වලසා හා බිළිදා 02 කොටස ළමා අපයෝජන යනු කවරෙක්ද?

ළමා අපයෝජනයක් වශයෙන් හදුන්වනු ලබන්නේ ළමයාගේ වර්ධනයට සෞඛ්‍යට සෘජු ලෙසම හෝ ව්‍යගිකව හානිකර හෝ හානි වීමට ඉඩ සලසන හෝ ළමයා වද වෙදනා වලට ලක් කරණ ක්‍රියාවක් කිරිම හෝ ළමයාගේ උපරිම යහපත සදහා පාදක වන ක්‍රියාවක් නොකර හැරිම වෙ.

ළමා අපයෝජන පිළිබදව සැලකීමෙ දී බහුල ලෙස දැකිය හැකි ළමා අපයොජන ලෙස
1. ලිංගික අපයෝජනය,
2. ශාරිරීක අපයෝජනය,
3. පෝෂණය නොසලකාහැරීම,
4. චිත්තවෙගාත්මක අපයෝජනය,
5. නීති විරෝධි ලෙස ළමුන් සේවයේ යෙදවීම,
6. ළමයින් වෙළදාමි කිරීම,
7. ළමයින් කෘෘරත්වයට පත්කිරීම, දැක්විය හැක.
ලිංගික අපයෝජනය

මෙම සියලු අපයෝජන තත්වයන් අතරින් වර්තමානයේ ප්‍රමුඛත්වයක් ගෙන ඇත්තේ ලිංගික අපයෝජනය වෙ. මෙයට මූලිකම හේතුව ලෙස ගෙනහැර දැක්විය හැක්කේ විවෘත ආර්ථික ප්‍රතිපත්ථිය ඔස්සේ සංස්කෘතික සංයෝජනය සිදුවීම වෙ. මෙහිදී විවෘත ආර්ථික ක්‍රියාදාමය ඔස්සේ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ නිදහසේ ගලා එන්නාවූ සමාජ දූෂක කාරකයන් නිසා සදාචාරය හා දුරාචාරය අතර මිනිස් මනස තුලනයට ලක්වී ඇත. මෙවැනි සමාජ තත්වයක් යටතේ දුරාචාරයට ප්‍රමුඛත්වයක් ලබානොදෙනු ඇතැයි සිතීම උගහටය. මෙය සමාජය තුල කෙතරමි උඩු දුවන ලද ප්‍රශ්ණයක්ද යන්න වත්මන් සිනමාව හා විද්‍යුත්මාධ්‍ය උදාහරණයට ගැනිමෙන් පැහැදිලි වෙ. පූර්වකාලින ලෙස වරණයට බදුන්කිරිම තුලින් නිකුත් කරණ ලද පවුලේ සැමට රස විදිය හැකි උසස් විද්‍යුත් මාධ්‍ය නිර්මාණ වෙනුවටල වර්තමානයේ රීදී තිරය මෙන්ම පුංචි තිරයද ආක්‍රමණය කර ඇත්තේ වැඩිහිටියන්ට පමණයි යන ලේබලයෙන් විලිවසා ගන්නා ලද පහත් නිර්මාන වෙ. මෙවා සමාජයේ ජනයාගේ රසාඥ භාවය දුරුකරන අතරම කුඩාකල සිටම දරුවාගේ මනස අපචාරි ක්‍රියාවන් සදහා වැඩිහිටි වු විට මෙහෙයවනු උදෙසා පූර්ව සුදානමකට ලක්කරණල පුහුණුවීමෙ වැඩසටහන් වැනිය. සිසිල්බීම වෙවා පෑනක් හෝ වෙවා අලෙවිකරණු වස් කාන්තාවන්ගේ නග්න ශරිරය උත්තජෙකාරකයක් වශයෙන් යොදා ඇති වෙළද ප්‍රචාරක දැන්වීම ප්‍රමානය දෙස අවධානය යොමුකිරීමෙන්ම මෙම තත්වය පහසුවෙන් වටහාගත හැක.

ලිංගික අපයෝජනය පිලිබදව වැරදි සැලකීමෙ දි ඒවා ඉතා පුලුල් පරාසයක ව්‍යාප්තව තිබෙ. ඒවා පහත ලෙස සාධාරණ වර්ගීකරණයකට බදුන් කලහැක.

1. බරපතල ලිංගික අපයෝජනය,
2. අස්වාභාවික වැරදි,
3. සමලිංගික සේවනය (තැනැත්තන් අතර අශිශ්ඨ ක්‍රියා)
4. කුටිටනය,
5. ව්‍යාභිවාරය,
6. ළමයින් සමිබන්ධව කරණ අසභ්‍ය පල කිරිමි හා ප්‍රදරශන,
7. ගැහැණු ළමයින් දූෂණය කිරීම,
8. ළමයින්ගන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනිම,

දැක්විය හැක. එලෙසම ඉහත අපයෝජනය සිදුකල හැකි ආකාරය අනුවද වර්ගීකරනයට ලක්කල හැක. එනමි.

