Have an account?

Sunday, August 08, 2010

දික්කසාදයක් ලබාගන්නේ කෙසේද? (03 කොටස)

දික්කසාදයක් ලබාගන්නේ කෙසේද?
මෙම බිලොගයේම විවාහය නැමති ලිපිය යටතේ විවාහයක් සිදු කරණ ආකාරය ගැන විස්තර ඉදිරිපත් කරල තියෙනවා. බලයලත් විවාහ රෙජිස්ට්‍රාර් වරයෙකු ඉදිරියේ හරි, පල්ලියක පුජකවරයෙකු ඉදිරියේ චාරිත්‍රානුකුලව විවාහය සිදු කිරිමෙන් අනතුරැව අදාල විවාහ සහතිකයේ එම සහතික කරණු ලබන පුජක තැන හෝ රෙජිස්ට්‍රාර්වරයා ත් විවාහයට එලබෙන දෙදෙනාත්, ස‍ාක්ෂිකරැවන් දෙදෙනෙකුත් විසින් අත්සන් කිරිමෙන් අනතුරැව  එම මොහොතේ සිට ඔවුන් අතර නිතියෙන් වලංගු විවාහ ගිවිසුමක් පවතියි. රැපියල් 200 කටත් අඩු මුදලක් වියදමි කර මෙම විවාහ විම සිදුකල හැකි වුවත්, මෙලෙස වංලංගු විවාහයක් සන්ස්ථාපනය වු පසු, එය අවලංගු කල හැකි වන්නේ, දිස්ත්‍රික් උසාවියක පවරණු ලබන දික්කසාද නඩුවක් මගින් පමණි.

රෙජිස්ට්‍රාර් කන්තෝරැවෙ විවාහ විමෙන් අනතුරැව, දෙදෙනා වෛවාහක නිවසක් පිහිටුවා නොගෙන වෙන වෙනමම නිවෙස් වලට ගොස් වාසය කල අවස්ථාවන්ද බොහොමයක් ඇත. මෙබදු විවාහ පරිපුර්ණ නොකල විවාහ වශයෙනුයි හදුන්වන්නේ. මෙ විදියේ විවාහයක් වුනත් ඔවුන් අතර වලංගු කසාද සහතිකයක් පවතින නිසා දිසා අධිකරණයේ පවරණු ලබන දික්කසාද නඩුවක් මගින් අවලංගු නොකරන තාක් ඔවුන් අතර වලංගු විවාහයක් තවදුරටත් පවතියි.

ද්වි විවාහය
මෙසේ තිබියදී නොදැනුවත්භාවය මත දෙවන වරටත් විවාහවුවහොත්, අදාල පාර්ශවය ශ්‍රී ලංකා  දණ්ඩ නිති සංග්‍රහයේ 362 ආ වගන්තිය යටතේ ද්වි විවාහය නමි වරද සිදුකරණු ලබන අතර. පොලිසියට එම කරැණ කිසිවෙකු හෝ පැමිණිලිකලහොත් මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරැද්ධව නඩු පැවරිම කරණු ලබයි. මෙම වරද සදහා දඩුවම වන්නේ වසර 07 ක් සදහා ලිහිල් හෝ බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කිරිම සහ දඩයක් යන්න වෙ. මෙම දඩුවම ක්‍රියාත්මක කිරිමෙදි මහෙස්ත්‍රාත් වරයෙකුට පුලුල් අභිමතයක් පවතින බව ඔබට පෙනි යනු ඇත. ප්‍රායෝගිකව දක්ෂ නිතිඥවරයෙකුට එබදු තැනැත්තෙක් වෙනුවෙන් කරැණු ඉදිරිපත් කර දඩුවම අඩුකිරගැනිමෙ හැකියාවක් පැවතියද, අවස්ථානුගත කරැණු හා මහේස්ත්‍රාත් වරයාගේ අභිමතයද මෙහිදි ක්‍රියාත්මක විම නිසා තත්වය දරැණු විමට ඉඩ තිබෙ.

කෙසේ වුවද වලංගු විවාහයක් පවතින අතරතුර ඇතිකර ගනු ලබන දෙවන විවාහයක් ශුණ්‍ය හා බල රහිත එකක් වන අතර එහි බිරිදට නඩත් සදහා හෝ අයිතිවාසිකමක් නොමැත. එබදු විවාහයකින් උපදින දරැවන්ද අවිවාහජ දරැවන් ලෙස සැලකේ. එබදු විවාහයක දරැවන්ට අදාල ද්විවිවාහිකයාගේ දේපළ සදහා හෝ හිමිකමක් නොලැබෙ.ඒ දිවි විවාහය ගැන කරැණු ස්වල්පයක්.

