ලොව සෑම යුගයකම පාහේ ප්‍රබල කථිකාවන් ගොඩනැගීමෙහිලා මුලික වූ ගැටලු දක්නට ඇත. මින් ඇතැමි වා කාලයාගේ ඇවෑමෙන් මිනිසාගේ ශිෂ්ටාචාරය ආකල්ප සදාවාරය හා සමාජීය අවශ්‍යතාවයන් මත වියකී ගොස් ඇත. නමුත් මින් තවත් සමහරක් අතීත වර්තමාන හා අනාගත යන තුන් කල්හිම සදාතනික පිළිතුරු රහිත ප්‍රශ්නයන්ව සදාකල් පවතිනු ඇත.

මිනිසාද සත්තවයකි. නමුත් මානව වර්ගයා අන් සත්තවයන්ගෙන් මුලික වශයෙන්ම වෙනස් කරන්නාවූ එක් සාධකයක් පවතියි. එනමි වචනයේ පරිසමාප්ත අරථයෙන්ම මනුස් හෙවත් මනසින් උසස් යන්න වෙයි’ එබැවින් මිනිසාටද අන් සත්තවයි හා පවතින්නාවූ ද සියලු සත්තවයින්ට පොදු වූද පුර්වජ ලක්ෂණයන් තමාගේ මනස මෙහෙයවා සංයමයකින් යුක්තව පාලනය කිරිමට අවකාශ ලැබී ඇත. එබැවින් මිනිසා සතුව ශිෂ්ටාචාරයක් හා අනන්‍ය සමාජ ක්‍රමයක් ගොඩනැගී ඇත. සදාචාරය හා දුරාචාරය එම සමාජක්‍රමයම පදනමි වන්නාවූ සාධක මත මිනිසාට නිර්මාණය කර දෙනු ඇත. නමුත් ප්‍රබලයා විසින් දුබලයා පෙලීම යන සමස්ථ සත්තව රාජධානිය තුල දැකිය හැකි සහජ ප්‍රවෙණිය මිනිසා තුළ ද නොඅඩුව පවතිනු ඇත. සත්තවයින්ගෙන් ප්‍රබලයෝ අන්තඃ විශේෂික වශයෙන් හෝ තම විශේෂයෙන් පිට දුබල සත්තවයින් සිය ආහාර වශයෙන් ගොදුරු කර ගනිති. සෑම විශේෂයක් තුලම සත්තවයින් තම ශරීර ශක්තිය හා ප්‍රචණ්ඩකාරිත්වය ප්‍රදර්ශණය කිරිම තුලින් දුබලයා පරදා සිය සහකරු හෝ සහකාරිය සොයාගනු ලබයි’ ඩාවින් විසින් සදහන්කිරීමට යෙදුන ස්වභාවික වරණ වාදයටද මෙය රුකුලක් වෙ. මෙබදු දහසකුත් එකක් උදාහරණ ඉදිරිපත් කිරීම මගින් සත්තවයින් තුල ස්වභාවික වශයෙන්ම පවතින්නාවු ප්‍රචණ්ඩකාරීත්ව නැඹුරුව පෙන්වාලීමට හැකියාව ඇත.

නමුත් ඉහතින් සදහන් කල පරිදි මිනිසා සතුව විශේෂිතවු සමාජීය හර පද්ධතියක් පවතින බැවින්. එම පද්ධතිය තුල මිනිසාට හැඩ ගැසීමට සිදුවෙයි. එබැවින් දුබලයා යටපත්කිරීමෙී න්‍යාය අන් සත්වයින් තුල ප්‍රකාශ වන අකාරයටම මිනිසා තුල ප්‍රකාශවීමට ඉඩ නැත. නමුත් සත්තවයින් තුල වන්නාවු මෙ සහජ නැඹුරුව මිනිසා තුලද නොඅඩුව පවතින බැවින් එය වෙනත් සවරුප මගින් මිනිසා විසින් ප්‍රකාශ කරනු ලබයි. මුලික වශයෙන්ම මෙය මිනිස් සමාජය මුලික කරගනිමින් සිදු වනනේ සමාජීය වශයෙන් ප්‍රබලයෙකු සමාජය තුලම සිටින්නාවු තවත් දුබලයෙකු ප්‍රචණ්ඩත්වය තුලින් යටපත් කිරීම මගින් බව පැහැදිලි වෙ. එය එසේ වන්නේ නමි මානව සමාජය තුල ප්‍රබලයා හා දුබලයා නිර්ණය වීම බහුවිධ සාධක මත බහුවිධ ආකාරයෙන් සිදුවනු ඇත.

