පීඩාවට පත් තැනැත්තා හා පීඩාවට පත් තැනැත්තාට අදාලව අදාල තැනැත්තා

මෙම පනතේ පූර්විකාවෙහි සදහන් වන පරිදි මෙම පනත ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම සහ ඊට සමිබන්ධ හෝ ආනුශංගික කාරණා සදහා විධිවිධාන සැලැස්වීම සදහා පනවන ලද පනතක් බව දක්වා ඇත. මෙ අනුව පනත ප්‍රධාන කොටස් කිහිපයකට ඛෙදා සලකා බැලීම වැදගත්වෙ.

1- පීඩාවට පත් තැනැත්තා හා පීඩාවට පත් තැනැත්තාට අදාලව අදාල තැනැත්තා

2- ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද?

3- ඒ සදහා පනත මගින් දක්වන පිළියමි යන්න වෙ

ඉහත 01 අවස්ථාවට අනුව පනත මගින් හදුනාගනු ලබන පුද්ගලයන් කාණ්ඩ දෙකක් වෙයි’ එනමි පීඩාවට පත් තැනැත්තා හෙවත් දුබලයා හා පීඩාවට පත් තැනැත්තාට අදාලව අදාල තැනැත්තා හෙවත් ප්‍රබලයා වෙයි’ පනතේ 2(1) වගන්තිය ප්‍රකාරව පීඩාවට පත් තැනැත්තා යනුවෙන් හදුන්වනු ලබන්නේ යමි ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුකරණු ලැබ ඇත්තේ” සිදු කරණුයේ” හෝ සිදුකිරීමට ඉඩ ඇත්තේ යමි

තැනැත්තකු සමිබන්ධව ද එම තැනැත්තා වෙ’

එලෙසම පීඩාවට පත් තැනැත්තාට අදාලව අදාල තැනැත්තා යන්නෙන් පීඩාවට පත් තැනැත්තාගේ

අ)


  • කලත්‍රයා


  • වෙන්වීමට පෙර සිටි කාලත්‍රයා


  • සහවාසයේ යෙදෙන සහකරු

ආ) පීඩාවට පත් තැනැත්තෙකුගේ කලත්‍රයාගේ” කලින් සිටි කාලත්‍රයාගේ” හෝ සහවාසයේ


  • යෙදෙන තැනැත්තාගේ


  • පියා, මව, සීයා, ආචිචි, බාප්පපා, සුලුලුමව


  • පුතා, දුව, මුණුබුරා, මිණිබිරිය, සුලුපුතා, සුලුදියනිය


  • සහෝදරයා, සහෝදරිය, අර්ධ සහෝදරයා, අර්ධ සහෝදරිය, සුලු සහෝදරයා, සුලු සහෝදරිය,


  • දෙමාපියන්ගේ සහෝදර සහෝදරියන්


  • සහෝදරයෙකුගේ සහෝදරියකගේ ළමයා


  • දෙමාපියන්ගේ සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ ළමයා අදහස්වෙ.

ඉහත දක්වන ලද ඛෙදා වෙන් කිරීමට අනුව සලකා බැලීමෙ දී පවුල් ඒකකයට සමිබන්ධ විය හැකි ආකාරයේ සියලුම සමිබන්ධතාවයන් පාහේ මෙම ඛෙදා වෙන් කිරීම තුල අන්තර්ගත වන බැවින් පවුල් ඒකකය තුල යමි එකෛයිකයෙක් වශයෙන් යමි ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඇති කලහැකි සියලුම පුද්ගලයන් මෙයින් ආවරණය වෙ. එලෙසම පනතේ 23 වන වගන්තියේ සදහන් වන පරිදි ළමයා යන්නනේ අවුරුදු 18 ට අඩු තැනැත්තකු අදහස් වන බව දක්වා ඇත. මෙ ආකාරයෙන් සදහන් වන විට පීඩාවට පත් තැනැත්තාට අදාලව අදාල තැනැත්තා දක්වන 23 වන වගන්තියේ (ආ) (v සහ (vi වගන්ති වල සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ ළමයා හා දෙමාපියන්ගේ සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ ළමයා ලෙස දක්වා තිබීමෙන් අදහස් වන්නේ ඉහත සමිබන්ධතාවයන්ගෙන් යුතු වයස අවුරුදු 18 ට අඩු 23 වන වගන්තියේ සදහන් අර්ථ නිරූපනය තුලට වැටෙන ළමයෙකුද නැතහොත් වයස් භේදයකින් තොරව ඥාති සමිබන්ධතාවය පමණක්ද යන්න ගැටලු සහගත වෙ.

