Have an account?

Wednesday, April 21, 2010

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව. 04 කොටස


ඒ සදහා පනත මගින් දක්වන පිළියමි

මින් අනතුරුව සලකා බැලිය යුතු වැදගත්ම කරුණ වනුයේ පනත මගින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වලකාලීම සදහා ගෙන ඇති පියවර මොනවාද යන්නවෙ. පනතේ 02 වන වගන්තිය ප්‍රකාරව පීඩාවට පත් තැනැත්තකුට එම ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාව වැලැක්වීම සදහා ආරක්ෂක ආඥාවක් නිකුත් කරන මෙන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් කල හැකි බව දක්වා ඇත. පනත අධ්‍යනය කිරීමෙීදී පෙනී යන්නේ මුලික ලෙසම මෙී සමිබන්ධව පනත මගින් ආඥාවන් 03 ක් ක්‍රියාත්මක කරණ බව වෙ. ඒවා නමි:

i. අතුරු ආරක්ෂක ආඥාව

ii. ආරක්ෂක ආඥාව හා

iii. පරිපුරක ආඥාව වෙ

මෙ එක එකක් ගෙන සලකා බැලීමෙ දී පෙනී යන්නේ මෙම ආඥාවන් මගින්ද ඉන්ජංෂන් නියෝගන්ට සමාන කාර්යක් ඉටුකරණ බව වෙ. එනමි යමි පුද්ගලයෙකුට හෝ යමි පුද්ගල ක්ණ්ඩයකට යමි ක්‍රියාවක් කරණ ලෙස හෝ යමි ක්‍රියාවක් කිරීමෙන් වැලකී සිටින ලෙස නියොගකිරීම වෙී’ 2005 අංක 34 දරණ පනතේ 05 වන වගන්තියේ අතුරු ආරක්ෂන අඥාවක් යනු කුමක්ද යන්න දක්වා ඇත.

5(1) වගන්තියට අනුව අතුරු ආරක්ෂක ආඥාවක්-

(අ)මගින් ආරක්ෂක ආඥාවක් නිකුත්කිරීම විභාග වෙමින් පවතින අවස්ථාවක වගඋත්තරකරු විසින් යමි ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුකිරීම හෝ සිදුකිරීමට කටයුතු සැලැස්වීම වලක්වනු ලැබිය යුතුය’

(ආ)යමි සිද්ධියක අවස්ථානුගත කරුණු හේතුවෙන් යමි ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වැලැක්වීම සදහා යමි තහනමක් හෝ කොන්දේසියක් අවශ්‍ය බවට අවස්ථාවෝචිත පරිදි පීඩාවට පත් තැනැත්තා හෝ ඔහු වෙනුවෙන් වෙනත් යමි තැනැත්තකු විසින් හෝ වෙනත් යමි වැදගත් සාක්ෂිකරුවකු විසින් දිවිරුමි මත දෙන ලද සාක්ෂි මත අධිකරණය සෑහීමකට පත්වන විට 11 වන වගන්තියේ සදහන් වන කොන්දේසි අන්තර්ගත කරමින් මෙම නියෝගය නිකුත් කල හැක.

5(2) වගන්තියට අනුව අතුරු ආරක්ෂක ආඥාවක් නිකුත්කර ඇතිවිට-

(අ) පාර්ෂවයන්ගේ යහපත පිණිස පාර්ශවයන් උපදේශනය සදහා සමාජ සේවකයෙකුට හෝ පවුල් උපදේශකයෙකු වෙත යොමුකල හැකි අතර පාර්ශවයන්ට ඒ සදහා සහභාගී වන ලෙස නියම කල හැක.

(ආ)ප්‍රකාරව පීඩාවට පත් තැනැත්තා ආරක්ෂා කිරිමට සහ එම තැනැත්තාට වහාම ආරක්ෂාව සැපයීම සාධාරණ ලෙස අවශ්‍ය වන්නේ යැයි අධිකරණය සෑහීමකට පත් වන විට ආඥාව ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බලා අධිකරණයට නියමිත දිනකදී වාර්තා කරණ ලෙස සමාජ සේවකයෙකුට” පවුල් උපදේශකයෙකුට” පරිවාස නිළධාරියෙකුට, පවුල් සෞඛ්‍ය සේවකයෙකුට හෝ ළමා අයිතිවාසිකමි ප්‍රවර්ධන නිළධාරියෙකුට නියම කල යුතු බව දක්වා ඇත.