1. ස්පර්ශ කිරිමෙන් කරණු ලබන අපචාර හා
2. ස්පර්ශ කිරිමෙන් තොරව කරණු ලබන අපචාර වශයෙනි.

ස්පර්ශ කිරීමෙන් කරනු ලබන අපචාර වශයෙන්,

• ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් බලෙන් ස්පර්ශ කිරිම,
• ළමයෙක් අකමැති ස්ථානයක් ස්පර්ශ කිරිම,
• පහර දිමෙන් ලිංගික අතවර කිරීම,
• ලිංගික අවයව ස්පර්ශයට ළමයෙකුට ප්‍රතිශ්ඨාවකින් අනුග්‍රහය දැක්වීම

ආදී වශයෙන් වෙ. ස්පර්ශ කිරීමෙන් තොරව කරණු ලබන අපචාරයන් ලෙස,

• ළමයාට ලිංගෙන්ද්‍රීය ප්‍රදර්ශනයට බලකිරීම,
• ලිංගික අපචාරයන්ට යොමුකරගැනීමෙ අදහසින් ළමයින්ට ලිංගේන්ද්‍රියන් ප්‍රදර්ශනය කිරීම,
• ළමයින්ට ලිංගික අපචාර හා සමිබන්ධ චිත්‍රපට වීඩියෝපට ප්‍රදර්ශනය කිරීම,

ආදී වශයෙන් ලිංගික අපචාරි ක්‍රියාවන් සදහා ළමයින් පෙළඹවීමට යොමුකරණ ක්‍රම රුසක් ඇත. මෙම සැම ක්‍රියාවක්ම,

• දර්ශන කාමිත්වය හෙවත් වෙනත් අයෙතුගේ නග්න ශරීරය දැකීමෙන් ලිංගික තෘප්තිය ලැබීම.
• ප්‍රදර්ශනකාමීත්වය හෙවත් වෙනත් අයෙකුට තම ශරීරය ප්‍රදර්ශනය කිරීම තුලින් ලිංගික තෘප්තියක් ලැබීම.
• පර පීඩා කාමුකත්වය හෙවත් අන් අයෙකුගේ ශරීරයට පිඩාවක් සිදු කිරීම තුලින් ලිංගික තෘප්තියක් ලැබීම හා
• සම ලිංගිකත්වය යන මනො විකෘති තත්වයන් නිසා ව්‍යුත්පන්න වන්නාවූ ද්වීතියික හෝ සෘජු තත්වයන් වශයෙන් දක්වා ඇත.

මනොවිද්‍යාත්මක ලෙස ඉහතින් සදහන් කරන ලද තත්වයන් සදහා බොහෝදුරට හේතු වන්නේ එකි තත්වයන් ගෙන් පෙලෙන තැනැත්තන්ද ජිවිතයේ කිසියමි හෝ අවස්ථාවක යමි ආකාරයක අපචාරී ක්‍රියාවකට ගොදුරුවී තිබීම බව පර්යේෂණ මගින් සනාථ කර ඇත. කෙසේ වුවද මෙබදු තැනැත්තන් ගේ ගොදුරු බවට පහසුවෙන්ම පත්කරගත හැකි වනුයේ හයක් හතරක් නොතේරෙන ළමයින් විම ළමා අපචාර බහුල විමට රුකුලක් වී ඇත. මෙවැනි පුද්ගලයින් මනෝ ප්‍රතිකාර ඔස්සේ ප්‍රකෘති තත්වයට පත්කල හැකි වුවද, සාමාන්‍ය සමාජය තුල මොවුන් හදුනාගැනීම අතිදුෂ්කර වන්නේ අයෙකුගේ මනස කියවිය හැකි පරචිත්ත විජානන ඥානය අපසතුව නොපවතින බැවිනි. මොවුන් හදුනාගත හැකි එකම ආකාරය වන්නේ යමි අපචාරීක්‍රියාවක් සමිබන්ධව අධිකරණය ඉදිරියේ නඩු නිමිත්තක් උපචය වන අවස්ථාවකදී වන නිසා, එබදු විට මොවුන් බන්ධනනාගාර ගත කිරීම තුලින් සමාජයෙන් ඈත්කර තබනු වෙනුවට මොවුන් මනෝ පුනරුත්ථාපනය සදහා යොමුකිරිම වඩා ප්‍රායෝගිකවෙ.

නීතිඥ තනූජ කේ. ජයසුන්දර

(උපුටාගැණිම සපුරා තහනමි)