා අධිකරණයේදියි.  

දික්කසාද නඩුවකට මොන තරමි වියදමක් දරන්න සිද්ධ වෙයිද?
දික්කසාද නඩුවක් යනු පෞද්ගලික ස්වභාවය ඇත්තාවු නඩුවක් බව කලින් සදහන් කරන ලදි. ඒ අනුව මෙ සදහා ඔබ විසින් පුද්ගලිකව වියදමි දරා පැමිණිල්ලක් සාදා එම පැමිණිල්ල අධිකරණයේ ගොනුකල යුතුයි. ඔබ නිතිඥ මහත්මයෙකු හමුවිමට ගිය විට, ඔබ වෙනුවෙන් දික්කසාද නඩුවක් පවරා පවත්වාගෙන යාම සදහා එම නිතිඥ මහතාට බලය පවරණ පෙරකලාසිය නමි ලිපියකට අත්සන් කිරිමට සිදුවනු ඇත. එම ලිපියට අත්සන් කල පසු නිතිඥ මහතා තමා වෙනුවෙන් නඩු පැවරිම සිදුකරණ අතර,එම පෙරකලාසිය අවලංගු කරන තුරැ එම නඩුව අධිකරණයේ අඩගසනු ලබන්නේ එම නිතිඥ මහතාගේ නමින් හා අංකයෙනි. ඔබගේ එම නිතිඥ මහතා හදුන්වනු ලබන්නේ ලේඛනගත නිතිඥ වශයෙනි. එම නිසා වලංගු පෙරකලාසියක් පවතින විට ඔබට වෙනත් නිතිඥයෙකු එම නඩුව සදහාම පත්කල නොහැකි අතර ලේඛන ගත නිතිඥවරයාට ඔබ වෙනුවෙන් නඩු විභාග සදහා හෝ වෙනත් යමි කරැණක් සදහා ජේශ්ඨනිතිඥවරයෙකු පත්කර ගැනිමට හැකියාව ඇත. අධිකරණයට ඉදිරිපත් කරණ සැම ලේඛනයක් සදහා ඔබට රජයට යමි මුදලක් ගෙවිමට සිදු වන අතර, ඔබවෙනුවෙන් නඩුව පවත්වාගෙන යෑම සදහා ඔබ විසින් පත්කර ගන්නා නිතිඥ මහතාගේ අයකිරිමත්, ජේශ්ඨනිතිඥවරයෙකු පත්කරගතහොත් ඔහුගේ අයකිරිමත් ඔබට ගෙවිමට සිදුවන් ඇත.

ඊලග ලිපියෙන් දික්කසාද නඩුවකදී ලබාගන්න පුලුවන් දික්කසාදයක් විතරමද කියන කරැණ විමසා බලමු.

Saturday, August 07, 2010

දික්කසාදයක් ඉල්ලා සිටිය හැකි කරැණු (02 කොටස)

පසුගිය ලිපියෙන් මෙම ලිපිය සදහා අවශ්‍ය වන පසුබිම මෙ වන විට සැකසි ඇති නිසා, අද දින කරැණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ දික්කසාදයක් ලබා ගැනිමට අවශ්‍යවන එහෙමත් නැත්නමි තෘප්ත කරන්න ඔන කරැණු මොනාද කියන එකයි. කලින් ලිපියෙන් සදහන් කලා ලංකාවෙ දික්කසාදයක් ලබාගන්න නමි එසේ ලබාගත හැක්කේ පහත කරැණු 03 මත පමණයි කියා. ඒවා නමි,


 
01)ද්වෙශසහගත ලෙස අතහැර දැමිම හෝ අනුමිත ද්වෙශසහගත ලෙස අතහැර දැමිම
02)අනාචාරය
03)ලිංගික බෙලහිනතාවය යන කරැණු

01)ද්වෙශසහගත ලෙස අතහැර දැමිම  කියන්නේ මොකද්ද?
මෙහි වචනාර්ථය සලකනවා නමි ද්වෙශය ජනනය වන විදියට අතහැර දැමිම යන්න ප්‍රකාශ වන බව ඔබට පැහැදිලි වනු ඇත. ස්ත්‍රියක් හා පුරැෂයෙක් විවාහ වු පසු ඔවුනොවුන්ගේ ලිංගික අවශ්‍යතාවන් ඉශ්ඨ කල යුතුයි යන්න කලින් ලිපියේ සදහන් කල පරිදි එකගවන කොන්දේසියක්. යමි  අයෙක් ‍රෝගි තත්වයක් හෝ වෙනත් සාධාරණ හේතුවකින් තොරව ද්වෙශසහගත ලෙස හිතාමතාම තම සහකරැ සමග ලිංගිකව හැසිරිම සාධාරණ කාලයක් තුල ප්‍රතික්ෂේප කරයි නමි, මෙය ද්වෙශසහගත ලෙස අතහැරදරමිමක් ලෙස හදුන්වන්න පුලුවන්. තවද,

විවාහ දිවිය තුල ස්වාමිපුරැෂයාට හෝ බිරිදට ඔවුනොවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකමි ඉටු නොකර ඒවා පැහැරහරිමින් තවදුරටත් විවාහ දිවියක් ගත කිරිමෙ අපේක්ෂාවෙන් තොරව කටයුතු කරයි නමි. එනමි වාසයෙන් හා සහ වාසයෙන් වෙන්ව සිටි නමි මෙයද ද්වෙශසහගත ලෙස හැර දැමිමකි.

විවාහ විමෙන් පසුව පවුලක් වශයෙන් එක්ව වාසය නොකර වෙන වෙනම වාසය කිරිමද ද්වෙශසහගත ලෙස හැර දැමිමකි.මෙබදු තවත් අවස්ථාවන් ගනනවාක් පවතිනවා. එම අවස්ථාවන්ද අවස්ථානුරැපිව ද්වෙශසහගත ලෙස හැර දැමිම යන වෛවාහක වරද ස්ථාපනය වන ලෙස ගලපාගන්න පුලුවන්.

මිට අමතරව,එක්ව වාසය කරන විවාහක යුවලක් අතර එක් අයෙකුගේ ද්වෙශසහගත ක්‍රියාකලාපය නිසා අනිත් තැනැත්තාට වෛවාහක නිවසේ (එනමි විවාහ විමෙන් පසු විවාහ දිවිය ගතකරන නිවස) රැදි සිටිමට තවදුරටත් නොහැකි අවස්ථාවක් ඇතිවිය හැක. එනමි නිවසින් එලවා නොදැමිමත් පිටවි යන තැනට වැඩ කිරිම, තව දුරටත් රැදි සිටියහොත් තම ජිවිතයට හානි වෙය යන බියආදි කරැණු මත එක් පාර්ශවයක් අනිත් පාර්ශවය හා වාසය කරන වෛවාහක නිවස හැර ආ විටකදී එම පාර්ශවයට අනුමිත ද්වෙශසහගත ලෙස හැරදැමිමය යන පදනම මත දික්කසාදයට ඉල්ලුමි කල හැකියි. ඒ කියන්නේ සරලව කියනවා නමි. "සෘජු ලෙසම තමාව නිවසින් එලියට නොදා,යන තැනට වැඩ සැලැස්සුවා නමි" යන කරැණයි. ගැමි වහරේ පල නොකියා පළා බෙදනවා කියන්නේ මෙකටයි.

02)අනාචාරය කියන්නේ මොකද්ද?
තහනමි ඥාති සමිබන්ධතා ඇති අයවලුන් හැර, ව්‍යවස්ථාපිත නිති මගින් සංස්ථාපනය කර ඇති වරදවල් වලට හසු නොවන සේ (ගණිකා නිවාස ආඥා පනත ආදිය) වයෝ පුර්ණත්වයට පත් පුද්ගලයන්ට තමා හා එකග වන ඔනැම අයෙකු හා ලිංගික සංසර්ගයේ යෙදිම ලංකාවෙ නිතියෙන් තහනමි කර නැත. නමුත් යමි අයෙක් විවාහක පුද්ගලයෙකු වන විට එම පුද්ගලයා තමා නිතියෙන් විවාහ වු ස්වාමිපුරැෂයා හා බිරිද හැර වෙනත් අයෙකු හා ලිංගික සංසර්ගයේ යෙදෙමින් සිටි නමි, එයට කියනුයේ අනාචාරය කියාය. අනාචාරය යන්න ලංකාවෙ වරදක් නොවෙ. ඔනැම අයෙකුට අනාචාරයේ හැසිරිය හැක. නමුත් අනාචාරයේ හැසිරිම මත, නිර්දෝෂි පාර්ශවයට අනාචාරයේ හැසිරෙන තම ස්වාමිපුරැෂයාගෙන් හෝ බිරිදගෙන් දික්කසාදය අනාචාරය නමි පදනම මත ඉල්ලා සිටිය හැකි අතර. තමාගේ පවුල් ජිවිතය විනාශ කිරිම සමිබන්ධයෙන් තම ස්වාමිපුරැෂයා හෝ බිරිද සමග අනාචාරයේ හැසිරැන අන් පාර්ශවයෙන් වන්දි ඉල්ලා සිටිය හැක.

ද්වෙශසහගත හැරදරමිම මෙන් නොව අනාචාරය මදක් ඉහල පදනමක් වන අතර එබදු දික්කසාද නඩුවක අනාචාරයේ යෙදෙන තම ස්වාමිපුරැෂයා
හෝ බිරිදට අමතරව ඔහු හෝ ඇය සමග අනාචාරයේ හැසිරෙන අනිත් තැනැත්තා ද පාර්ශවකරැවෙකු කල යුතුය. ඔහුට කියන්නේ සමවිත්තිකරැ කියාය.

තවද මෙම පදනම මත ගන්නා දික්කසාද නඩුවක අනාචාරයේ යෙදුනේ කොහේදිද, කුමන කාල පරාසයක් තුලද යනාදි වශයෙන් ඔප්පු කල යුතු කරැණු රාශියක් පවතින බැවින් ද්වෙශසහගත ලෙස හැරදැමිමට වඩා මෙය මදක් ඉහල පදනමක් බව පැවසුයේ එබැවිනි.

03)ලිංගික බෙලහිනතාවය කියන්නේ මොකද්ද?
මුල් පදනමි දෙක වගේම ලිංගික බෙලහිනතාවය කියන පදනම මතත් ලංකාවෙ දික්කසාදයක් ලබාගැනිමෙ හැකියාව තිබෙනවා. එනමි තමාගේ විවාහිකයා සමග ස්වභාවධර්මයට අනුකුලව ස්වභාවික ලෙස ලිංගික සංසර්ගයේ යෙදිමට නොහැකිවිම හෝ, විකෘතිතාවයක් පැවතීම හෝ, නොහැකියාවක් ඇති බවයි. මෙහිදි වැදගත් කරැණ වන්නේ මෙම බෙලහිනතාවය යන්න විවාහවිමට පෙර සිටම පැවතිය යුත්තක් විමයි. විවාහවිමෙන් පසු අනතරක් හෝ රෝගි තත්වයක් මත ඇතිවන ලිංගික බෙලහිනතාවයක් මත මෙම පදනම යටතේ දික්කසාද ඉල්ලා සිටිය නොහැකියි.

නිසි අධිකාරිය ඇති වෛද්‍යවරයෙකුගෙන් ලබාගන්නා ලද විසේසඥ සාක්ෂි මත මෙම පදනම සනාථ කල හැක.