මෙ ආකාරයටම ආරක්ෂක ආඥාවක් යනු කවරක්ද යන්න පනතේ 10 වන වගන්තියේ දක්වා ඇත. ආරක්ෂක ආඥාවක්

(අ)මගින් යමි ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුකිරීමෙන් හෝ සිදුකිරීමට සැලැස්වීමෙන් වගඋත්තරකරු වලක්වනු ලැබිය යුතුය.

(ආ)පීඩාවට පත් තැනැත්තාගේ ආරක්ෂාව හා යහපත් සහතික වීම සදහා එසේ කිරීම අවශ්‍ය බවට අවස්ථානුගත කරුණු මත පීඩාවට පත් තැනැත්තා හෝ ඔහු වෙනුවෙන් වෙනත් යමි තැනැත්තකු හෝ වැදගත් සාක්ෂිකරුවකු විසින් දිවිරුමි මත දෙන ලද සාක්ෂි මත අධිකරණය සෑහීමකට පත්වන විට 11 වන වගන්තියේ සදහන් කොන්දේසි අන්තර්ගත කරමින් හෝ 12 වන වගන්තියේ සදහන් පරිපූරක ආඥාවක් ඇතුලත් කරමින් ආරක්ෂක ආඥාවක් නිකුත් කලයුතු බව දක්වා ඇත.

10(2) වගන්තියේ සදහන් වන්නේ මෙම ආඥාව මාස 12 ක කාලයන් නොයික්මවිය යුතු බවයි.

පීඩාවට පත් තැනැත්තකු හට ගත හැකි ප්‍රතිකර්ම පිළිබදව සැලකීමෙ දී 12 වන වගන්තියේ සදහන් පරිපුරක ආඥා වැදගත් තැනක් උසුලයි. 12(1) වන වගන්තියේ සදහන් වන පරිදි ආරක්ෂක ආඥාවක් කරණු ලැබ ඇති විටක දී හා පීඩාවට පත් තැනැත්තාගේ ආරක්ෂාව සෞඛ්‍ය සුභසාධනය ආරක්ෂාකිරීම අවශ්‍ය බව අධිකරණයට හැගී යන විටකදී මෙම ආඥා නිකුත්කල යුතු බව දක්වා ඇත. ඒ අනුව පරිපුරක ආඥාවක පහත කරුණු අන්තර්ගත කල හැක.

(අ) වගඋත්තර කරු සන්තකව පවතින යමි ආයුධ පොලීසියේ සන්තකයට ගැනීමට

(ආ)පීඩාවට පත් තැනැත්තාගේ හෝ ඔහුට ළමයි ඇත්මනි ඔවුන්ගේ පෞද්ගලික දේපළ එකතුකර ගැනීමට සහය වීම පිණිස පීඩාවට පත් තැනැත්තා සමග යමි ස්ථානයකට යාමට පොළිසියට නියම කිරීමට

(ඇ)විධානාත්මක උපදේශණ සැසිවාර මනෝ විද්‍යාත්මක සායන හෝ වෙනත් ආකාරයක පුනරුත්ථාපන ප්‍රතිකර්ම වලට සහභාගී වන ලෙෂ පීඩාවට පත් තැනැත්තන්ට හා වගඋත්තරකරුවන්ට නියම කිරීමට.

(ඈ)පීඩාවට පත් අය ඉල්ලා සිටී නමි ඔහුට හෝ ඇයට තාවකාලික නවාතැන් පහසුකමි සැපයීමට හා එම තොරතුරු රහසිගතව තබා ගැනීමට නියම කිරිමට.

(ඉ)සමාජ සේවකයෙකු පවුල් උපදේශකයෙකු පරිවාස නිළදාරියෙකු පවුල් සෞඛය සේවකයෙකු විසින් පීඩාවට පත් තැනැත්තා හා වගඋත්තරකරු අතර ආරක්ෂක ආඥාව ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කර අධිකරණයට මාස 03 කට වරක් වාර්තා කිරීමට නියොග කිරීමට.

(ඊ)යමි තැනැත්තෙකුට ආධාර කිරිමට වගඋත්තරකරුට කාර්යක් ඇති විට වගඋත්තරකරු විසින් එම තැනැත්තාට හදිසි මුදල් ආධාර ලබා දිය යුතු බවට.