එය එසේ වුවද මෙම ලිපිය මගින් විවරණය කිරීමට සැරසෙනුයේ සමාජය තුල න්‍යෂ්ටික ඒකකය වන පවුල තුල ප්‍රබලයා හා දුබලයා නිර්ණය වීම මත ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම හා එය මැඩීමට ආනුශංගික නෛතිකමය හා සමාජීය කරුණු වෙ.

ස්වභාවික ලෙසම ස්වභාවධර්මයා විසින් කාන්තාවන්ට අඩු සැලකිල්ලක් දක්වා ඇත. කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ පටක විද්‍යාවට අනුව ශරීරය තුළ ශක්තිය ජනනය හා බැදී පවතින රුධීර ෙසෙල වන රක්තානු මිලිලීටර එකක් සලකා බැලු විට පුරුෂයන්ට වඩා කාන්තාවන්ගේ ෙසෙල මිලියනයක අඩුවක් පවතී. ඒ අනුව ස්ත්‍රිය පුරුෂයා හමුවෙ ස්වභාවික ලෙසම දුබලයා වෙ. වයස් හේදයෙන් තොරව දරුවන් හා බාලවයස්කරුවන් අත්දැකීමි හා වයසින් ශරීර ශක්තිය හා ප්‍රමාණය යන සාධක අතරින් කිහිපයක් හෝ සියල්ල මත වැඩිහිටියන් අභිමුව දුබලයෝ වෙති. මෙම කරුණු පදනමි කරගනිමින් අපගේ ශිෂ්ඨාචාරය විකාශනය වු නිසා පිතෘ මුලික සමාජයන් ජනිත විය. නමුත් මෙි අතර මාතෘ මුලික සමාජයන්ද නැතුවාම නොවෙ. නමුත් එබදු සමාජයක් තුල ප්‍රමිති මටිටමෙ අගය ඉහල වනු ඇතැයි සිතිය හැක. එසේ වුවද බහුතරයක් වු පීතෘ මුලික සමාජයන් සලකා බැලීමෙදී මුල්කාලීන රෝම ශිෂ්ටාචාරය දෙස අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වනු ඇත. රෝම ශිෂ්ඨාචාරය තුල පේටර් ෆැමිලියා සතුව අති විශාල බලයක් පැවති අතර එම බලය මත සිය පවුලේ ඒකාධිපතියා වුයේ ඔහුය. බොහොවිට එම බලය ප්‍රචණ්ඩත්වයට නැඹුරුවක් දක්වන්නට ඇතැයි අනුමාන කල හැක්කේ ඔහු සතු බලය සිය පවුල තුල ඔනෑම අයෙක් මරණයට පත් කිරීමටත් ඔහුගේ වචනයට පවුලේ සෙසු සාමාජිකයන් සියල්ලෝම කැමැත්තේන් හෝ අකැමැත්තෙන් අවනත වීමට සිදුවීමත් තෙක් පුලුල්ව පැවති බැවිනි. කෙසේ වුවද සියවස් ගනණාවකට පසු අද සන්ධිස්ථානයක් වෙත අප ගෙනඑනු ලැබ තිඛෙ. නූතන සමාජය තුළ වන්නාවු තරගකාරීත්වය හා අසීමිත සැප සමිපත් සොයා දිවයන ගමනේ දී වත්මන් මිනිසාගේ මානසික ආතතීන් උග්‍ර තත්වයකට පත්වී තිඛෙ. මිනිසා ඒ තුළම ජීවත්වන්නට යාමෙන් සමාජමය වශයෙන් පවුල් ඒකකය දෙදරා යෑමට එය ප්‍රබල පසුබිමක් නිර්මානය කර තිඛෙ. මානසික ආතතීන් දුරලීමෙහිලාත් මුලින් සදහන් කිරිමට යෙදුන සත්තවයන් සතු සහජ අයහපත් ලක්ෂනයන් යටපත් කිරීමෙහිලාත් සමාජය මගින්ම මිනිසා වෙත ලබා දි ඇති මහගු දායාදය වන්නේ ස්වකීය සමාජහිතකාමී ලබිධියයි. මිනිසාගේ කාර්යබහුලත්වය සමගම එයද මිනිසාගෙන් බොහෝ සෙයින් දුරස්ථ වී ඇති හෙයින් සමාජය තුළ ප්‍රචණ්ඩකාරි සහජගති මෙ වකවානුව තුල පුලුල් ලෙස ඉස්මතුවී තිඛෙ. බෞද්ධ දර්ශනය තුල සර්වකාලීන හා සර්ව සාධාරණ ඉගැන්වීමක් ලෙස යමි මිනිසෙකු සදාචාරවත් වන්නේ කවර හේතූන් නිසාදැයි දක්වා ඇත. එනමි එය