දරැවන් නොමැති විම ලිංගික බෙලහිනතාවයක් ද?

ලිංගික බෙලහිනතාවය යනු ස්වභාවික ලෙස ලිංගික සංසර්ගයේ යෙදිමට නොහැකි විම මිස දරැවන් නොලැබි යාම නොවෙ. එම නිසා දරැවන් නැතැයි කියා දික්කසාදය ලබාගත නොහැක.‍

එක් ප්‍රායෝගික අවස්ථාවකින්  ඉහත දික්කසාදය ලබාගැනිමෙ පදනමි සියල්ල පහදාගත හැකි වනු ඇත.
එක්ව වාසය කරන ස්වාමිපුරැෂයෙකුහා බිරිදක් අතරින් ස්වාමිපුරැෂයාට සමාජ රෝගයක් සැදුනා යැයි සිතමු. මෙහිදි මෙම රෝගය තමාටත් සැදේ යැයි ඇතිවු බිය නිසා තමා ස්වාමිපුරැෂයා හා ලිංගිකව සංසර්ගයේ යෙදිම ප්‍රතික්ෂේප කරන අතර ස්වාමිපුරැෂයා එය සුව කර ගැනිමට බෙහෙතක් හෝ නොගන්නා විටකදී හා තමාටත් එම රෝගයෙ බො කිරිමෙ අදහසින් කටයුතු කරයි නමි එම හේතුව නිසා වාහක නිවස අතහැර යන බිරිදකට අනුමිත ද්වෙශසහගත අතහැරයාමෙ පදනම යොදා ගත හැක.

ස්වාමි පුරැෂයාට මෙම රෝගය වැලදුනේ වෙනත් කාන්තාවක් හා දිගින් දිගටම අනාචාරයේ හැසිරිම නිසා නමි, ස්වාමිපුරැෂයාට එදිරිව අනාචාරය යන පදනම මත දික්කසාදය ලබාගත හැක.

තමාව විවාහ කරගන්නා විටම ස්වාමිපුරැෂයාට සමාජරෝගයක් වැලදි ලිගුව ඉවත් කර ඇති අතර එම නිසා ඔහු හා ස්වභාවික ලෙස ලිංගික සංසර්ගයේ යෙදිය නොහැකි නමි ලිංගික බෙලහිනතාවය උපයෝගි කර ගත හැක.

සමාජරෝගයක් සැදිම නිසා ස්වාමිපුරැෂයා තමාව හැර දමා ගොස් ඇති අතර තව දුරටත් තමා හා විවාහ දිවියක් ගත කිරිමට අපේක්ෂා නොකරන විට ද්වෙශසහගත ලෙස හැරදැමිමෙ පදනම මත දික්කසාදයක් ලබාගත හැක.

යමි පාර්ශවයකට ඇති ඔනැම ගැටලුවක් ඉහත දික්කසාදය ලබාගැනිමට හේතුවන්නාවු කරැණු 04 ට ගැලපිමට නිතිඥ මහතුන්ට හැනියාවක් ඇත. එබැවින් දික්කාදය ලබාගැනිමට ලංකාවෙ ඇත්තේ පදනමි 03 ක්ය යන්න ගැටලුවක් වන්නේ නැත.

ඉහතින් දක්වන ලද අවස්ථාව ඉදිරිපත් කරණු ලැබුයේ දල අදහසක් ලබා දිමෙ අරමුනෙනි. ඊලග ලිපියෙන් දික්කසාද නඩුක් පවරන්නේ කොහොමද? පවරන්න ඔන කොහේද කියල කරැණු බලාපොරොත්තු වන්න.

Friday, August 06, 2010

දික්කසාද වෙන්න ඔන නමි මෙන්න ඒ සදහා උපදෙස්. (01 කොටස)


ටික කාලෙකට පස්සේ ලද විවෙකයේ දී දික්කසාදයක් ලබා ගන්නේ කොහොමද කියල කරැණු ඉදිරිපත් කරන්න ඔන කියල හිතුවා. අපි කවුරැත් කැමති ස්වාධින මිනිස්සු විදියට ජිවත් වෙන්න. එත් සමාජයේ ජිවත් විම සදහා පවුල් ඒකකයක් ගොඩනගා ගැනිමෙ අවශ්‍යතාවයo ශිෂ්ඨාචාරය තුල දිගින් දිගටම පැවති අවශ්‍යතාවයක්. මිනිස්සු කසාද බදින්නේ එක නිසයි. ලංකාව තුල මුල්කාලිනව කසාදය සමිබන්ධ සමාජානුගත වු චාරිත්‍ර පද්ධතියක් විනා කසාද ලියාපදිංචි කිරිමක් පැවතියේ නැත. 1815 වන විට උඩරැටියන් විසින් ආවාහ විවාහ  සමිබන්ධයෙන් යොදා ගන්නා ලද නිතිය විශේෂ නිතියක් වශයෙන් පසුව සංගෘගිත කරණු ලැබුවා. ඒ අනුව උඩරැටියන්ට උඩරට නිතිය යටතේ හෝ සාමාණ්‍ය විවාහ ආඥා පනත යටතේ විවාහ විය හැකි අතර, උඩ රැටියන් නොවන අන් පුදුගලයන්ට සාමාණ්‍ය විවාහ පනත යටතේ විවාහ විය හැක. මිට අමතරව මුස්ලිමි පුද්ගලයන් සදහා විශේෂ නිති ඇත. සිංහල හෝ වෙවා මුස්ලිමි හෝ වෙවා ද්‍රවිඩ හෝ වෙවා උඩරැටියෙකු වුවද මෙම සැම පුද්ගලයෙකුම කවර ආකාරයෙන් හෝ කරණු ලබන සැම විවාහයක්ම ලියාපදිංචි කල යුතු බව දක්වා ඇත.මෙම ලිපියේ කරැණු ඉදිරිපත් කරණුයේ 1907 අංක.19 දරණ සාමාණ්‍ය විවාහ ආඥාපනතේ ප්‍රකාරව ඇතිකර ගන්නා ලද විවාහයක් දික්කසාද කර ගන්නේ කෙසේද යන්න පිළිබදවයි. ඒ කියන්නේ කවුරැත් කරනවා වගේ කසාදයක්,  දික්කසාද කරන්නේ කොහොමද .කියන එකයි.

මෙම ලිපි කිහිපය සැකසිමෙදී නිතිය උපුටා දැක්විමට වඩා, සියළු දෙනාටම තේරැමි යන පරිද්දෙන් ප්‍රායෝගික කරැණු රැසක් පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා දිමට උත්සහ කරණු ලැබෙ. එබැවින්මෙම ලිපි කිහිපය ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

කසාදයක් කියන්නේ මොකද්ද කියන එකත් කසාදයක් බදින්නේ කොමහාමද යන කරැණත් පිළිබදව සමිපුර්ණ විස්තරයක් මිට පෙර මෙම බිලොගයට ඇතුලත් කරල තියෙනවා. ඒ අනුව අපි කාටත් තේරැමි යන කරැණක් තමයි කසාදය කියන්නෙත් එක්තරා ආකාරයක ගිවිසුමක් කියන කරැණ. වලංගු ගිවිසුමක් ඇති වෙන්න නමි ඉංග්‍රිසි නිතිය යටතේ යමි වටිනාකමක් හෝ රෝම ලන්දේසි නිතිය යටතේ අගනා ප්‍රතිශ්ඨාවත් තිබිය යුතු යැයි නිතිමය සිද්ධාන්තයක් පවතිනවා. මෙම විවාහය කියන ගිවිසුම තුල අගනා ප්‍රතිශ්ඨාව වන්නේ ආදරය කරැණාව දයාව වැනි යහපත් සංකල්පනාවන් වලට අමතරව, ස්වාමියා හා බිරිද අතර පවතින වාසය හා සහවාසය(ලිංගික අවශ්‍යතාවයන් පිරිමැසිම) නඩත්තු හා පරිපෝෂණය සැපයිම ආදි කරැණුයි. මෙම කරැණු ගැටලුවක් නොමැතිව ඉටුවනතාක් හා පිරිමැසෙනා තාක් විවාහ සංස්ථාවත් විධිමත් ලෙස මනාව පවතිනවා.

අපි සමාජයේ දික්කසාද වෙන ස්ත්‍රි‍ පුරැෂයන් ඔනතරමි දැක තියෙනවාට සැකයක් නෑ.

මිනිස්සු ඇයි දික්කසාද වෙන්නේ?
මෙ ප්‍රෂ්ණයට පිළිතුර විමසා සිටියොත් බොහෝ දෙනා විසින් විවිධාකාර පිළිතුරැ ඉදිරිපත් කර සිටිනු ඇත. මෙ අතර, පවුල් ආරවුල් නිසා, නොගැලපිම නිසා යනාදි වශයෙන් විවිධාකාර පිළිතරැ රැසක් ලැබෙවි.මෙම කරැණු සියල්ලම සලකා බලන කෙනෙක්ට පෙනි යාවි. අනිවාර්‍ය ලෙස විවාහය ගිවිසුමක් ලෙසම සැලකුවොත් එම ගිවිසුමෙ කොන්දේසි කඩ වි තිබිම හෝ එක් පාර්ශවයක් අසාධාරණයට ලක්විම තුලින් එම අසාධාරණයට පත් පාර්ශවයට තවදුරටත් එම ගිවිසුම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවිම නිසා කසාදය නැමති ගිවිසුම දික්කසාද කරණු ලබන බව. කසාදය නැමති ගිවිසුම ඇතිවු බවට අපට රජය විසින් ලබා දෙන සහතිකය වන්නේ විවාහ සහතිකයයි. එය වලංගුව පවතින තුරා විවාහය නැමති ගිවිසුම තුල වන්නාවු සියළු ප්‍රථිපලයන් වලින් දෙපාර්ශවය බැදි සිටියි. දික්කසාද නඩුවකදි කරණුයේ, විවාහ සහතිකය නැමති ගිවිසුමිපත්‍රය අවලංගු කර එම ගිවිසුම තුල ඇතිකර ගන්නා ලද හා ඇති කරණ ලද නෛතික ඵලයන් දෙපාර්ශවයට හානියක් නොවන පරිදි, බෙදා වෙන් කර දිමයි.