(උ)11 වන වගන්තිය යටතේ කරණ ලද ආඥාවකින් පීඩාවට පත් තැනැත්තා නැවතී සිටින ස්ථානයට ඇතුල් වීමට හෝ එහි රුදී සිටීමට වගඋත්තරකරුට තහනමිකර ඇති විට එය නොතකා එම ආඥාව ක්‍රියාත්මක වෙමින් පවතින විටම පීඩාවට පත් පාර්හවය නැවතී සිටින ස්ථානයකම එම පාර්ශවය දිගටම නැවතී සිටීමට අවස්ථාවෝචිත පරිදි අවශ්‍ය වන ගෙවීමි කිරිම හා පහසුකමි සැලසීමට වගඋත්තරකරුට නියොග කිරිමට.

මෙම ආඥාවන් සමගම පනතේ 11 වන වගන්තිය විශේෂයෙන් සලකා බැලිය යුතු වෙී’ එයට හේතුව වන්නේ ආරක්ෂක ආඥා වන්ගේ හා අතුරු ආරක්ෂක ආඥාවන්ගේ අන්තර් ගත කල හැකි තහනමි කිරීමි දක්වනු ලබන්නේ මෙම වගන්තිය මගින් විම නිසයි’ ඒ අනුව 11(1) වන වගන්තියේ අන්තර්ගත තහනමි කිරිමි වනුයේ,

(අ)පීඩාවට පත් තැනැත්තා හා වගඋත්තරකරු හවුලේ වාසය කරණ යමි වාසස්ථානයකට හෝ එහි යමි කොටසකට ඇතුලුවීම.

(ආ)පීඩාවට පත් නැත්තාගේ වාසස්ථානයට, සේවා ස්ථානයට, පාසලට, ඇතුලු වීම.

(ඇ)පීඩාවට පත් තැනැත්තා තාවකාලිකව නැවතී සිටින යමි ස්ථානයකට ඇතුලු වීම.

(ඈ)පීඩාවට පත් තැනැත්තා විසින් සාමාන්‍යයෙන් වාසය කරණු ලබන හෝ වාසයකර ඇති හවුල් ස්ථානයකට හෝ එහි යමි කොටසකට ඇතුලු වීම හෝ ඒ තුල රුදී සිටීම

(ඉ)හවුලේ වාසය කරන නිවසක පදිංචිව සිටීම.

(ඊ)පීඩාවට පත් තැනැත්තාගේ යමි ළමයෙකු සමග සමිබන්ධතා පැවැත්වීම ඒ ළමයාගේ යහපත් සදහා වන බව අධිකරණය සෑහීමකට පත්වන විට අධිකරණය විසින් උචිත යැයි දක්වන කොන්දේසි සපුරන්නේනමි මිය තහනමි කිරීම

(උ)පීඩාවට පත් තැනැත්තා හවුලේ භුක්ති විදිනු ලබන සමිපත් ප්‍රයෝජනයට ගැනීමෙන් හෝ ඒවාට ප්‍රවෙශ වීම

(ඌ)කවරහෝ ආකාරයකින් පීඩාවට පත් තැනැත්තා හා සමිබන්ධ වන හෝ සමිබන්ධතාවයක් ඇතිකර ගැනීමට උත්සහ කිරීම

(එ)පීඩාවට පත් තැනැත්තාට සහය වන ඥාතිවරයෙකු මිතුරෙකු සමාජ සේවකයෙකු වෛද්‍ය නිලධාරියෙකු ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම

(ඒ)හිරිහැරයක් සිදුවන පරිදි පීඩාවට පත් තැනැත්තා පිටුපස ගමන් කිරීම

(ඔ)අධිකරණයේ මතය අනුව වගඋත්තරකරුගෙන් ආරක්ෂාව අවශ්‍ය වන පීඩාවට පත් තැනැත්තාගේ හෝ වෙනත් තැනැත්තෙකුගේ ආරක්ෂාවට යහපතට හෝ සෞඛයට හානිදායක වන්නාවූ ද අධිකරණය විසින් ආරක්ෂක ආඥාවෙී දක්වනු ලබන වෙනත් ක්‍රියාකලාපයක නියැලීම

