පීඩාවට පත් තැනැත්තා හා පීඩාවට පත් තැනැත්තාට අදාලව අදාල තැනැත්තා අතර ඇති පෞද්ගලික ස්වභාවයේ සමිබන්ධතාවයෙන් පැනනගින්නාවූ ද නිවසේ පරිසරය තුලදී හෝ පිටත දී අදාල තැනැත්තෙකු විසින් කරන ලද හෝ ඇතිකරණ ලද සහ

(අ) පළමු වන උපලේඛණයේ නිශ්චිතව සදහන්ව ඇති යමි වරදක්

(ආ) යමි උද්වෙගශීලි බැන වැදීමක් වෙ.

මෙහිදී උද්වෙගශිලි බැනවැදීමක් යනු කවරක්ද යන්න පනත මගින්ම අර්ථ දක්වා ඇත. එයට අනුව පීඩාවට පත් තැනැත්තෙකු කෙරෙහි යොමුකරන ලද බරපතල ස්වභාවයේ අවමන් කිරීමෙී හෝ අපහාස කිරීමෙ ක්‍රියාකලාපයක ස්වරූපයෙන් යුක්ත වන්නාවූ ද ඒ පීඩාවට පත් තැනැත්තාට බරපතල ක්ෂණික පීඩාවක් ඇතිකිරීමෙ බලපෑමක් ඇතිවන්නාවූද ක්‍රියාවක් අදහස් වෙ.

මෙ අනුව සලකා බැලිමෙ දි පනතේ මෙම ප්‍රතිපාදනය මගින් පෙනී යන්නෙ උද්වෙගශිලි බැනවැදීම නමි පනත මගින් ඇතිකර ඇති එම වරද ඔප්පුකරන්නාවු ඔනෑම අයෙකුට පනතේ අන් පර්වෙශනයන්ට යටත්ව වරදක් ස්ථාපනය කිරීමට හැකියාවක් ඇති බවයි. දැනට මද කලකට මත්තෙන් නීති පොතෙන් පීඩාකාරී නීතියක් වශයෙන් හංවඩු ගසා ඉවත්කිරීමට යෙදුන අපකීර්තීකරණය හෙවත් සාපරාධී අපහාසය යන්නට මෙම පනතේ මෙම ප්‍රථිපාදනය බොහෝ සමරූපි තාවයක් දක්වනු ඇත. නමුත් දණ්ඩනීති සංග්‍රහයේ වු අපකීර්තී කරණය යන්නට සාධාරණිකරණය ආදී බොහෝ වී්‍යතිරේඛි අවස්ථාවන් හා සීමාකිරීමි දක්නට වුවද මෙම පනත යටතේ මෙම ප්‍රථිපාදනයට වන්නාවු එකම සීමා කිරීම වන්නේ ද්වෙශසහගත බැණ වැදීම පාර්ශවයන්ගේ පෞද්ගලික සමිබන්ධතා මත පදනමි විය යුතුය යන්න පමණි. බොහෝ විට මෙබදු ද්වෙශසහගත බැණවැදීම වැනි කරුණු පුද්ගල චරිත ලක්ෂණ හා බැදී පවතින හෙයින් මවක් විසින් සිය දරුවා යහ මගට ගැනීමෙ චෙතනාවෙන් කරණු ලබන බැනවැදීමකද ඉහත කරුණු සියල්ලම පාහේ සංයුක්ත වන අවස්ථාවන් පැවතීමට බොහෝසෙයින් ශ්‍රී ලංකාව වැනි සමාජයක හැකියාවක් ඇත. මෙම තත්වය යටතේ හා පනතේ (2) (ආ) වගන්තිය ප්‍රකාරව පීඩාවට පත් තැනැත්තා ළමයෙකු වන අවස්ථාවක ඒ ළමයා වෙනුවෙන් අධිකරණයෙන් කරණු ලබන ඉල්ලීමි

i. ළමයාගේ දෙමාපියන්ගෙන් එක් අයෙකු විසින් හෝ ළමයාගේ භාරකරුවකු විසින්

ii. ළමයා පදිංචි ස්ථානයේ පදිංචි තැනැත්තකු විසින්

iii. 1985 අංක 50 දරණ ජාතික ළමාරක්ෂණ අධිකාරිය පනත යටතේ පිහිටුවනු ලැබු ජාතික ළමා රක්ෂණ අධිකාරිය විසින් ලිඛිතව බලය පවරණු ලැබූ තැනැත්තකු විසින්