දික්කසාද නඩුවෙ ස්වභාවය

ඊලග වැදගත් කරැණ තමයි, දික්කසාද නඩු කියන ඒවා පොලිසිය මගින් පවරණ අපරාධ නඩු මෙන් නොව, අපි විසින් මුදල් ගෙවා දිසා අධිකරණයක ගොණු කල යුතු සිවිල් ස්වභාවයේ නඩුවක් විම. සිවිල් අධිකරණයක නිතිඥ වරයෙකුගෙන් තොරව දික්කසාද නඩුවක් පැවරිම කිරිම ඉතා අපහසු කටයුත්තක්. තමාගේ නඩුව සදහා තමාට පෙනි සිටිමට අවකාශය පනතින් සලසා ඇතත්.කිසිදු විටක තමා නිතිඥයෙකු වන්නේ නමි සහ ප්‍රායෝගික ලෙස නිතිඥ වෘත්තියේ නියලෙන නිතිඥයෙකු වන්නේ නමි මිස, අන් කිසිවෙකුට මෙලෙස තමාගේ නඩුවට තමාම ඉදිරිපත්විම නිර්දේශ නොකෙරේ.මන්ද යත් එය ප්‍රායෝගික නොවන කරැණක් වන බැවිණි.

දික්කසාද නඩුවක් ෆයිල් කරන්නේ කොහොමද?
ඔබට දික්කසාද විමට අවශ්‍ය වන්නේ නමි මුලින්ම ගොස් නිතිඥ මහතෙකු හමුවන්න.කිසිදු කරැණක් නොසගවා සමිපුර්ණ සත්‍ය පැවසිමට වගබලාගන්න නිතිඥ මහතුන් තමාගේ සේවාදායකයින් ආරක්ෂා කිරිමටත්, ඔවුන්ගේ තොරතුරැ වල රහස්‍ය භාවය ආරක්ෂා කිරිමටත් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පනවන ලද රිති වලින් බැදි සිටින බැවින්. ඔබෙ තොරතුරැ වලට පුර්ණ ආරක්ෂාවක් ඇත.ඔබ මුනගැසිමට යන නිතිඥ මහතා දික්කසාද නඩු සමිබන්ධයෙන් කටයුතු නොකරන්නෙක් නමි ඔහු ඔබව සුදුසු වෙනත් නිතිඥයෙකු වෙත යොමු කරණු ලබයි. දික්කසාද නඩුවක් පැවරිය යුත්තේ ඔබ හෝ ඔබ දික්කසාද වන්නට යන පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ දිසා අධිකරණයේදියි.  

දික්කසාද නඩුවකට මොන තරමි වියදමක් දරන්න සිද්ධ වෙයිද?
දික්කසාද නඩුවක් යනු පෞද්ගලික ස්වභාවය ඇත්තාවු නඩුවක් බව කලින් සදහන් කරන ලදි. ඒ අනුව මෙ සදහා ඔබ විසින් පුද්ගලිකව වියදමි දරා පැමිණිල්ලක් සාදා එම පැමිණිල්ල අධිකරණයේ ගොනුකල යුතුයි. ඔබ නිතිඥ මහත්මයෙකු හමුවිමට ගිය විට, ඔබ වෙනුවෙන් දික්කසාද නඩුවක් පවරා පවත්වාගෙන යාම සදහා එම නිතිඥ මහතාට බලය පවරණ පෙරකලාසිය නමි ලිපියකට අත්සන් කිරිමට සිදුවනු ඇත. එම ලිපියට අත්සන් කල පසු නිතිඥ මහතා තමා වෙනුවෙන් නඩු පැවරිම සිදුකරණ අතර,එම පෙරකලාසිය අවලංගු කරන තුරැ එම නඩුව අධිකරණයේ අඩගසනු ලබන්නේ එම නිතිඥ මහතාගේ නමින් හා අංකයෙනි. ඔබගේ එම නිතිඥ මහතා හදුන්වනු ලබන්නේ ලේඛනගත නිතිඥ වශයෙනි. එම නිසා වලංගු පෙරකලාසියක් පවතින විට ඔබට වෙනත් නිතිඥයෙකු එම නඩුව සදහාම පත්කල නොහැකි අතර ලේඛන ගත නිතිඥවරයාට ඔබ වෙනුවෙන් නඩු විභාග සදහා හෝ වෙනත් යමි කරැණක් සදහා ජේශ්ඨනිතිඥවරයෙකු පත්කර ගැනිමට හැකියාව ඇත. අධිකරණයට ඉදිරිපත් කරණ සැම ලේඛනයක් සදහා ඔබට රජයට යමි මුදලක් ගෙවිමට සිදු වන අතර, ඔබවෙනුවෙන් නඩුව පවත්වාගෙන යෑම සදහා ඔබ විසින් පත්කර ගන්නා නිතිඥ මහතාගේ අයකිරිමත්, ජේශ්ඨනිතිඥවරයෙකු පත්කරගතහොත් ඔහුගේ අයකිරිමත් ඔබට ගෙවිමට සිදුවන් ඇත.

ඊලග ලිපියෙන් දික්කසාද නඩුවකදී ලබාගන්න පුලුවන් දික්කසාදයක් විතරමද කියන කරැණ විමසා බලමු.

12 අදහස්:

Anonymous said...

පරිපුර්ණ නොකල විවාහයකදි දික්කසාදයක් ගැනීමේදි දෙපාර්ශවයෙම කැමැත්ත ඒ සදහා තියෙන්න ඕනද??????

