පසුගිය ලිපි දෙකෙන් ඔබට ශ්‍රී ලංකා නීති විද්‍යාලයත්, විවෘත විශ්වවිද්‍යාලයත් පිළිබද තොරතුරැ ඉදිරිපත් කලෙමු. අද තොරතුරැ ඉදිරිපත් කරණුයේ තවත් එබදුම ආයතනයක් පිළිබදවය. එය කොළඹ Royal Institute

මගින් පවත්වාගෙන යනු ලබන London LLB උපාධි පාඨමාලාවයි.

London LLB (Legum Baccalaureus (Latin: Bachelor of Law) උපාධිය මෙහි දී පිරිනමනු ලබන්නේ Royal Institute ආයතනය මගින් නොව ලන්ඩන් විශ්ව විද්‍යාලය මගිනි *University of London. Royal Institute ආයතනය මගින් ශ්‍රීලංකාවෙ සිටම ඔබට ලන්ඩන් LLB උපාධිය ලබා ගැනීමට අවස්ථාව උදා කරදෙයි. එලෙසම ‍මම ආයතනය ඒම උපාධිය සදහා වන අධ්‍යාපන පීඨය වශයෙන් ක්‍රියා කරමින් එම උපාදිය සදහා අවශ්‍ය දැනුම ලබා දෙයි.

මෙහිදී එම ආයතනය හරහා ම අධ්‍යාපනය ලබා උපාධියට පෙනී සිටීමට හෝ සෘජු ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලයට මුදල් ගෙවා විභාගයන්ට පෙනී සිටිමට හැකියාවක් ඇත. විභාග පවත්වනු ලබන්නේ බ්‍රිතාන්‍ය කවුන්සිලය *British Council මගිනි. Royal Institute හරහා අධ්‍යාපනය ලබා උපාධිය සමිපුර්ණ කිරීමට වසර 03 ක් හෝ 04 ක කාලයකින් කල හැක. එම කාලය වෙනස් වනුයේ එක් වසරක් සදහා ඔබ තෝරාගන්නා විශයන් සංඛ්‍යාව මතය. උපාධිය සාර්ථක ලෙස නිම කොට ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා සිසුන්ට ශ්‍රි ලංකාව තුල නීතිඥයන් වශයෙන් සේවයේ යෙදීමට නැවතත් නීති විද්‍යාලයේ ප්‍රථම වසර, ‍දෙවන වසර හා අවසන් වසර යන වසර 03 හිම ප්‍රශ්ණ පත්‍ර සදහා පිළිතුරැ ලියා එවායින් සමත් විය යුතුය. මෙලෙස නීතිවිද්‍යාල වසර 03 හි විභාග අසමත් නොවන්නේ නමි අවුරැදු 1 1/2 ක කාලයකින් අවසන් කර ගත හැක. නිති විද්‍යාලයේ වසරකට විභාග දෙකක් පවත්වනු ලබයි. එනමි ඔක්තොමිබර් මස හා අප්‍රියෙල් මාස වලදීය. ඒ අනුව London LLB උපාදිය ලබාගත් පසු වහාම එලබෙන ඔක්තොමිබර් මාසයේ ප්‍රථම වසර විභාගයත්, අප්‍රියෙල් මාසයේ 2වන වසර විභාගයත් ඉන්පසු එලබෙන ඔක්තොමිබර් මාසයේ අවසන් වසර විභාගයටද මුහුණ දිය හැක. එලෙස ළුිභාග 03 ම සාර්ථක ලෙස අවසන් කරනු ලබන සිසුන් ආධුනික වසර *මෙ පිළිබද කෙතාරතුරැ කලින් ලිපි වල සදහන් කර ඇත. ගතකිරීමෙන් පසු නීතිඥයෙකු ලෙස දිවුරැමි දිය හැක.

London LLB විභාගය සදහා අවශ්‍යතාවයන්

1. GCE (A/L) with at least 3 C passes or London GCE (A/L) with at least 2 passes, and

2. GCE (O/L) with at least C pass for English, and

3. Age: 17 years or above as at 1st September of the year in which the student is registering

තවද ඔබ විසින් ඉදිරිපත් කරණු ලබන අයදුමිපත London විශ්වවිද්‍යාල මගින් අනුමත කල යුතු විමද එක් අවශ්‍යතාවයකි.

පිරිවැය

සමිපුර්ණ පාඨමාලාව නිම කිරීම සදහා ලංකාවෙ මුදලින් ලක්ෂ 11 ත් 12 ත් අතර මුදලක් වැයවෙ. පාඨමාලාව පුර්ණකාලින හෝ අර්ධ කාලීන ලෙස හැදෑරිය හැක.

වාසිදායක තත්වයන් හා අවාසිදායක තත්වයන් නිති විද්‍යාලයට හා විවෘත විශ්වවිද්‍යාලයට සාපේක්ෂව

වාසිදායක තත්වය වනුයේ London LLB උපාධියක් අමතර සුදුසුකමක් ලෙස හිමි වීමයි. අවාසිදායක තත්වයන් වනුලය් නීතිඥයෙකු ලෙස දිවුරැමි දීම සදහා ඉතාමත් දීර්ඝ කාලයක් වැයවීම.
විශාල පිරිවැයක් දැරීමට සිදුවීම. අධික මහන්සියක් දැරීමට සිදුවීම යනාදියයි.

මීට අමතරව යමි අයෙක් නීතිය පිළිබදව සාස්ත්‍රපති උපාධියක් ලබා ඇත්නමි ඔහුට නිති විද්‍යාලයේ අවසන් වසර පමණක් සමිපුර්ණ කර ආධුනික වසර ගත කිරීම ප්‍රමාණවත් වෙ.

මෙවා ශ්‍රි ලංකාව තුල නිතිඥවරයෙකු වශයෙන් දිවුරැමි දීමට හැකියාව ලබාගත හැකි මාර්ගයන් වෙ.

තවත් වැදගත් කරැණු කිහිපයක් ඉදිරි ලිපියෙන්
මෙම ලිපිය Royal Institute හි ශිෂ්‍යාවකගෙන් ලබාගන්නා ලද තොරතුරැ මත සකසන ලදි