(ඔ) පීඩාවට පත් තැනැත්තා අසරණ තත්වයට පත්වන පරිදි වෛයිවාහක නිවස විකිණිම පැවරීම අන්සතු කිරීම හො වෙනත් බරක් පැටවෙන ආකාරයට කටයුතු කිරීම

ආදිය තහනමි කරණු ලැබිය හැකි බව දක්වා ඇත. ඉහතින් දක්වන ලද 11 වන වගන්තිය හා 12 වන වගන්තිය යන වගන්තීන් දෙකේම විශේෂ ලක්ෂණය වනුයේ ඒවා ප්‍රධාන ආඥාවන් සමගම නිකුත්කරුණු ලබන අතුරු ආඥාවන්හි ස්වරූපයක් දැරීම වෙී නමුත් මෙහි ආරමිභයේදීම සටහන් කල පරිදි පවුල් ඒකකය ගොඩ නැගෙනුයේ විවාහය යන පදනම මතවෙ. යමි විටක එම පදනම බිද වැටීම තුලින් පවුල ද විසිරී යනු ඇත. එංගලන්තය වැනි රටවල විවාහ සංස්ථාව බිදවැටීම යන කරුණ මත දික්කසාදයක් ලබා ගැනීමට අවකාශ ඇත. ඒ අනුව බලන කල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද දික්කසාදයට හේතුවක් විය යුතුය. රෝම ලන්දේසි හා ඉංග්‍රීසි නීතියේ සමිමිශ්‍රණයක් වන අප නීතිය තුල තවමත් දික්කසාදය සදහා පදනම වනුයේ සාමාන්‍ය විවාහ ආඥා පනතේ 19 වන වගන්තියේ දක්වා ඇති වෛයිවාහක වැරදි 03 පමණක් වෙ.

ප්‍රචණ්ඩත්වය ඇති තැන පැහැදිලි ලෙසම සාර්ථක පවුලක්ද පැවතීමෙී හැකියාව අල්ප වෙ. මෙ අනුව මෙම පනතේ පුර්විකාවෙ දක්වා ඇති පරිදි මුඛ්‍ය පරමාර්ථය වනුයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීම වෙ. නමුත් ගැටලුව වනුයේ 11 වන වගන්තිය යටතේ වන තහනමි කිරීමි වල මූලික පරමාර්ථය වී ඇත්තේ පීඩාවට පත් තැනැත්තා පීඩකයාගෙන් ඉවත්කර තැබීම වන අතර 12 වන වගන්තිය පුනරුත්ථාපනය යන සංකල්පය මත පිහිටා කටයුතු කරණු ලබයි. මෙබදු පනතක පරමාර්ථය වියයුත්තෙ හුදු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමම පමණක් නොවිය යුතුය. එනමි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට පියවර ගනිමින්ම පවුල් ඒකකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීමද කලයුතු වන නිසා 11 වන වගන්තියේ දක්වන ආඥාවන් වඩා සුපරික්ෂාකාරී ලෙස භාවිතා කල යුතුව ඇත.

තත්වය එසේ තිබියදී වර්තමාන සමාජය තුල යක්ෂයා විසින් පතුරුවාලනු ලැබු දුෂ්චර්යාවෙ බීජ වීප්තිය ඇරඹී ඇති බැවින් මිනිසා තුළ ද සැහැසිකමි හා ප්‍රචණ්ඩත්වය ද දිනෙන් දිනම වර්ධනය වීමට පටන්ගෙන ඇත. එබැවින් දුබලයා බලගැන්වීම තුලින් සමාජ තුලනයක් ඇතිකිරීම යුගයේ අවශ්‍යතාවයක්ව ඇත. එය සපුරාලනු වස් 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමෙ පනත මගින් මුලපුරා තිබීම අතීත කියමනක දක්වන ලද පරිදි කොකා විසින් ඩැහැ ගන්නා ලද තිත්තයා සතුවු වාරය නැවත ලබා දීමක් වැනිය යැයි කිවහොත් සාධාරණ වනු ඇත. මෙම පනතේ පරමාර්ථය සඵලවී සැමට සුවදායි ප්‍රචණ්ඩත්නයෙන් තොර සාමකාමී සමාජයක් බීහිවෙවායි යන්න සියල්ලන්ගේම පැතුම වනු නොඅනුමානය.

තනූජ කේ. ජයසුන්දර

(උපුටාගැනීම සපුරා තහනමි)

0 අදහස්:

Post a Comment