1- යමෙක් තම හෘද සාක්ෂියට දක්වන බිය මත”

2- යමෙක් සමාජය කෙරේ දක්වන බිය මත”

3- යමෙක් ආගම දහමට දක්වන බිය මත”

4- හා දණ්ඩනයට හා නීතියට දක්වන බිය මත වෙ’

යමි අවස්ථාවක සමාජයක් ඉහත 1, 2, 3, අවස්ථා යටතේ පාළනය කල නොහැකි වූ විට ඉහත සිවි වන අවස්ථාව ඉස්මතුවීම මගින් සමාජය සුදුසු තත්වයට පත්කරණු ලබයි. මෙය නීතියේ පාළනය ලෙස හැදින්වෙ. මෙ අනුව බලන කල අනාදිමත් කාලයක සිට දැහැමි ශිෂ්ඨ සමිපන්න සමාජයක් ලෙස හදුනාගෙන තිබු අප සමාජය තුළ ද ප්‍රචණ්ඩත්වය නමි කාරකය ඉහත 1”2”3 අවස්ථා පරයා නැගි සිට ඇති බැවින් එය මර්දනය කර සුවදායී සමාජයක් ඇතිකිරීමෙහි පරමාර්ථය ශාක්ෂාත් කරගැනීමටත් 1981 සැප්තැමිබර් මස 03 වන දිනෙන් ඇරඹි ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාර වෙනස්කමි පිටු දැකීමෙී සමිමුතියේ 02 (ආ) වන වගන්තියේ සදහන් වන ආකාරයට ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාර වෙනස්කමි තහනමි කරමින් අවශ්‍ය තැන්හි සුදුසු දඩුවමිද ඇතුලත් යෝග්‍ය අණපනත් හා වෙනත් කි්‍රයාමාර්ග සමිමත කර ගැනීම යන්න සහ 1989 නොවැමිබර් මස 20 වන දින අනුමත කරන ලද ළමා අයිතිවාසිකමි පිළිබද ප්‍රඥප්තියේ 2 (2) වි්‍යවස්ථාව ප්‍රකාර ළමයාගේ දෙමාපියන්ගේ නීත්‍යානුකූල භාරකරුවන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ තත්වය ක්‍රියාකාරකමි ප්‍රකාශිත අදහස් හෝ විශ්වාසය පදනමි කරගත් සියලු ආකාරයේ විශේෂයන්ට හෝ දඩුවමි වලට හෝ එරෙහිව ළමයා ආරක්ෂා වන බවට වගබලා ගැනීම පිණිස සියලු සුසුසු පියවර ගත යුතුය යන්නත් හා ඉන් තවත් ඉදිරියට ගොස් කාන්තාවන්ගේ හෝ ළමයින්ගේ පමණක් නොව පවුල් පරිසරය තුල දී ප්‍රචණ්ඩත්වයට පත් වන්නාවු සෑම දෙනාගේම අයිතිවාසිකමි ආරක්ෂාකර දීම පිණිස 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රීයා වැලැක්වීමෙ පනත දැන් ක්‍රියාත්මකව පවතී.

තනූජ කේ. ජයසුන්දර

(උපුටාගැනීම සපුරා තහනමි)