ලංකාවෙ දික්කසාදයක් ගන්න පුලුවන් මොන වගේ කරැණු මතද?
කලින් කිවිවා වාගේ අපි විවාහ වෙනකොට ප්‍රකාශික හා ව්‍යංගික කොන්දේසි රැසකට එලබෙනවා. මෙයින් ප්‍රකාශිත ලෙස සමාජය විසින් ප්‍රමුඛව පිළිගන්නා කොන්දේසි වන්නේ,

01)වාසය හා සහවාසය මගින් එක්ව විවාහ දිවිය පවත්වන බව
02)විවාහක ස්වාමිපුරැශයා හා බිරිද හැර වෙනත් තැනැත්තන් ලිංගිකව ඇසුරැ නොකරණ බව
03)විවාහ වන අවස්ථාවෙ දී තමාට තමාගේ ස්වාමිපුරැෂයා හා බිරිද සමග ස්වභාවික ලෙස ලිංගිකව හැසිරිමට හැකි බව

යන මෙ කරැණු ප්‍රමුඛ කරැණු වෙ. දික්කසාදයක් ලබා ගන්න මෙම කොන්දේසි එකක් හෝ කිහිපයක් කඩකිරිම හෝ කඩවිම හේතු වෙන්න පුලුවන්. වෙනත් විදියකට කියනවා නමි,අපි දික්කසාදයට හේතුවුන කරැණ කියන්නේ මෙන්න මෙකට තමයි. දික්කසාදෙට හේතු ගොඩාක් තියෙන්න පුළුවන්.මෙ අතර බොහෝ දෙනෙක් පැමිණ පවසන කරැණු වන්නේ මට මගේ ස්වාමිපුරැෂයා හෝ බිරිද ගැලපෙන්නේ නෑ. එයා මට ආදරේ නෑ. එහෙමත් නැත්තං මම එයාට කැමති නෑ. මම දැං කැමති වෙන කෙනෙක්ට, මම කසාද බැන්දේ අමිමලා තාත්තලාගේ ඔනැකමට මිසක් මගේ උවමනාවට නෙවෙයි. එහෙමත් නැත්තං අපි කසාද බැන්දේ රට  යන්න විසා හදා ගන්න ඔන නිසා නැතුව කසාද බදින්න ඔන නිසා නෙමෙයි.

ඔය කියන හැම කථාවක්ම පුද්ගලානු බද්ධව ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් කියන එක බොහොම නිවැරදියි. නමුත් ශ්‍රී ලංකාව තුල ඉහතින් සදහන් කල කිසිදු කරැණක් මත දික්කසාදයක් ලබාගැණිමෙ හැකියාවක් ඇත්තේ නැ. ශ්‍රි ලංකාව තුල දික්කසාදයක් ලබා ගැණිම සදහා හැකි අවස්ථාවන් ඇත්තේ එසේත් නැත්නමි කරැණු ඇත්තේ 03 පමණි. එනමි, 

01)ද්වෙශසහගත ලෙස අතහැර දැමිම හෝ අනුමිත ද්වෙශසහගත ලෙස අතහැර දැමිම
02)අනාචාරය
03)ලිංගික බෙලහිනතාවය යන කරැණු

ද්වෙශ සහගත අතහැර  යෑම කියන්නේ මොකද්ද?
ඉදිරි ලිපියෙන්..

Wednesday, May 12, 2010

නඩත්තු ගෙවනවද බලෙන් ගන්නද?


අද කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් මාර්තෘකාවක් ගැනයි. ඒ තමයි නඩත්තු පිළිබද නිතිමය තත්වය. කාටත් තේරෙන විදියට කට වහරට කියනවා අහල ඇතිනේ ගැනියෙක් ගත්තනමි දරැවෙක් හැදුව නමි කන්න බොන්න දෙන්න ඔන කියල. අන්න ඒ කන්න බොන්න දෙන එක කිරිම කසාද බැන්දයින් පස්සේ කෙනෙක් පැහැර හරිනවා නමි, අන්න ඒවගේ වෙලාවට අසරණ වෙන පාර්ශවයට පුලුවන් මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියට ගිහිල්ල තමන්ට ජිවත් විම සදහා යමි නඩත්තු මුදලක් ඉල්ලා සිටින්න. මෙකට තමයි කියන්නේ නඩත්තු නඩුවක් දානවය කියල.

නඩත්තු නඩුවක් දාන්න පුලුවන් කාටද?

නඩත්තු සමිබන්ධයෙන් ලංකාවෙ ඉස්සර බලාත්මක වුන නිතිය වුනේ 1922 අංක 19 දරණ නඩත්තු අඥා පනතයි. මෙ පනත ඉංග්‍රිසින් විසින් පනවන ලද ආඥාපනතක්. (ඉංග්‍රිසින් විසින් පනවන ලද පනත් හදුන්වන්නේ ආඥා පනත් වශයෙනුයි. වර්ථමානයේ පාර්ලි මෙන්තුව මගින් අනුමත කරණු ලබන පනත් හැදින්විම සදහා මෙ ආඥාපනත යන යෙදුම නොයෙදේ)    පරණ ආඥාපනත යටතේ නඩත්තු ඉල්ලිම සදහා හිමිකම තිබුනේ ස්වාමිපුරැෂයාගෙන් බිරිදට හා දරැවන්ට පමණයි. නමුත් වර්ථමානයේ නඩත්තු සමිබන්ධයෙන් බලාත්මකව පවත්නා නිතිය වන්නේ 1999 අංක 37 දරණ නඩත්තු පනතයි. මෙ පනත යටතේ තමාට තමාව නඩත්තු කර ගන්න වත්කමක් නැති භාර්‍යාවට ස්වාමිපුරැෂයාගෙන් හෝ ස්වාමිපුරැශෂයා‍ට වත්කමක් නැත්නමි බිරිදගෙන් නඩත්තු ඉල්ලන්න පුලුවන්. මිට අමතරව අවුරැදු 18 ට අඩු දරැවන්ට වත්කමි ඇති දෙමාපියන්ගෙන් හා අවුරැදු අවුරැදු 18 ට වැඩි  25 ට අඩු තමාට තමාව නඩත්තු කරගන්න බැරි  වියපත් දරැවන්ටත් දෙමාපියන්ගෙන් නඩත්තු ඉල්ලල නඩු දාන්න පුලුවන්.

නඩත්තු නඩුවක් දාන්න වෙන්නේ මොන වගේ වෙලාවටද?
ස්වාමිපුරැෂයයි බිරිදයි දෙන්න කිරියි පැණියි වගේ ඉන්නවා නමි නඩත්තු නඩු දාන්න ඔන නෑ. ඒත් නිත්‍යානුකුලව විවාහ වුන යුවලක් අතර ආරවුලු ඇති වෙන අවස්ථාවක් හිතමු. මෙ වගේ වෙලාවක දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් කෙනාව දාල වෙනමම ගිහිල්ල ජිවත් වෙනව නමි දෙන්නගෙන් වැඩිම වත්කමක් තියෙන කෙ‍නාගෙන් අනිත් පුද්ගලයආට පුලුවන් තමාගේ යැපිමට නඩත්තු ඉල්ලා සිටින්න. මෙලෙස නඩත්තු ඉල්ලා සිටිමට බලය ලැබෙන්නේ ඔවුන් අතර පවතින වලංගු විවාහය නිසයි. නඩත්තු ලබා දිම සදහා ආරවුල් කලේ කවුද අසරණයා කවුද යනාදි
කරැණු සලකා බලනවාට වඩා සලකා බලන්නේ තමාට තමාව නඩත්තු කර ගැණිමට හැකියාවක් ඇතිවාද නැතිවාද යන්න වෙ. විවාහ ජිවිතයේ ආරවුල් විසදිමට බොහෝවිට මෙ නඩු අවස්ථා වලදිම අධිකරණය මගින් පවුල් උපදේශක වෙත යොමුවන මෙන් නියොග කරණ අවස්ථාවන්ද තියෙනවා. මුලින් සදහන් කල ආකාරයට දෙදෙනෙකු අතර යමි වලංගු විවාහයක් තියෙනවා නමි, අනිවාර්‍යයෙන්ම මෙ දෙදෙනා අතරන් තමාට තමාව නඩත්තු කර ගන්න නොහැකි පුදුගලයාට නඩත්තු ඉල්ලන්න පුලුවන්. ඒ වගේම මෙ විවාහයෙන් දරැවන් සිටිනවා නමි, ඒ දරැවන් සදහා කරණු ලබන නඩත්තු ඉල්ලිමත් මෙ පළමු කි ඉල්ලිම සමගම එක්ව ඉල්ලා සිටින්න පුලුවන්. මෙ ආකාරයට නඩත්තු ඉල්ලා සිටි විට අදාල පාර්ශවයන්ගේ ආදායමි තත්වය සලකාබලා මහේස්ත්‍රාත්වරයෙකු විසින් මුල් අවස්ථාවෙම යමි මුදලක් ගෙවන ලෙස නියම කිරිම කල හැක ගෙවිමට එකග වන මුදල සමිබන්ධයෙන් යමි ආරවුලක් පවතින අවස්ථාවදී, ඒ පිලිබදව සාක්ෂි කැදවා විමසිමක් කිරිමෙන් අනතුරැව නඩත්තු මුදල් නියම කිරිම කරණු ලබයි. මෙ අගය බොහෝවිට බිරිදට හා දරැවෙකුට නඩත්තු ඉල්ලා සිටින විටකදී දරැවා පාසල් යන්නේ නමි හා බිරිදට වෙනත් කිසිදු රැකියාවක් නැත්තේ නමි සාමාණය පුද්ගලයෙකුගේ ඉපැයිමෙන් 2/3 ක් වෙ(මෙ මුදල සමිබන්ධයෙන් විනිසුරැවරයෙකු සතුව පුලුල් අභිමතයක් ඇති බැවින් එය වෙනස් විමට හැක)

නඩත්තු ලබාගැණිමට ඇති හැකියා හා නොහැකියාවන්.
ලංකාවෙ දැනට බලාත්මක නඩත්තු නිතිය යටතේ අවස්ථා දෙකකදි නඩත්තු ඉල්ලා සිටින්න බැ. ඒ තමයි නඩත්තු ඉල්ලන තැනැත්තා අනාචාරි ජිවිතයක් ගතකරයි නමි හා දෙදෙනා සමාදානයෙන් එකගවි වෙන්වි වාසය කරයිනමි යන අස්ථා වලදි. අනාචාරය කියන්නේ වලංගු විවාහයක් තියෙනකොට ලිංගික සේවනයේ යෙදෙන්න පුලුවන් ඒ විවාහ කරගත් සහකරැ හා සහකාරිය අතර පමණක් කියල අනුමිතියක් තියෙනවා. වෙනත් අය සමග ලිංගික සේවනයේ යෙදුන කියල ඒක ලංකාවෙ අපරාධ වැරැද්දක් නෙමෙ. නමුත් ඒක දික්කසාදය සදහා හේතුවක්. මෙකට කියන්නේ අනාචාරය කියලයි. මෙහෙම අනාචාරයේ යෙදුනත් ඒක නඩත්තු නොගෙවා සිටිමට හේතුවක් වන්නේ නැ. එත්  නොගෙවා ඉන්න පුලුවන් වෙන්නේ දිගින් දිගටම අනාචාරි ජිවිතයක් ගතකරන්නේ නමි පමණයි. තේරෙන විදියට කියනවා නමි, ස්වාමිපුරැෂයා හෝ බිරිද ගණිකා වෘත්තියේ යෙදි මුදල්  උපයනවා නමි හෝ. බිරිද තමාගේ විවාහය තිබියදිම වෙනත් තැනැත්තෙකු සමග එක්ව වාසය කරමින් ඔහුගෙන් නඩත්තු වෙනවා නමි මෙ අනාචාරිජ ජිවිතය ගතකිරිම මත නඩත්තු ගෙවිම ප්‍රතික්ශේප කරන්න පුලුවන්. අනිත් කරැණින් කියන්නේ දෙන්නා සමාදානයෙන් වෙන්වෙලා  ඉන්නවා නමි නඩත්තු ගෙවන්න ඔන නෑ කියන එකයි.

