මෙකට පිළිතුර ඔනම කෙනෙක් දන්න දෙයක්. පිළිතුර හරිම සරලයි. මුලින්ම ඔබ හොදින් උසස් පෙල විභාගය වැඩි Z ලකුණු ප්‍රමාණයක් අරගෙන සමත් වෙන්න ඔන. ඒ අලුත් විශය නිර්දේශය යටතේ ක්‍රමයයි. පරණ විශය නිර්දේශය යටතේ නමි කටවුටි ලකුණු මටිටමට වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ඔන. මෙ විදි දෙකෙන් එකකට වැඩිපුර ලකුණු ලබාගන්න අයට වෛද්‍ය පිඨයට හෝ නිති පිඨයට ඇතුලත් වෙන්න වරමි ලැබෙනවා. ඔක තමයි උත්තරේ.

මම මෙ ලිපියෙන් කියන්න යන්නේ කෙනෙක්ට නීතිඥයෙක් වෙන්න ඔන නමි, නීති පිඨයට ඇතුලත් වෙන්න තරමි ප්‍රමාණවත් ලකුණු උසස් පෙළ විභාගයෙන් ලබා ගන්නත් බැරි වුනා නමි නීතිඥයෙක් වෙන්නේ කොහොමද කියලයි.

සාමාණ්‍යයෙන් කළා විශය ධාරාව හෝ වාණිජ්‍ය විශය ධාරාව නීති පිඨයට ඇතුලත්වීමම අරමුණු කරගත් සිසුවන් තො‍රාගැණිම සුලභව දැකිය හැකි තත්වයක්. නමුත් මෙම විශය ධාරවන් දෙක යටතේ වුවද විශේෂයෙන් වාණිජ විශය ධාරාව යටතේ
විශිෂ්ඨ සාමාර්ථ 03 ක් ලබාගත් සමහර සිසුනට පවා වර්ථමාණයේ නිති පිඨයට ඇතුලත් වීමට නොහැකි තත්වයක් උත්ගත වී තිබෙ. කෙසේ වුවද එසේ තේරි පත්වන භාග්‍යවන්තයින් කිහිප දෙනෙකු හැර අන් අයට සිදුවනුයේ එක්කෝ විශ්වවිද්‍යාලයේ නීති සිහිනය පසක දමා ඊට වඩා අඩු ලකුණු මටිටමක් ඇති වෙනත් විශයමාලාවක් තොරාගැණිමය. එසේත් නොමැති නමි, බහුතරයකට වෙන්නාක් මෙන් විශයන් තුනම සමත් වුවද, ලකුණු ප්‍රමාණවත් නොවිම මත විශවවිද්‍යා

ල වරමි නොලැබී යාම මත වෙනත් විකල්ප අධ්‍යාපනයකට යොමි වීමට හෝ රැකියාවක් සොයා ගැණිමටය.

මෙම කුමණ තත්වයක් උත්ගත වී තිබුණද, තාමත් ඔබට නීති ක්ශේත්‍රයේ එනමි නීතිඥයෙකු වීමෙ වරමි විවරව ඇති බව ඔබ දන්නේ නමි සමහරක් විට ඔබ පුදුම වන්නට ඉඩ ඇත.

විශ්වවිද්‍යාලයෙන් බාහිරව නීතිඥ වෘත්තියට පිවිසිමට ඇති මාර්ග කිහිපයක් ඇත. මෙ පිළිබදව තොරතුරැ මෙය හා ඉදිරි ලිපි කිහිපයක් මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙ එහි පළමුවැන්නයි.


මින් පළමු වැන්න ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි. Sri Lanka Law College

ශ්‍රී ලංකා නීති විද්‍යාලය ව්‍යවස්ථාපිත නීති අධ්‍යන සභාව (Incorporated Council of Legal Education Sri Lanka) මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවෙ ප්‍රධාණතම නිති අධ්‍යාපනය ලබා දෙනු ලබන ස්ථානයයි. මෙහි විදුහල්පතිවරයෙකු සිටිනා අතර විදුහල්පතිද, තවත් නීති විද්වත් කමිටුවක් මගින් මෙම කවුන්සිලය පවත්වාගෙන යනු ලබයි. මෙම ආයතනය ස්ථාපනය කර ඇත්තේ ඉංග්‍රීසින්ගේ කාල වකවානුවෙ දීය. මෙම කවුන්සිලයේ ප්‍රධානියා ලෙස නිල බලයෙන් පත්වනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරැ අගවිනිසුරැ තුමාණන්ය. මෙය ව්‍යවස්ථාපිත ආයතනයකි. පාර්ලිමෙන්තු විශේෂ පනතක් මගින් මෙම ආයතනයට බලය ලැබී ඇත. මෙම ආයතනය විශවවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවෙ (University Grants Commission) අන්තර්ගත විශ්වවිද්‍යාලයක් හෝ විශ්වවිද්‍යාල ආයතනයක් හෝ නොවෙ.