ඉදිරිපත් කරීමට ප්‍රථිපාදන සලස්වා ඇති බැවින් හා පනත මගින් මෙම ප්‍රථිපාදනයට සීමාකිරීමි දක්වා නොතිබීමත් යන හේතු මත යමි පෞද්ගලික හේතූන් මත තැනැත්තන් අධිකරණය නොමග යැවීමට අවධානමක් පවතී’ එබැවින් පනත මගින් දක්වා ඇති මෙම ප්‍රථිපාදනය ප්‍රවෙීශමිකාරී ලෙස භාවිතා කල යුතු බව පැහැදිලි වෙ. තවදුරටත් මෙම ප්‍රතිපාදනය යටතේ අධිකරණය ඉදිරියේ වරදකරු කර ආඥාවක් නිකුත්කරණු ලබන තැනැත්තෙකුට අපහාසය සමිබන්ධයෙන් දිසා අධිකරණයක වන්දි ඉල්ලා පවරණු ලබන සිවිල් නඩු කටයුත්තකට එම කරුණු පාදක කරගත හැකිවනු ඇත.

(අ) වගන්තිය ප්‍රකාරව පනතේ පළමු වන උපලේඛනයේ සදහන් වන කරුණු සලකා බැලීම වැදගත්වෙ. එයට අනුව පනත ප්‍රකාර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අයත් වන්නේ

i. දණ්ඩ නීති සංග්‍රහයේ xiv වන පරිඡ්චෙදයේ අන්තර්ගත සියලු වැරදි

ii. දණ්ඩ නීති සංග්‍රහයේ 372 වගන්තිය ප්‍රකාර බලෙන් ලබාගැනීමෙ වරද

iii. දණ්ඩ නීති සංග්‍රහයේ 483 වන වගන්තිය ප්‍රකාර සාපරාධි බියගැන්වීම

iv. ඉහත සදහන් වැරදි වලින් යමි වරදක් කිරීමට තැත්කිරිම

මෙහි දී මෙම එක් එක් කරුණ ගෙන වෙන වෙනම සලකා බැලීම වැදගත් වනු ඇත. මෙහිදී පෙනී යන්නාවු වැදගත්ම ලක්ෂනයක් වනුයේ 2005 අංක 34 දරණ පනතේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යන්න සංයුක්ත වනුයේ දණ්ඩ නීති සංග්‍රයේ වන වන වරදවල් පාදක කරගෙන වීමයි. දණ්ඩ නීති සංග්‍රහය යටතේ සමහර වැරදි කිරීමට තැත් කිරීම පනත මගින්ම වරදක් බවට ප්‍රකාශයට පත්කර ඇති මුත් 2005 අංක 34 දරණ පනතේ පළමුවන උපලේඛනයේ සදහන් වන පරිදි භේදයකින් තොරව එහි සදහන් වන සියලු වැරදි කිරීමට තැත්කිරීම ද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සංයුක්ත වන බව දක්වා ඇත.

දණ්ඩනීති සංග්‍රහයේ xiv වන පරිඡ්චෙදය 293 වන වගන්තියේ සිට 365 වන වගන්තිය දක්වා වගන්ති 72 කින් සමන්විත වන්නාවු පුලුල් පරිචිඡෙදයක් වන අතර මෙහි ශිර්ෂය ලෙස දක්වා ඇත්තේ මනුශ්‍ය ශරීරයට බලපාන්නාවු වැරදි යන්නවෙ. මෙ අනුව

i. ජීවිතයට බලපාන වැරදි (293-302)

ii. ගබිසාකිරීම” නූපන් දරුවනට අනතුරුකිරීම” ළදරුවන් අත්හැරදැමීම හා දරු උපත් සැගවීම (303-309)

iii. තුවාල සිදුකිරීම (310-329)

iv අයුතු අවහිරය හා සිරකර තැබීම (330-339)

v. සාපරාධී බලහත්කාරය හා අඩත්තේටිටමි කිරීම (340-349)

vi. අපහරණය පැහැරගෙනයාම හා වහල්කම (350-362)

vii. ස්ත්‍රී දුෂණය (363-364)

viii. අස්වාභාවික වැරදි හා තැනැත්තන් අතර අශිෂ්ඨ ක්‍රියා (365)