මිට අමතරව තව වැදගත් කථාවක් තියෙනවා කියන්න.
ඒක තමයි. දැන් කසාද බැදපු ජෝඩුව වෙන් වෙලා ස්වාමිපුරැෂයාගෙන් බිරිද නඩත්තු ඉල්ලනවා කියල හිතමු. නඩත්තු ඉල්ලන්නේ තමන්ට විතරක් නෙමෙයි දරැවටත් එක්ක. ඒත් ස්වාමි පුරැෂයා කියනවා නමි මෙ දරැවා මගේ දරැවෙක් නෙමෙයි කියල. එත
කො දැන් අධිකරණ වල කරන්නේ DNA වාර්ථාවක් කැදවන එකයි. මෙය දැන් ජින් ටෙක් ආයතනය මගින් කරගත හැකි අතර ඒ සදහා වියදමි වන්නේ රැ 10,000 ක පමණ මුදලක්. අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරටයා ඒ සමිබන්ධව තොරතුරැ සපයයි. මෙ වාර්ථාවෙන් දරැවා තමාගේ බව ඔප්පු වුනොත් දරැවටත් නඩත්තු මුදල් ගෙවන්න වෙනවා. නැත්නමි අනිත් අයගේ ළමයිට නඩත්තු ගෙවන්න උවමනාවක් නැ. හැබැයි නිත්‍යානුකූලව දික්කසාද වෙනකන් බිරිදට නඩත්තු ගෙවන්න වෙනවා.

නඩුව පැවරැවට පස්සේ මොකද වෙන්නේ?
සාමාණ්‍යයෙන් එක් පාර්ශවයක් අධිකරණයේ නඩත්තු නඩුවක් ගොනු
කල විට, අධිකරණය මගින් අදාල අනිත් පාර්ශවයට මෙදින අධිකරණයේ පෙනිසිටින ලෙස සිතාසියක් නිකුත්කරණවා. මෙ සිතාසිය ලැබුණාම අධිකරණයට අනිවාර්‍යයෙන් යන්න කියන එකයි මගේ උපදෙස. ඒ වගේම නිතිඥ වරයෙකුගේ සහයත් අනිවාර්‍යයෙන්ම ලබාගන්න ඔන. මොකද එහෙම තැන්නමි. එක්කෝ නඩත්තු මුදල ලෙස ඔබට දැරිය නොහැකි මුදලක් ගෙවන්න වෙවි. තවත් අවස්ථානුකුලට ඇත්වෙන ඔයාලට විසදගන්න බැරි කරැණු ගොඩක් තියෙනවා. නිතිඥයා ඔබ වෙනුවෙන් කරැණු දක්වා ඒ සදහා ඔබට කල හැකි උපරිම සාධාරණය ඉටු කරයි.

සිතාසිය ඇවිල ඒක නොසලකා හැරියොත් ඊලග දිනයේ ඔබට විරැද්ධව අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති මගින් වරෙන්තුවක් නිකුත් කරයි ඒකේ පිටපතක් නඩත්තු ඉල්ලන පුද්ගලයටත් දෙන නිසා. එම පුද්ගලයටත් ඔබව අත්අඩංගුවට ගන්න බලය ලැබෙනවා. ගොඩාක් වෙලාවට මෙ වගේ වරෙන්තුවට අල්ලගෙන ආවට පස්සේ රක්ෂිත  බන්ධනාගාරයේ සුලු කාලයකට හෝ ඉන්න වෙන නිසාත් ඒක ඔබ ජිවිතයේ අපුසන්නම දිනය වන නිසාත් අධිකරණයේ සිතාසිය ලද වහාම අධිකරණයට ඉදිරිපත් වෙන්න වගබලා ගන්න.

අධිකරණයෙන් නියම කරන නඩත්තු මුදල් ගෙවිවෙ නැත්තමි?
තමාට විනිසුරැ තුමා හැකිතාක් සාධාරන කාලයක් ලබා දෙයි. නියම කරණ මුදල මාස්පතා ගෙවිය යුතු නිසා. වාරික නොගෙවිම මත වාරික එකතුවිමෙන් විශාල මුදලක් රැස්විය හැක. මෙබදු විටක එම මුදල සාධාරණ කාලයකදි නොගෙවන්නේ නමි. ඔබව සිරගතකිරිමෙ නියෝගයක් නිකුත්කල හැක. සිරගත කලද එම ගෙවිමෙ වගකිමෙන් ඔබ නිදහස්නොවෙ. මෙ නිසා ගෙවන්නම වෙනවා. හිරේත් ගිහිල්ල සල්ලි ගෙවනවටා වඩා. කොහොම හරි සල්ලි ටික ගෙවන එක තමයි හොද.

මම නඩත්තු නඩුවක් දාන්නේ කොහොමද?
තමා අගතියට පත්වෙලා කියන පාර්ශවයන් දෙකෙන් එකකට හෝ දෙකටම හෝ මෙ නඩුව අධිකරණයේ ගොනු කරන්න පුලුවන්. මෙ පිලිබදව නිතිඥයෙකු හමුවි උපදෙස් ලබාගත යුතුයි. ඊට කලින් දෙදෙනා අතර ආරවුල් ඇතිවු විට හා එක් අයෙක් නිවසින් ගිය අවස්ථාවකදි, පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්න කියල තරයේ උපදෙස් දෙනවා. මොකද නඩු විභාගයකදි මෙ පමිණිල්ල ඉතාමත් වාසිදායක වෙන නිසා. පොලිස් නිලධාරින් බොහෝවිට දෙදෙනාම විභාගයට දිනයක කැදවා සමථ කරන්නට උත්සහ කරයි. එයට යැමට හෝ නොයැමට ඔබට අභිමතයක් ඇත.

නඩත්තු නඩුවක් දාන්න නිතිඥයන්ට වියදමි කරන්න සල්ලි නැත්නමි මොකද කරන්නේ?
නිතිඥයෙක් නොමැතිව නඩත්තු නඩුවක් පැවරිම ප්‍රයෝගික නෑ. එය සාමාණ්‍ය පුද්ගලයෙක්ට කරන්න අපහසු දෙයක්. නමුත් නිතිඥයන්ගේ ගාස්තු ගෙවන්න සල්ලි නැත්නමි. තමාගේ ප්‍රදේශයේ අධිකරණ‍යේ රෙජිස්ට්‍රාර්වරයා හමුවි නිති ආධාර කොමිෂමෙ කාර්‍යාලය ඇති තැන ගැන දැනගන්න. නිතිඥ මහත්මයෙකුගෙන් ඇසුවහොත් ඔවුන් වුවද ඔබට ඒ ගැන කියා දෙවි. නිති ආධාර සේවය මගින් නඩත්තු, දික්කසාද, ගෘහස්ථ ප්‍රචන්ඩත්වය ආදි නඩු වලට මුදල් අයකිරිමකින් තොරව පෙනි සිටිනවා. ඔබට අවශ්‍ය වන්නේ තමාට ප්‍රමානවත් ආදායමක් නැති බව දක්වා ග්‍රාම නිලධාරිවරයාගේ ලිපියකි. මෙය රජය මගින් ක්‍රියාත්මක ආයතනයකි. මිට අමතරව කාන්තාවන් සදහා පමණක් පිහිට වන කාන්තා පිහිට (WIN) යනුවෙන් හදුන්වන තවත් ආයතනයක් තියෙනවා. මෙක නමි NGO එකක්. එත් ඒකත් විශාල සේවයක් කරන ආයතනයක්. නමුත් මෙකෙන් සෙවා ලබාගත හැක්කේ කාන්තාවන්ට පමණයි.

නඩුව තියන අතර දෙන්නා සමාදාන වුනොත් මොනාද කරන්න පුලුවන්? හරි මෙ මොන දේ වුනත් දෙන්නට ආයෙ සමාදාන වෙලා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න නඩුව කිසිම භාධාවක් නෙමෙ. එහෙම වුනොත් නඩුව බහාතියන්න ඉල්ලන්න පුලුවන්. එතකොට මාස්පතා සල්ලි ගෙවන්න ඔන වෙන්නේ නෑ. හැබැයි ඒකියන්නේ.නඩුව ඉවර වුනා කියන එක නෙමෙයි ආයෙමත් ප්‍රශ්ණ ඇති වුනොත් නඩුව ආයෙමත් අධිකරණයේ කැදවන්න පුලුවන් කියන එකයි.

ප්‍රශ්ණයක් තිබිබොත් කමෙන්ටි එකක් දාලා අහන්න :D






Saturday, May 08, 2010

කසාදෙද? දික්කසාදෙද? (03 කොටස) විවාහ පොරොන්දු

කෙල්ලො කොල්ලෝ අනන්තවත් යාලු වෙනවා. ප්‍රේම සමිබන්ධතා ඇති කර ගන්නවා. ඒක වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. හැබැයි අද කියන්න යන්නේ මෙ සෙල්ලමට වගේ ඇති කර ගන්න ප්‍රේම සමිබන්ධතා ලෙල්මි වෙන අවස්ථාවක් ගැනයි. ඒ තමයි විවාහ පොරොන්දු කඩ කිරිම. මුලින්ම මෙ විවාහ පොරොන්දු කඩකිරිම කියන වරද අපරාධ වරදක් නෙමෙ. ඒ කියන්නේ විවාහ පොරොන්දුකඩ කලාය කියල එහෙම කරපු අයව හිරේ දාන්න නිතියක් නැ. මොකද විවාහ පොරොන්දු කඩකිරිම සිවිල් වරදක් වන නිසා. හැබැයි පොරොන්දු කඩ කලාම සිවිල් අධිකරණයකින් නියම කරණ වන්දි මුදල් ගෙවනවාට වඩා හිරේ යන එක හොදයි කියල සමහරක් විට කෙනෙක්ට හිතෙන්න පුලුවන්. :D ඒක නිසා අද කථාකරන්න යන්නේ කෙල්ලෝ කොල්ලෝ කාටත් වැදගත් වෙන මාර්තෘකාවක්.

විවාහ පොරොන්දුවක් කියන්නේ මොකද්ද කියල කියන්න කලින් විවාහ පොරොන්දු දෙන්න පුලුවන් කාටද ?
01)කලින් ලිපියේ කිවිවා වගේ ලංකාවෙ කසාද බදින්න අවම වයස අවුරැදු 18  වෙන්න ඔන. ඒක නිසා අවුරැදු 18 ට අඩු අය දෙන පොරොන්දු විවාහ පොරොන්දු වෙන්නේ නෑ. ඒවා නිකමිම නිකං ආදර කථා විතරයි.

02)කසාදයක් බැදල වලංගු විවාහයක් තියෙන කෙනෙක්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.

03)කලින් ලිපියේ කිවිව වගේ තහනමි ඥාති සමිබන්ධතාවක් තියෙන අය අතර විවාහ පොරොන්දු ඇති වෙන්නේ නෑ.

04)එ වගේම බෙලහින අයට, බෙලහින අය කියන්නේ ස්ත්‍රියක් හෝ පුරැෂයෙකු සමග ස්වභාවික ලෙස ලිංගික සංසර්ගයේ යෙදෙන්න බැරි අය හරි නපුන්සක, ලිංග දෙකම ඇති අය වගේ අයට විවාහ පොරොන්දු දෙන්න බෑ.

05) සම ලිංගික අයවලුන්ටත්  විවාහ පොරොන්දු දෙන්න බෑ.

06) මන්ද බුද්ධ්ක අයට හා උන්මත්තකයන්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.