යූත්මැක්ස් said...

යම් කිසි හේතුවක් මත නිවස‍ට නොදන්වා විවාහය ලියාපදිංචි කරගත් යුවලක් වසර කිහිපයකට පසුව උත්සවයක් පවත්වා නැවතත් විවාහය ලියාපදිංචි කර ඇත්නම්, මෙහිදී නීතියට අනුව වරදක් පවතින්නේ ද? ද්වි විවාහයට අදාළ වරද මෙහි දී ත් ඔවුන් සිදු කර ඇත්ද?

Thanuja K. Jayasundara said...

කැමැත්ත කියන සාධකය මත ලංකාවෙ දික්කසාදය ලබාගන්න බැ. දික්කසාදයට හේතු 03 යි තියෙන්නේ. පරිපුර්ණ නොකල විවාහයක් නමි එය විවාහ වු දින සිටම ද්වෙශසහගත ලෙස අතහැරදැමිමක් සේ සලකා නඩු පවරන්න පුලුවන්. මිට අමතරව දෙන්නම කැමතියි නමි, දික්කසාද වෙන්න. නිතිඥ මහතා ඉක්මනින් දික්කසාදය ලබා ගන්නා අකාරය ඔබට කියා දෙවි.

Thanuja K. Jayasundara said...

යුත්මැක්ස්,

ද්විවිවාහය සදහා වලංගුවිවාහයක් පවතින විට තවත් පුද්ගලයෙක් විවාහ කරගන්න එකයි ද්වි විවාහය කියන්නේ. එකම පුද්ගලයන් අතර කසාද සහතික 02 ක් තිබිම ද්වි විවාහය නෙම. නමුත් මෙ වගේ ප්‍රශ්ණයක් ඔබට ඇති වෙන්න පුලුවන්. එහෙම අය ගොඩාක් ඉන්නවා. ඒ තමයි, කවද හරි ඔබට දික්කසාද වෙන්න ඔන වුනොත් ඒ කසාද සහතික 02 කම දික්කසාද කරන්නට සිදුවිම. ඒක ටිකක් අවධානයෙන් කරන්න ඔන වැඩක්.

Anonymous said...

පරිපූරන නොවු විවහායකදි එක පාරශවයක් දික්කසාද වීමට අකමැති වු විට අනිත් පාර්ශවයට දික් කසාදයක් ලබාගන්න බැරිද අර කලින් කියු කාරන තුන නැති නම් ..

Anonymous said...

දික්කසාද නඩුවකදී විත්තිකාරිය සිතාසිය භාර නොගන්නේ නම් හෝ නිතිය ඉදිරියට නොපැමිණෙන්නේ නම් ඉදීරියට කළ යුත්තේ කුමක්ද ?

Unknown said...

නිවසට සගවා විවාහ වී දෙදෙනා ගෙ කැමැත්ත අනුව නඩු නොගොස් වෙන් වෙන්න බැරිද..

Unknown said...

දෙදෙනාගේම කැමැත්තෙන් වෙන් වෙන්න බැරිද

Unknown said...

අනියම් සම්බන්දයක් නිසා දික්කසාද වෙන්න බැරිද

Unknown said...

මමත් දික්කසාදය බලාපොරොත්තු වෙන කෙනෙක්.මම දැනට වසර 4ක් වෙනවා විවාහ වෙලා.අවුරුදු තුනයි අපි එකට ජීවත් උනේ.අපෙන් දරුවෙක් ලැබුනා දරුවා නැති උනා.පස්සෙ මහත්තයා මගෙන් දික්කසාද වෙන්න ඕන කීව.අපි අතර ප්‍රශ්න .එයාගෙයි මගෙයි අදහස් පරස්පරය.එයා මට වඩා අවුරුදු 13ක් වැඩිමල් .අද මම ඉන්නෙ විදේශ ගතවෙලා .මහත්තයා ඉන්නෙ ලංකාවෙ .අපි දික්කසාද වෙන්න තීරනය කරලා ඉන්නෙ.විදේශ ගතවෙලා මම අවුරුදු 1ක් වෙනවා.මම දික්කසාද වීමට ලංකාවට එනවා.මට මාසයක් ඇතුලත දික්කසාදය ලබා ගැනීමට පුලුවන් ද

Blog27999 said...

Strange "water hack" burns 2 lbs overnight

More than 160,000 women and men are utilizing a simple and secret "liquid hack" to lose 2lbs each and every night as they sleep.

It is effective and it works with anybody.

Just follow these easy step:

1) Take a drinking glass and fill it with water half full

2) Proceed to use this weight loss hack

you'll become 2lbs thinner when you wake up!

Blog27999 said...

If you're looking to lose kilograms then you need to try this totally brand new custom keto meal plan diet.

To produce this service, licensed nutritionists, fitness trainers, and chefs united to develop keto meal plans that are useful, convenient, cost-efficient, and fun.

Since their launch in 2019, 1000's of individuals have already transformed their figure and health with the benefits a proper keto meal plan diet can give.

Speaking of benefits; in this link, you'll discover 8 scientifically-confirmed ones provided by the keto meal plan diet.

Post a Comment