ඉහත සදහන් ශීර්ෂයන් සංයුක්ත වන්නාවු වැරදි කිරීම හා ඒවා කිරීමට තැත්කිරීමද පනත යටතේ ගෘහස්ථ ප්‍රඡණ්ඩත්වය ලෙස දක්වා ඇත. මෙයට අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා යන්නෙන් පනත දක්වන අර්ථ නිරුපනය ඉතාමත් පුලුල් පරාසයක් ආවරණය කරණ බව පැහැදිලි වෙ. එසේ වුවද මෙ තුල යමි ගැටලු සහගත අවස්ථාවන්ද දැකිය හැක. මෙය මෙබදු නිදසුනකින් පහදා ගත හැක. 2005 අංක 34 දරණ පනත ප්‍රකාර දණ්ඩ නීති සංග්‍රහයේ ංසඩ වන පරිඡ්චෙීදයේ ඇතුලත් 294 වන වගන්තිය ප්‍රකාරව මිනී මැරීම ගෘහස්ථ ප්‍රචන්ඩත්වය සංයුක්ත කරණ බව දක්වා ඇත. පනත ප්‍රකාර පීඩාවට පත්තැනැත්තාට අදාල තැනැත්තා විසින් මිනී මැරුම කරණ ලද විට දි හා ප්‍රචණ්ඩත්වයට පත් තැනැත්තා මිය යන ලද විටක එය පනතේ පරමාර්ථය ශුණ්‍ය කරණ බව පැහැදිලි වෙ. එලෙසම පීඩාවට පත් තැනැත්තාට අදාල තැනැත්තා විසින් කරණු ලබන මිනී මැරුමකින් පීඩාවට පත් තැනැත්තා හැර වෙනත් අයෙක් මිය යන ලද විටකදී මෙම පනතට ඉහලින් ක්‍රියාත්මක වන්නාවු දණ්ඩ නීති සංග්‍රය ක්‍රියාත්මක වීමෙන් අදාල පුද්ගලයාට දඩුවමි නියම කිරීමට ඉදිරිපත් වීම නිසා මෙම පනතේ 18 වන වගන්තිය මගින් ප්‍රකාශයට පමුණුවා ඇති උපරිම දණ්ඩනය වන රුපියල් දස දහස නොඉක්මවන දඩයක් හෝ වසරක් නොඉක්මවන කාලයක් සදහා එක් ආකාරයකින් බණ්ධනාගාරගත කිරීම හෝ ඒ දෙකම හෝ පනතේ විස්තරකර ඇති ආරක්ෂක ආඥාවන්ගි අගය බාල කර ඇත.

එහි තත්වය එසේ වුවද මින් පෙර පෞද්ගලික සමිබන්ධතා මගින් පැන නගින ලද සහ දණ්ඩ නීති සංග්‍රහයේ වරදවල් සංයුක්ත කරන්නාවුත් අතිශයෙන්ම පෞද්ගලික සමිබන්ධතා මත නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටි උදාහරණ ලෙස නිවස තුලදී සිදුවන සුලු තුවාල සිදු කිරීම වැනි වරදවල් සදහා ප්‍රතිකර්ම මෙම පනත මගින් ලබාගැනීමට හැකිව තිඛෙී’ මෙී අනුව පෙනී යන්නේ මෙම පනත මගින් මෙතෙක් යටපත්ව පැවති වරදක් සංයුක්ත වන්නාවු එහි අවම මටිටම ද ආවරණයට කර ඇති බව වෙ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල මෙය ඉහල ප්‍රමිතියක් ලෙස දැකිය හැක.

තනූජ කේ. ජයසුන්දර

(උපුටාගැනීම සපුරා තහනමි)