විවාහ පොරොන්දු දෙන්න බෑ කියන්නේ. විවාහ වෙනවා කියල පොරොන්දු වෙන්න බෑ කියන එක නෙමෙයි. එහොම කෙනෙක් ‍තව කෙනෙක් විවාහ කර ගන්නවා කියල පොරොන්දු වුනාට ඒක නිතිය ඉදිරියේ විවාහ පොරොන්දු කඩකිරිම සමිබන්ධයෙන් වන්දි ලබා ගැණිමට හේතුවක් වෙන්නේ නෑ කියන එකයි.


විවාහ පොරොන්දුවක් කියන්නේ මොකද්ද?

සාමාන්‍ය විවාහ ආඥා පනතේ සදහන් වන විදියට නිතියෙන් වන්දි ලබාගත හැකි විවාහ පොරොන්දුවක් ඇති වෙන්න නමි, එක ලිඛිතව තියෙන්න ඔන උදාහරණයක් විදියට කියනවා නමි, කොල්ලෙක් කෙල්ලෙක්ට ලියන Love Letter එකක මම ඔයාව කසාද බදිනවා කියල තිබුනොත්, එහෙමත් නැත්තමි අපි මෙදාට කසාද බදිමු කියල තිබුනොත් ඒකෙන් විවාහ පොරොන්දුවක් බොහෝ විට ස්ථාපනය වෙන්න පුලුවන්. එහෙම විවාහ වෙනවා කියල විවාහ නොවි ඉන්න එක තමයි විවාහ පොරොන්දු කඩ කිරීම කියන්නේ. මෙ සමිබන්ධයෙන් විවිධ අවස්ථානු කුලව තිරණය වුන නඩුතින්දු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒක නිසා ප්‍රවේසමි වෙන්න ඔන දේ තමයි විවාහ පොරොන්දුව කියන දේ අදාල ලියවිල්ලේ කුමනම විදියකින් හෝ අන්තර්ගතව  තියෙනවාද කියල සාමාණ්‍ය දැනිමට අනුව සැලකිලිමත් වෙන එක.

දැන් කාලේ කවුද ලියුමි ලියන්නේ අපි ලවි කරන්නේ SMS වලින් Email වලින් එතකොට ප්‍රශ්ණයක් නැනේ?
එහෙම වුනානමි ඉතිං හොදයි තමයි. ඒත් නිතියත් කාලානුරෑපිව වර්ධනය වෙන දෙයක් නිසා එහෙම වෙන්නේ නෑ. ඔබ කෙටි පණිවිඩයක් යවන ඔබගේ දුරකථන ජාලයට  අධිකරණය මගින් නොතිසි(නොතිසි කියන්නේ විශේෂ අධිකරණ අණක් වගේ දෙයක් කියල හිතා ගන්න ) නිකුත් කර ඔබ විසින් යවන ලද පණිවිඩ පුනර් ජනනය කරිමට පුලුවන්. එතකොට ඔක්කොම එලිවෙනවා. ඊමේලුත් එහෙමම තමයි. අධිකරණයේ ශාක්ෂි ලෙස ඔප්පු කරන්න පුලුවන්.

හරි දැන් විවාහ පොරොන්දුවක් කඩ කලාමයි කියමුකෝ එතකොට මොකද වෙන්නේ?
මෙහෙමයි මෙතනත් සෑහෙන වැදගත් තැනක්. අපි කොචිචර නමි කෙල්ලෝ කොල්ලන්ට විවාහ පොරොන්දු දෙනවා ඇතිද? කිසිම ප්‍රශ්ණයක් නෑ හැබැයි ඒවා කඩ කලාට පස්සේ එහෙමිමම යටපත් වෙනවා නමි. තේරෙන විදියට කියනවා නමි, ශේප් නමි අවුලක් නැ. ඒත් ඉතිං සමහර කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා නේ පලිගන්න හිතන අය. අන්න ඒ වගේ අයට පුලුවන් නඩු පවරන්න. නඩු පවරලා ඒ විවාහ පොරොන්දුව නිසා ඒ කඩවිමට ලක්වුන පුද්ගලයාට වුන මානසික පිඩාවට/ඇත්ත වශයෙන්ම වු හානියට/අනාගතයේදි වන පාඩුවලට/වංචාවට කියන දේවල් වලට වන්දිඉල්ලන්න පුලුවන්. මෙ වන්දි මුදල තිරණය වන්නේ ඒ ඒ අවස්ථානුකුලවයි.
පොඩි උදාහරණයක් කියන්නමි, දැං කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ආදරෙන් ඉන්නවා. කොල්ල කෙල්ලව කසාද බදිනවමයි කියල ඉන්නේ. ඔහොම ඉන්කොට ඉතිං ගොඩක් දෙවල්වෙනවනේ. දැන් මෙ කොල්ලයි කෙල්ලයි ලිංගිකව එකතු වුනා කියල හිතමු. මෙ ගැණු ලමයත් ලිංගික ක්‍රියාවක යෙදෙන පළවෙනි පාර. මෙ ක්‍රියාවලියෙන් පසුව මෙ ගැණු ළමයගේ කන්‍යාභාවය නැතිව යනවා කියල දන්නවානේ. මෙතනදී දෙන්නගේම කැමැත්ත ඇතිව මෙ දේවල් වුන නිසා මෙහි ස්ත්‍රි දුෂණයක් නැ. නමුත් මෙ ගැණු ළමයා මෙ දෙයට එකග වුනේ කවද හරි මෙ කොල්ලා මාව බදිනවානේ කියන දේ උඩයි. එහෙම තියෙද්දිත් කොල්ලා පස්සේ වෙන කෙල්ලෙක් එක්ක සෙටි වුනොත් ඔන්න විවාහ පොරොන්දු කඩකිරිමට අමතරව කව්‍යා දුෂනයටත් කෙල්ලට වන්දි ලබා ගන්න පුලුවන්. කන්‍යා දුෂනය සමිබන්ධයෙන් අදාල වෙන්නේ ඉංග්‍රිසි නිතියයි. විවාහ පොරොන්දු සමිබන්ධයෙන් රොම ලන්දේසි නිතිය අදාල වෙනවා. දැන් මෙ කෙල්ලව මෙ කොල්ල බදින්වා මයි කියල හිටියේ. මෙහෙම සමිබන්ධයක් කායිකව තිබුණා කියලත් අනිත් අයත් දන්නවා. ඒ මදිවට කසාද බදින්න කියලම කෙල්ල රස්සාවෙන් අස්වුනා කියල හිතමුකෝ. ආයේ වෙඩින් එකට කාඩුත් ප්‍රින්ටි කරල යාලුවන්ට නැයන්ට බෙදල. වෙඩින් හොල් එකත් සුදානමි කරලයි තියෙන්නේ. එහෙම තියෙන‍කොට. දැන් කොල්ල බදින්න බැ කියනවා. බෑ කිවිවයි කියල දෙන්නෙක් බලෙන් බදින්න ඔන කියල ලංකාවෙ කිසිම නිතියක් නෑ. බදින්න බැරිනමි බදින්න ඔන නෑ. හැබැයි  මෙ දේවල් නිසා අර කෙල්ල රස්සාවෙන් අස්වුනා ඒකට වන්දියක් දෙන්න වෙනවා. කන්‍යාභාවය අහිමු වුන නිසා වෙන කෙනෙක් බදිනකොට ප්‍රශ්ණ. ඒකටත් වන්දි ගන්න පුලුවන්. කාඩි ප්‍රින්ටි කරල හොල් බුක්කලාට ගිය වියදමි වලටත් වන්දි ගන්න පුලුවන්. ඊට අමතරව මෙ නිසා අනාගතයේ ඇතිවෙන්න පුලුවන් අයපත් ප්‍රථිපල හරි පාඩු වලටත් වන්දි ගන්න පුලුවන්. මෙ නිසා ඇතිවුන මානසික පිඩාවටත් වන්දි ගන්න පුලුවන්. මෙ කාටත් කත්රෙන විදියට සුලුවෙන් කිවිවෙ. මෙ දේවල් මිට වඩා ගොඩක් ගැඹුරැ නෛතික සංකල්ප. දැන් තේරෙනවා නේද රගේ? මෙහිදි අධිකරණයකින් නියම කරන වන්දිය පුද්ගලයාගේ තරාතිරම ප්‍රසිද්ධිය සමාජතත්වය මතත් වෙනස් වෙනවා. වන්දි මුදල ලක්ෂ ගණනනක් හෝ කොටි ගණනක් විම ඒ මත රදා පවතිනවා.

විවාහ පොරොන්දුවක් කඩ කලාය කියල උසාවියට යන්න පුලුවන් මොන වගේ වෙලාවක දීද?
01) ප්‍රකාශිතවම කඩ කිරිම. කලින් විවාහ වෙන්න ඉදල, දැන් ප්‍රකාශිතවම විවාහ වෙන්න බෑ කියනවා නමි.
02) වටහාගත හැකි ලෙස කඩකල විට. උදාහරණයක් විදියට වෙනත් කෙල්ලෙක්ට විවාහ පොරොන්දුවක් දිල තියේ නමි,
03) හැසිරිම මත.

අන්තිම වශයෙන් විවාහ පොරොන්දු කඩ කරන්න පුලුවන් මොන වගේ වෙලාවටද?
01)දෙපාර්ශවයම කැමති නමි
02)කෙනෙක් ධනවත් කියල හිතාගෙන ඉදල පස්සේ එහෙම නැ කියල දැනගත්තහම හරි, කුලය ආදිය වරදවා ගැනිම මත පසුව විවාහ පොරොන්දු කඩ කරන්න බෑ. ඒ වුනාට පොරොන්දුව දෙන වෙලාවෙ පිස්සු හැදිල නමි හිටියේ හරි බලහත්කාරකමක් හරි අයුතු බලපැමක් මත ඒ පොරොන්දුව දුන්න නමි ඒක කඩ කරන්න පුලුවන්.
03)කරැණු සැගවිම මත. වදA බව උදාහරණයට ගත්තොත් යාලුවෙනකොට වදAද නැද්ද කියල යාලු වෙන්නෙ නැනේ. ඒත් පස්සේ මෙ හැම දෙයක්ම දෙදෙනා අතර හුවමාරැ වෙන්න ඔන. මෙ කරැණු වසංකර සිටින විට දුන් විවාහ පොරොන්දුවක් මෙවා දැනගත් පසු කඩ කල හැකියි.

තවත් දෙයක් තියෙනවා.
යාලුවෙලා ඉන්කොට දුන්න තැගි වලට මොකද වෙන්නේ?
මෙ වගේ විවාහ පොරොන්දු කඩකිරිමෙ නඩුවකින් පස්සේ ඒ විවාහ පොරොන්දුව ඇති කාලවය්දි ලබා දුන් වටිනා තෑගි ආපසු ඉල්ල ගන්න
පුලුවන්. රත්තරන් මාල, වාහන වගේ දේවල් හැබැයි ඒ වෙනකොට ඒවා අන්සතුකරල නමි, සාරි කලිසමි වගේ දේවල් ඇදල නමි ඒකියන්නේ පරිභෝග කරල නමි, නැතිවෙලා නමි ආයෙ ලබාගන්න බෑ. ඒ වගේම චොකලටි ටෙඩිබෙයාලා වගේ වටින්නේ නැති දේවලුත් ආයේ ගන්න බෑ :D

දෙපාර්ශවයෙන් ඔනම කෙනෙක්ට මෙ වගේ නඩු පවරන්න පුලුවන්. ඒ කියන්නේ කොල්ලට වුනත් කොල්ලට වුනත්.