එලෙසම පනතේ 23 වන වගන්තියේ (අ) (iii ප්‍රකාරව සහවාසයේ යෙදෙන සහකරු පීඩාවට පත් තැනැත්තෙකුට අදාලව අදාල තැනැත්තෙකු ලෙස දක්වා ඇත’ සහවාසයේ යෙදෙන සහකරු යන්න (අ) (i (ii වගන්ති සමග ගෙන සලකා බැලූ විට ආකාර තුනකින් පැවතී මට ඉඩ ඇති බැවි පෙනී යනු ඇත. එනමි,

i. විවාහයක් පවතින විට කාලත්‍රයා හෝ

ii. විවාහයක් පවතින විට කාලත්‍රයා නොවන සහවාසයේ යෙදෙන සහකරු හෝ

iii. විවාහයක් නොපවතින විට හෝ ශුන්‍ය විවාහ තත්වයක් යටතේ සහවාසයේ යෙදෙන සහකරු වෙ.

1907 සාමාන්‍ය විවාහ ආඥා පනත ප්‍රකාර ලේ ඥාතීන් නොවන පවුල් ඒකකයක් තුළ ඥාති සමිබන්ධතා ඇති කිරිම පිණිස මූලික වශයෙන්ම ක්‍රියාත්මක වනුයේ විවාහ බන්ධනය වෙ. නමුත් පනත මගින් පවුල යන ඒකකයෙන් ඔබිබට ගොස් පවුල් ඒකකයට සෘජු ලෙස සමිබන්ධතාවයක් නොදක් වන්නා වු ඉහත දෙවන අවස්ථාව යටතේ වන්නාවු පුදගලයෙකුගෙන් පවා සිදුවිය හැක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ලෙස සැලකීම ප්‍රසංශනීය වෙ. නමුත් මෙහිදී ගැවලුවක් පැනනගිනු ඇත. එනමි පනතේ පූර්විකාවෙ සදහන් වන පරිදි මෙම පනත ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම පිණිස පනවන ලද්දක් බව දක්වා ඇත. නමුත් පනත මගින් කිසිදු අවස්ථාවක ගෘහස්ථ යන්න කවරක්ද යන්න අර්ථ දක්වා නොමැත සාමාන්‍ය පොදු අර්ථය අනුව ගෘහය යනුවෙන් අප හදුනාගෙන ඇත්තේ ස්වාමිපුරුෂයා භාර්යාව හා දුදරුවන් හා සමීප ඥාතීන්ගෙන් සමන්විත වන්නාවු පවුල ඒකකයක් වශයෙන් සිය කාර්යන් පවත්වාගෙන යනු ලබන ස්ථානයක් වෙ. නමුත් ශුණ්‍ය විවාහ තත්වයක දි හැර විවාහයක් නොමැතිව සහවාසයේ යෙදෙන සහකරුගෙන් සිදුවන පීඩාවන්ද මෙම පනත මගින් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා යන්න මගින්ම ආවරණය කර ඇති බැවින් පෙනී යන්නෙ ගෘහය යන්නෙහි අර්ථය පුලුල් මාවතක් කරා ප්‍රවිශ්ඨ කොට ඇති බැවි වෙ.

තනූජ කේ. ජයසුන්දර

(උපුටාගැනීම සපුරා තහනමි)