ඒක නිසා විවාහ පොරොන්දු දෙනකොට බලාගෙනයි.

Wednesday, May 05, 2010

කසාදෙද? දික්කසාදෙද? (02 කොටස)

පහුගිය ලිපියෙන් අපි කථා කලේ කසාදයක් කරගන්නේ කොහොමද කියන එකයි. අද මෙ ලිපියෙන් කියන්න යන්නේ කසාදයක් කරගන්නකොට අවධානය යොමු කරන්න ඔන තවත් වැදගත් කරැණු කිහිපයක් ගැණයි. ඒ සමිබන්ධ තොරතුරැ ප්‍රශ්ණ උත්තර ආකාරයෙන් ඉදිරිපත් කල විට තේරැමි ගැණිමට පහසු වනවාක් මෙන්ම මට ලිවිමටද පහසු වන බැවින් ඒ ආකාරයන් ඉදිරිපත් කිරිමට තිරණය කලෙමි.

කලින් ලිපියේ සදහන් කලා කසාද බදින්න තියෙන භාධා සමහරක් ගැන. මොනම හරි හේතුවක් මත කෙනෙක් අනිත් කෙනාට අකමැත්තෙන් කසාද බැන්දොත් ඒ කසාදය දික්කසාද කර ගන්න පුලුවන්ද?
ලංකාවෙ දික්කසාද විම සදහා හේතු ඇත්තේ 03 ක් පමණි  එනම් ද්වෙශ සහගත ලෙස අතහැර යෑම/ අනාචාරය හා ලිංගික බෙලහිනතාවය යන කරැණු පමණි. මෙ පිලිබදව දික්කසාදය ගැන සාකචිචා කිරිමෙදි සලකා බලමු. බිතාන්‍ය වැනි රටවල පවුල් ජිවිතය කඩාකප්පල් විම යන කරැණ මත දික්කසාද විමට හැකියාව තිබුනද ලංකාව තුල දික්කසාදයක් ලබා ගත හැකි වන්නේ ඉහත කරැණු 03 න් 1 ක් හෝ වැඩි ගණනක් මත පමණි. සාමාණ්‍ය විවාහ ආඥා පනතේ 46 වන වගන්තියේ දක්වලා තියෙන විදියට
කසාදය ලියාපදිංචි කරණ විට එම පාර්ශව කරැවන්ගේ පදිංචි ස්ථානයන් ව්‍යාජ ඒවා විම මත,
පාර්ශවයන් දෙක ඔවුන්ට අකමැති විම,
විවාහය සිදුකල ස්ථානය හෝ වෙලාව පිලිබද කරැණක් මත පොතේ ලියා අත්සන් කල පසු විවාහයට කිසිදු බලපැමක් එල්ලවෙන්නේ නැ.

ඒ අනුව එම කරැණු මත දික්කසාද නොවිය හැකි අතර. වලංගු විවාහයකට එම කරැණු භාධාවක් වන්නේද නැත.

සමහරැ හොර උප්පැන්න හදල බොරැ වයස පෙන්නල කසාද බදිනවා.තවත් සමහරැ බොරැ නමි වලින් කසාද බදිනවා එතකොට මොකද වෙන්නේ?
ඒ දෙකම වැරදි. යමි වරදක් නිතිය ඉදිරියට ඉදිරිපත් නොවන තුරැ නිතිය නිහඩව සිටියත් යමි දිනයක එම කරැණු අධිකරණයක් ඉදිරියට ඉදිරිපත් වුවහොත්  ඒවා දඩුවමි ලැබිය යුතු වරදවල් බවට පත් වෙනවා. ව්‍යාජ ලියවිලි මගින් විවාහයට පත්වුවහොත් එයට ලංකාවෙ අපරාධ නිතියේ මුලාශ්‍රය වන දණ්ඩ නිති සංග්‍රහයේ 11 වන පරිචිචේදයේ සදහන් පරිදි මහේස්ත්‍රාත් අධිකරණයේ දඩුවමි නියම කරණු ලබනවා. බොරැ නමි වලින් කසාද බැන්දහමත් එහෙමයි. දැන් මෙහෙම කිවිවහම සමහරෙක් කියන්න පුලුවන් අපි කරණ හොර වැඩ කිසි කෙනෙක් දන්නේ නැති නිසා ප්‍රශ්ණයක් නැ කියල. එත් මොනම විදියකින් හරි මෙ සමිබන්ධව තමුන්ගේ තරහකාරයෙක් හරි පොලිසියට පැමිණිල්ලක් කලොත් පොලිසිය එම පුද්ගලයාට විරැද්ධව විමර්ශන අනිවාර්‍යයෙව්ම ආරමිභ කරණවා. එතකොට තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ.

සමලිංගික විවාහ සිදු කරන්න පුලුවන්ද?
ර්‍ශ්‍රී ලංකාව තුල වැරදි වෙන්නේ මොනවාද කියල තියෙන නෛතික ග්‍රන්තය තමයි දණ්ඩ නිති සංග්‍රහය කියන්නේ. සමලිංගික ක්‍රියාවන් ලංකාවෙ නිතිය යටතේ තහනමි. එය දණ්ඩ නිති සංග්‍රහයේ 365 අ වගන්තියේ තැනැත්තන් අතර දැඩි අශිෂ්ඨ ක්‍රියා ලෙස දක්වලා තියෙනවා. ඒ අනුව ශ්‍රි ලංකාවෙ ගැහැණුන් හා ගැහැනුන් ද පිරිමින් හා පිරිමින්ද ලිංගික සේවනයේ යෙදිම දඩුවමි ලැබිය යුතු වරදක් සේ දක්වා තියෙනවා .දඩුවම ලෙස වසර 10 ට නොඅඩු 20 කට නොවැඩි කාලයකට බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද දඩයක්ද නියම කිරිමට ප්‍රථිපාදන ඇත. දෙදෙනෙකු විවාහ විමෙ මුලික පරමාර්ථ අතර ලිංගික සන්තර්පනයද පවතින බැවින් එකම ලිංගයකට අයත් දෙදෙනෙක් අතර විවාහ තහනමි. එසේ විවාහ විය නොහැකි බව Simms V. Simms නඩුවෙදි ද දක්වලා තියෙනවා.

කෙසේ වුවත් වෙනත් රටවල එකම ලිංගයකට අයත් අය අතර විවාහ සිදුවිය හැකි වුවත්. ලංකාවෙ තවමත් ඒ සදහා අවකාශයක් නැත.

විවාහ වෙන්න වයස අවුරැදු 18 වෙන්නම ඔනද?
උත්තරේ නමි ඔවි කියන එක තමයි. හැබැයි තවත් විදියක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති වරයාට යමි තැනැත්තෙක් වයස අවුරැදු 18 ට පෙර ඔනැම වයසකදි එම තැනැත්තා  වයෝ පුර්ණත්වයට පත්ව ඇති බවට විශේෂ බලපත්‍රයක් දෙන්න පුලුවන්. ඒකට කියන්නේ විනියා අයිටාටිස් බලපත්‍රය කියලයි. එහෙම බලපත්‍රයක් තියෙන කෙනෙක්ටත් කලින් කසාද බදින්න පුලුවන්. ලංකාවෙ බොහෝ පනත් මගින් පොදුවෙ පිළිගත් කරැණක් වන්නේ වයස අවුරැදු 18 ට අඩු අයවලුන් ළමයින් කියලයි. සාමාණ්‍ය විවාහ පනතටද 1995 වසරේ ගෙනඑන ලද 18 වන සංෂෝධනයට අනුව විවාහ විමෙ අවම වයස අවුරැදු 18 ක් බව දක්වා ඇත. එය මෙ වන තෙක් වෙනස් වි නැත.

නමුත් වර්ථමානයේ බොහෝ දෙනෙක් මෙ සමිබන්ධව යමි වෙනස්විමක් අවශ්‍ය බව කියා සිටි. මෙයට හේතුව වන්නේ දණ්ඩනිති සංග්‍රහයේ වයස අවුරැදු 16 කට අඩු කාන්තාවක් සමග ලිංගික සංසංර්ගයේ යෙදිම ,කැමැත්ත ඇතිව හෝ නැතිව, ව්‍යවස්ථාපිත ස්ත්‍රි දුෂණය ලෙස දක්වා ඇති නිසයි. නමුත් වයස අවුරැදු 16 ට අඩු බොහෝ පිරිසක් අඹුසැමියන් වශයෙන් ජිවත් වන අවස්ථා සමාජයේ ඇත. මෙ පිළිබදව පොලිසියට පැමිණිල්ලක් ලද සැනින් පොලිසිය කරණුයේ අදාල කාන්තාවන්ගේ පුරැෂයන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඔවුන්ට විරැද්ධව මහාධිකරණයේ නඩු පැවරිමය. මින් සමහරක් අවස්ථානුරැපිව නිතිපති දෙපාර්ථමෙන්තුව මගින් සමථයට පත්කරණ නමුත්. සමහරෙක්ට අත්වන ඉරණම කණගාටුදායකය. එනමි දඩුවම ලෙස දක්වා ඇත්තේ අවුරුදු 10 නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරිමය. මෙම තත්වය මැඩපැවැත්විමට  අවශ්‍ය බැවින් සාමාණ්‍ය විවාහ පනතට ශෂොධනයක් ගෙන ආ යුතු බවට කථිකාවක් පැවතියද, තවම එම තත්වය වෙනස් වි නැත.

ලේඥාතින් අතර කසාද තහනමිද?
ඔවි. මෙ පිලිබදව තොරතුරැ කලින් ලිපියේත් සදහන් එහෙම වි ඇත්නමි අනිවාර්‍යයෙන්ම එය 364(අ) වගන්තිය යටතේ දඩුවමි ලිබිය යුතු වරදක් ඒ සදහා දඩුවම ලෙස වසර 7 ට නොඅඩු 20 කට නොවැඩි කාලයකට බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද දඩයක්ද නියම කිරීමට මෙහි ප්‍රථිපාදන සලසා ඇත.

කලින් කසාදයක් බැදල තියෙනකොට ආයේ කසාදයක් කර ගන්න පුලුවන්ද?
මෙහෙමයි. කලින් කසාද බැදල ස්වාමිපුරැෂයා හරි භාර්‍යාව හරි මිය ගිහිල්ල නමි කිසි ප්‍රශ්ණයක් නැතිව දෙවෙනි කසාදයක් කරගන්න පුලුවන් එතකොට දෙවෙනි කසාදයේ සහතිකයේ තත්වය යටතේ දක්වන්නේ විවාහක කියලයි. වලංගු එක කසාදයක් තියෙන විට. කරන අනිත් සේරම කසාද බලරහිතයි. ඒ කසාද වලින් උපදින ළමයිනුත් අවිවාහජ (අවජාතක) ළමයි කියලයි නිතියෙන් කියන්නේ. එවගේම තවත් දෙයක් තියෙනවා. කසාදයක් තියෙද්දි තවත් කසාදයක් කරල තියෙනකොට ඒක ලංකාවෙ අපරාධ වරදක් (362ආ)මෙකට අවස්ථානු රෑපිව කියන්නේ ද්වි විවාහය හරි බහු විවාහය හරි කියලයි. මෙය සිරගතකිරිමෙන් දඩුවමි ලබාදිය හැකි වරදක්.

මුස්ලිමි වෙලා කසාද වැඩි ගණනක් බදින්න බැරිද?
ලංකාවෙ මුස්ලිමි වරැන් කසාද බදින්නේ ඔවුන්ගේ මුස්ලිමි නිතිය යටතේයි. මෙවාට කියන්නේ විශේෂ නිති කියලයි. මෙ විදියට ලංකාවෙ මුස්ලිමි වරයෙක්ට කසාද 04ක් බදින් පුලුවන්. වෙනත් මුස්ලිමි රටවල මෙ සංඛ්‍යාව 07 ක් විය හැක. මුස්ලිමි නොවන අයෙක් එක් කසාදයක් කරගෙන තිබියදී වෙනත් කසාදයක් කර ගැණිම සදහා මුස්ලිමිවරයෙකු වි වෙනත් කසාදයක් කරගනි නමි ඔහු බහු විවාහයට වරදකරැ වෙ. කසාද නොබදින ලද අයෙක් නමි. ලංකාව තුල ඔනෑම ආගමක් ඇදහිමෙ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපට ලබාදි ඇති බැවින්, මුස්ලිමි වරයෙකු වි කසාද 04 ක් කරගත හැක. :D

ඊලග දවසේ විවාහ පොරොන්දු කඩ කලාම මොකද වෙන්නේ කියල බලමු.

Sunday, May 02, 2010

කසාදෙද? දික්කසාදෙද?

කසාදයක් කියන දේ මහා පුදුමාකාර දෙයක්. ඒ වගේම කථා කරන්න ආස හිතෙන වැදගත් වගේම කොචිචර කථා කරත් ඉවරයක් නැති මාතෘකාවක් කිවිවොත් හරි. මෙ ලිපි කිහිපයෙන් කරැණු ඉදිරිපත් කරණ්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වැදගත් මාතෘකාව ගැනයි. කසාදෙටත් වඩා වැදගත්ම වගේම ආස හිතෙන කොටස තියෙන්නේ දික්කසාදේ වුනත් මුලින්ම කසාදෙ ගැන කථා නොකර දික්කසාදයක් ගැන කථා කරන්න බෑ නේ. එහෙම වුනොත් අර කියමනක් තියෙන්නේ බදින්න කලින් ඩිවොස් වෙලා කියල. එහෙම වෙන නිසා මුලින්ම කසාදය ගැන කථා කරන එක වැදගත් කියලයි මම හිතන්නේ.

මිනිස්සු කසාද බදින්නේ ඇයි?

මෙ ප්‍රශ්නෙට උත්තරයක් තමන්ගේම හිතෙන් අහල බැලුවොත් විවිධාකාර අදහස් ගණනාවක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුන අදහස් ගණනාවක් අපිට ලැබෙයි.මෙ උත්තර අතර කසාද බදින්නේ ජිවිතකාලෙ තනියම ඉන්න බැරි නිසා, ආදරේට, ශාරිරික ඒ කියන්නේ කාමුක අවශ්‍යතාවයන් සපුරගන්න, දරැවො හදන්න, ‍තවත් සමහරෙක් මෙ උත්තර වලට වඩා වෙනස් උත්තරත් දෙයි දේපළ ලබාගන්න, වැඩ පල පහසුවෙන් කරගන්න. ඔය වගේ උත්තර කොහොම උනත් මෙ හැම උත්තරයක්ම පුද්ගලානු බද්ධ උත්තර වුනත් මෙ හැම උත්තරයක්ම හරි. මොකද කසාදෙ කියන දේ ඇතුලේ මෙ හැම දෙයක්ම තියෙන නිසා.

Sunday, April 25, 2010

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද? මෙන්න එහෙනමි ඒකට මාර්ගය. 03 කොටස.

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද? 03 කොටස.


පසුගිය ලිපි දෙකෙන් ඔබට ශ්‍රී ලංකා නීති විද්‍යාලයත්, විවෘත විශ්වවිද්‍යාලයත් පිළිබද තොරතුරැ ඉදිරිපත් කලෙමු. අද තොරතුරැ ඉදිරිපත් කරණුයේ තවත් එබදුම ආයතනයක් පිළිබදවය. එය කොළඹ Royal Institute

මගින් පවත්වාගෙන යනු ලබන London LLB උපාධි පාඨමාලාවයි.

London LLB (Legum Baccalaureus (Latin: Bachelor of Law) උපාධිය මෙහි දී පිරිනමනු ලබන්නේ Royal Institute ආයතනය මගින් නොව ලන්ඩන් විශ්ව විද්‍යාලය මගිනි *University of London. Royal Institute ආයතනය මගින් ශ්‍රීලංකාවෙ සිටම ඔබට ලන්ඩන් LLB උපාධිය ලබා ගැනීමට අවස්ථාව උදා කරදෙයි. එලෙසම ‍මම ආයතනය ඒම උපාධිය සදහා වන අධ්‍යාපන පීඨය වශයෙන් ක්‍රියා කරමින් එම උපාදිය සදහා අවශ්‍ය දැනුම ලබා දෙයි.

මෙහිදී එම ආයතනය හරහා ම අධ්‍යාපනය ලබා උපාධියට පෙනී සිටීමට හෝ සෘජු ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලයට මුදල් ගෙවා විභාගයන්ට පෙනී සිටිමට හැකියාවක් ඇත. විභාග පවත්වනු ලබන්නේ බ්‍රිතාන්‍ය කවුන්සිලය *British Council

Friday, April 23, 2010

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද? මෙන්න එහෙනමි ඒකට මර්ගය. 02 කොටස.

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද?
02 කොටස.

නිතිඥ වරමි ලබා ගත හැකි එක් ආකාරයක් පසුගිය ලිපියේ දී දක්වන ලදි. මෙම ලිපියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනුයේ තවත් එබදුම ආයතනයක් පිළිබදවය.

එය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ නීති අධ්‍යන අංශය මගින් පවත්වනු ලබන නීති වෙදි උපාධි පාඨමාලාවයි ශ්‍රී ලංකා නීතිවිද්‍යාලයේ මෙන් නොව මෙයට වයස් භේධයකින් තොරව ඔනෑම අයෙකුට අයදුමිපත් ඉදිරිපත් කිරීමෙ හැකියාව ඇත. දැනට වසර කිහිපයකට මත්තෙන් ශ්‍රි ලංකා නිති විද්‍යාලයටද වයස් භේදයකින් තොරව අයදුමිපත් ඉදිරිපත්කිරීමෙ

හැකියාව තිබුණද දැන් එම අවස්ථාව නැත.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මගින් ලබා දෙනුයේ වෘත්තිමය සුදුසුකම වන Attorney-at-Law යන්න පමණක් බැවින් නීති විද්‍යාල අධ්‍යාපනය ලැබීම මගින් එහි සිසුන්ට උපාධියක් හිමි වන්නේ නැත. එනමි ඔවුන්ට LLB උපාධියක් නීති විද්‍යාලය මගින් ලබාගත නොහැක. නමුත් සාර්ථක ලෙස නීති විද්‍යාලයෙන් පිටව නීතිඥයන් වශයෙන් දිවුරැමි දෙනු ලබන නිතිඥයන්ට විවෘත විශ්වවිද්‍යාලයේ නිතිවෙදී පාඨමාලාවෙ 04 වන මටිටමට එකවර ලියාපදිංචි වීමෙ හැකියාව ඇත. එසේ LLB උපාදියක් ලබා ගැනීම හෝ නොගැනීම ඒ ඒ පුදුගලයානු බද්ධ කරැණකි. ලබා නොගත්තාය කියා කිසිදු හානියක් නොමැත. නමුත් ලබා ගැණිම අමතර සුදුසුකමක් ලෙස භාවිතා කල හැක. නීති පිඨයෙන් හා විවෘත විශ්වවිද්‍යාලයේ නිතිවෙදී පාඨමාලාව සාර්ථකව නිම කරණ ලද සිසුන්ට LLB උපාධියක් ලැබෙ.

Thursday, April 22, 2010

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද? මෙන්න එහෙනමි ඒකට මාර්ගය.

පොඩි කාලේ ඔබටත් මටත් විවිධාකාර සිහින තිබෙන්නට ඇති. අමිමෙ මම ලොකු වුනාම දොස්තර කෙනෙක් වෙන්වා. මම ගුරැවරයෙක් වෙනවා. මම ලොයර් කෙනෙක් වෙනවා යැයි අප මෙන්ම වර්ථමාන‍යේ කුඩාදරැවන්ද පවසනු මට නොයෙක් වර ඇසී ඇත. එත් ලංකාවෙ දොස්තර කෙනෙකේ හරි ලොයර් කෙනෙක් හරි වෙන්නේ කොහොමද?

මෙකට පිළිතුර ඔනම කෙනෙක් දන්න දෙයක්. පිළිතුර හරිම සරලයි. මුලින්ම ඔබ හොදින් උසස් පෙල විභාගය වැඩි Z ලකුණු ප්‍රමාණයක් අරගෙන සමත් වෙන්න ඔන. ඒ අලුත් විශය නිර්දේශය යටතේ ක්‍රමයයි. පරණ විශය නිර්දේශය යටතේ නමි කටවුටි ලකුණු මටිටමට වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ඔන. මෙ විදි දෙකෙන් එකකට වැඩිපුර ලකුණු ලබාගන්න අයට වෛද්‍ය පිඨයට හෝ නිති පිඨයට ඇතුලත් වෙන්න වරමි ලැබෙනවා. ඔක තමයි උත්තරේ.

මම මෙ ලිපියෙන් කියන්න යන්නේ කෙනෙක්ට නීතිඥයෙක් වෙන්න ඔන නමි, නීති පිඨයට ඇතුලත් වෙන්න තරමි ප්‍රමාණවත් ලකුණු උසස් පෙළ විභාගයෙන් ලබා ගන්නත් බැරි වුනා නමි නීතිඥයෙක් වෙන්නේ කොහොමද කියලයි.

සාමාණ්‍යයෙන් කළා විශය ධාරාව හෝ වාණිජ්‍ය විශය ධාරාව නීති පිඨයට ඇතුලත්වීමම අරමුණු කරගත් සිසුවන් තො‍රාගැණිම සුලභව දැකිය හැකි තත්වයක්. නමුත් මෙම විශය ධාරවන් දෙක යටතේ වුවද විශේෂයෙන් වාණිජ විශය ධාරාව යටතේ
විශිෂ්ඨ සාමාර්ථ 03 ක් ලබාගත් සමහර සිසුනට පවා වර්ථමාණයේ නිති පිඨයට ඇතුලත් වීමට නොහැකි තත්වයක් උත්ගත වී තිබෙ. කෙසේ වුවද එසේ තේරි පත්වන භාග්‍යවන්තයින් කිහිප දෙනෙකු හැර අන් අයට සිදුවනුයේ එක්කෝ විශ්වවිද්‍යාලයේ නීති සිහිනය පසක දමා ඊට වඩා අඩු ලකුණු මටිටමක් ඇති වෙනත් විශයමාලාවක් තොරාගැණිමය. එසේත් නොමැති නමි, බහුතරයකට වෙන්නාක් මෙන් විශයන් තුනම සමත් වුවද, ලකුණු ප්‍රමාණවත් නොවිම මත විශවවිද්‍යා

ල වරමි නොලැබී යාම මත වෙනත් විකල්ප අධ්‍යාපනයකට යොමි වීමට හෝ රැකියාවක් සොයා ගැණිමටය.

මෙම කුමණ තත්වයක් උත්ගත වී තිබුණද, තාමත් ඔබට නීති ක්ශේත්‍රයේ එනමි නීතිඥයෙකු වීමෙ වරමි විවරව ඇති බව ඔබ දන්නේ නමි සමහරක් විට ඔබ පුදුම වන්නට ඉඩ ඇත.

විශ්වවිද්‍යාලයෙන් බාහිරව නීතිඥ වෘත්තියට පිවිසිමට ඇති මාර්ග කිහිපයක් ඇත. මෙ පිළිබදව තොරතුරැ මෙය හා ඉදිරි ලිපි කිහිපයක් මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙ එහි පළමුවැන්නයි.


මින් පළමු වැන්න ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි. Sri Lanka Law College

ශ්‍රී ලංකා නීති විද්‍යාලය ව්‍යවස්ථාපිත නීති අධ්‍යන සභාව (Incorporated Council of Legal Education Sri Lanka) මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවෙ ප්‍රධාණතම නිති අධ්‍යාපනය ලබා දෙනු ලබන ස්ථානයයි. මෙහි විදුහල්පතිවරයෙකු සිටිනා අතර විදුහල්පතිද, තවත් නීති විද්වත් කමිටුවක් මගින් මෙම කවුන්සිලය පවත්වාගෙන යනු ලබයි. මෙම ආයතනය ස්ථාපනය කර ඇත්තේ ඉංග්‍රීසින්ගේ කාල වකවානුවෙ දීය.

Wednesday, April 21, 2010

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව. 04 කොටස


ඒ සදහා පනත මගින් දක්වන පිළියමි

මින් අනතුරුව සලකා බැලිය යුතු වැදගත්ම කරුණ වනුයේ පනත මගින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වලකාලීම සදහා ගෙන ඇති පියවර මොනවාද යන්නවෙ. පනතේ 02 වන වගන්තිය ප්‍රකාරව පීඩාවට පත් තැනැත්තකුට එම ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාව වැලැක්වීම සදහා ආරක්ෂක ආඥාවක් නිකුත් කරන මෙන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් කල හැකි බව දක්වා ඇත. පනත අධ්‍යනය කිරීමෙීදී පෙනී යන්නේ මුලික ලෙසම මෙී සමිබන්ධව පනත මගින් ආඥාවන් 03 ක් ක්‍රියාත්මක කරණ බව වෙ. ඒවා නමි:

Monday, April 19, 2010

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව. 03 කොටස

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද?ඉන් අනතුරුව සලකා

ඉන් අනතුරුව සලකා බැලිය යුතු වැදගත්ම කරුණක් වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් යනු කවරක්ද යන්න වෙ. මෙ පිළිබදව සොයා බැලීමෙ දීද පනතේ අර්ථ නිරූපන වගන්තිය දෙසට යොමුවීමට නැවතත් සිදුවනු ඇත. එහි සදහන් වන පරිදි ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් යනුවෙන් අදහස් වන්නේ,

Sunday, April 18, 2010

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව. 02

02 කොටස

පීඩාවට පත් තැනැත්තා හා පීඩාවට පත් තැනැත්තාට අදාලව අදාල තැනැත්තා

මෙම පනතේ පූර්විකාවෙහි සදහන් වන පරිදි මෙම පනත ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම සහ ඊට සමිබන්ධ හෝ ආනුශංගික කාරණා සදහා විධිවිධාන සැලැස්වීම සදහා පනවන ලද පනතක් බව දක්වා ඇත. මෙ අනුව පනත ප්‍රධාන කොටස් කිහිපයකට ඛෙදා සලකා බැලීම වැදගත්වෙ.

1- පීඩාවට පත් තැනැත්තා හා පීඩාවට පත් තැනැත්තාට අදාලව අදාල තැනැත්තා

Friday, April 16, 2010

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව.

01 කොටස හැදින්වීම

ලොව සෑම යුගයකම පාහේ ප්‍රබල කථිකාවන් ගොඩනැගීමෙහිලා මුලික වූ ගැටලු දක්නට ඇත. මින් ඇතැමි වා කාලයාගේ ඇවෑමෙන් මිනිසාගේ ශිෂ්ටාචාරය ආකල්ප සදාවාරය හා සමාජීය අවශ්‍යතාවයන් මත වියකී ගොස් ඇත. නමුත් මින් තවත් සමහරක් අතීත වර්තමාන හා අනාගත යන තුන් කල්හිම සදාතනික පිළිතුරු රහිත ප්‍රශ්නයන්ව සදාකල් පවතිනු ඇත.

මිනිසාද සත්තවයකි. නමුත් මානව වර්ගයා අන් සත්තවයන්ගෙන් මුලික වශයෙන්ම වෙනස් කරන්නාවූ එක් සාධකයක් පවතියි. එනමි වචනයේ පරිසමාප්ත අරථයෙන්ම මනුස් හෙවත් මනසින් උසස් යන්න වෙයි’ එබැවින් මිනිසාටද අන් සත්තවයි හා පවතින්නාවූ ද සියලු සත්තවයින්ට පොදු වූද පුර්වජ ලක්ෂණයන් තමාගේ මනස මෙහෙයවා සංයමයකින් යුක්තව පාලනය කිරිමට අවකාශ ලැබී ඇත. එබැවින් මිනිසා සතුව ශිෂ්ටාචාරයක් හා අනන්‍ය සමාජ ක්‍රමයක් ගොඩනැගී ඇත. සදාචාරය හා දුරාචාරය එම සමාජක්‍රමයම පදනමි වන්නාවූ සාධක මත මිනිසාට නිර්මාණය කර දෙනු ඇත.

Wednesday, April 14, 2010

ළමයා හා නීතිය 03


වලසා හා බිළිදා 03 කොටස ළමා අපයෝජන හා නීති තත්වය?


වර්තමානයේ ළමයාට අත්වී ඇති අභාග්‍ය සමිපන්න ඉරණමින් ළමයා මුදාගැනීමෙහිලා ගන්නා ලද සාර්ථක පියවරක් ලෙස 1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත දැක්විය හැක. මෙ යටතේ කාලීන අවශ්‍යතාවයක් වන ළමා ලිංගික අතවරයන් තුරන් කිරීමෙ අභිලාශය පෙරදැරිකරගෙන නව ලිංගික වැරදි රුසක් හදුන්වා දී ඇත.

Tuesday, April 13, 2010

ළමයා හා නීතිය 02

වලසා හා බිළිදා 02 කොටස ළමා අපයෝජන යනු කවරෙක්ද?

ළමා අපයෝජනයක් වශයෙන් හදුන්වනු ලබන්නේ ළමයාගේ වර්ධනයට සෞඛ්‍යට සෘජු ලෙසම හෝ ව්‍යගිකව හානිකර හෝ හානි වීමට ඉඩ සලසන හෝ ළමයා වද වෙදනා වලට ලක් කරණ ක්‍රියාවක් කිරිම හෝ ළමයාගේ උපරිම යහපත සදහා පාදක වන ක්‍රියාවක් නොකර හැරිම වෙ.

ළමා අපයෝජන පිළිබදව සැලකීමෙ දී බහුල ලෙස දැකිය හැකි ළමා අපයොජන ලෙස
1. ලිංගික අපයෝජනය,
2. ශාරිරීක අපයෝජනය,
3. පෝෂණය නොසලකාහැරීම,
4. චිත්තවෙගාත්මක අපයෝජනය,
5. නීති විරෝධි ලෙස ළමුන් සේවයේ යෙදවීම,
6. ළමයින් වෙළදාමි කිරීම,

Sunday, April 11, 2010

ළමයා හා නීතිය 01

වර්තමානයේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී ඇති ළමා අපචාර ළමයා වර්තමානය අතීතය ඒ හා සබැදි නෛතික තත්වය පිලිබද කරන ලද විවරණයකි මෙ.

වලසා හා බිළිදා 01 කොටස ළමයා යනු කවරෙක්ද?

ජනස්‍රැති හා ප්‍රාග් ඓතිහාසික සාක්ෂි ඔස්සේ පසක් වන පරිදි දඩයමි යුගයෙන් ඇරඹි මානවයා නමි සත්තවයාගේ නොනිමි ගමන විවිධ යුගයන් මධ්‍යයේ වරතමානයේ කාර්මික විප්ලවය ද තාක්ෂනික විප්ලවය ද පසුකර සඳ තරණය කිරීම විනා අභ්‍යවකාශ ජනාවාසීකරණය තෙක් ප්‍රවර්ධනය වී ඇතග මෙම බුද්ධිමය සාක්ෂරතාවයෙන් අගතැන්පත් මිනිස් ශිෂ්ඨාචාරය අද තීරණාත්මක සන්ධිස්ථානයකට එලඹ ඇතග එනමි වසර දහස් ගණනක් මුලුල්ලේ සිය ප්‍රවර්තනය උදෙසා උරදුන් සමාජ සාරධර්ම හා ගුණදමි පද්ධතිය තවදුරටත් තමා සතුව තබාගන්නේ ද නැතහොත් අත්හරින්නේද යන්න වෙ.

Thursday, April 08, 2010

හැදින්වීම හා පෙරවදන

මෙ ලිපි පෙලි ලිවීමට මත්තෙන් යමි පමණක පෙර වදනක් ලිවීම වැදගත් යැයි සිතමි. නීතිය හා ඔබ යන මාර්තෘකාව සලකා බැලීමෙදී මුලිකව විමසා බැලිය යුතු කරැණු කිහිපයක් ඇත. එනමි නීතියේ ආරමිභය කොතනද? නීතිය යනු කිමෙක්ද? නීතිය අපිට බලපාන්නේ කෙසේද හා නිතියට අප යටත් විය යුත්තේ ඇයි යන කාරණා  වෙ.

මෙ එක් එක් කරැණක් සරල සංශේප ලෙස අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉදිරිපත් කීරිම මාගේ අදහසයි.


නීතියේ ආරමිභය කොතනද?
නීතියේ ආරමිභය පිළිඹදව පිළිඹදව සොයා බෑලීමෙ දී එය යුග කිහිපයක් ඔස්සේ විමර්ශණය කල යුතු පුලුල් මාතෘකාවක් වන්නේය.එලෙසම නිතියත් ආගමත් අතරසමිබන්ධතාවය එකිනෙක විභේධනය කල නොහැකි අයුරින් ඔවුනොවුන් හා බද්ධව පවතින්නකි. නමුත් සෑම දහමකම මෙන්ම දර්ශණයකම පාහේ එම දහම හෝ දර්ශණය මෙ ලොව පහල වීමට මත්තෙන් නීතිය වත්පන්න වූ බව පැහැදිලි වන්නේය. ඒ අනුව පෙනි යන වැදගත්ම කරැණක් වන්නේ නීතිය මගින් විධිමත්කිරීමට නොහැකි වූ යමි කොටසක් පැවති බවත්. ඒ කොටස විධිමත් කිරීම පිණිස ආගම හා ධර්මය පහල වූ බවත්ය.