එබැවින් සිසුන් බොහොමයක් විශවවිද්‍යාල අධ්‍යාපනය ලබමින්ම මෙහි ඉගෙනුම ලබනු ලබයි. කලින් කලට නිති අධ්‍යන සභාව මගින් ගන්නා මෙම තිරණ වෙනස් වන බවත් දැනගත යුතුය. කෙසේ වුවද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින්ම මෙහි අධ්‍යන කටයුතු වල නියලිය හැක. එසේම රැකියා සමිබන්ධ තත්වයද එ‍ස්මය. නමුත් අනිවාර්‍යයෙන් නීති විද්‍යාලයේ දේශණ සදහා 75% ක පැමිණිමෙ ප්‍රතිශතයක් පවත්වාගෙන යා යුතුය. එය කලහැකි දෙයකි.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස ඇතුලත් වන්නේ කෙසේද?

මෙ සදහා වත්මන් තත්වය වන්නේ ඔබ විසින්


  • අවුරැදු 20 ට වැඩි විය යුතුය.


  • වයස අවුරැදු 30 ට අඩු තැනැත්තෙකු විය යුතුය.


  • අ.පො.ස. උසස් පෙළ විභාගය විශයන් සියල්ල සදහා එස් සාමාර්ථය බැගින් තිබිය යුතුය.


  • එම විශයන් නිති අධ්‍යන සභාව මගින් අනුමත කරණ ලද විශයන් විය යුතුය.


  • සාමාණ්‍ය පෙල විභාගයේ ඉංග්‍රිසි විශය සමත්ව තිබිය යුතුය.

මෙම සුදුසුකමි සපුරන්නේ නමි ඔබට නිතිවිද්‍යාල ප්‍රවෙශය law entrance සදහා වන ඇතුලත් වන විභාගයට මුහුණ දිය හැක. මෙම විභාගය පවත්වනු ලබන කාල සිමාව කලින් කලට පහසු පරිදි නිති අධ්‍යන සභාව විසින් වෙනස් කරණු ලබයි. ඒ අනුව අයදුමි පත් නිකුත්කරණු ලබන කාල වකවානුවද වෙනස් විය හැකි බැවින් ඒ පිළිබදව සදහන් නොකරමි.

අයදුමිපත් නිකුත් කරණ විට ඒ බව ලංකාදිප පුවත්පත හා තවත් පුවත්පත් වල පලකර ප්‍රසිද්ධ කරණු ලබයි. මෙ සදහා වන අයදුමිපතත් නීතියේ පසුබිම නමි පාඨමාලා ග්‍රන්තයත් Course book අවශ්‍ය නමි පසුගිය ප්‍රශ්ණ පත්‍ර පොතත් ඔබට හල්ස්ඩොප් හි පිහිටි (අලුත්කඩෙ උසාවිය අසලම)ග්‍රී ලංකා නීති විද්‍යාලයෙන් ලබාගත හැක. අයදුමි පත් ලබාගැණිමෙදි අනුගමනය කල යුතු ක්‍රියා මාර්ගය අයදුමි පත් නිකුත්කරණ බව ප්‍රසිද්ධ කරණා පුවත්පත් දැන්වීමෙම පලකරණු ලබයි.

ඒ අනුව නිසි ලෙස සමිපුර්ණ කරණ ලද අයදුමි පත් ඒවීම මගින්, ඔබට කඩයිමි විභාගය සදහා පෙනීසිටිය හැකි අතර එයින් තෝරාගනු ලබන සිසුන් 250 (මෙය වෙනස්විය හැක) කට ආසන්න පිරිසකට නීති විද්‍යාල ප්‍රවෙශ වරමි හිමිවෙ.

කඩයිමි විභාගයේ ස්වභාවය.

මෙ සදහා කාලින දැනීම, නිති ක්ශේත්‍රය පිළිඹද සාමාණ්‍ය පරිචය,විශේෂිත සමාජිය දේශපාළනික, ආර්ථික හා නීතිමය තත්වයන් හා පාඨමාලා ග්‍රන්තයත් Course book හි පරිචයද මීට අමතරව ජේද කියවා ඒවායින් අසනු ලබන ප්‍රශ්ණ ද වෙ. විභාගයට පෙනි සිටිමට සිංහල හෝ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකම තෝරාගත හැක. මෙම විභාගය සදහා සුදානමි කරවිමෙ පන්ති රැසක් පවතින අතර කුමන පන්තියකට ගියද පාඨමාලා ග්‍රන්තයත් Course book හි පරිචය පිළිඹද ප්‍රවිණත්වය නිර්දේශ කරණු ලබයි. විභාගය පවත්වනුවේ නිති අධ්‍යන සභාව මගිනි.

ලකුණු සමිබන්ධව හා ප්‍රශ්ණ පත්‍රයේ වු යමි දෝශයක් නිසා අෂාධාරණයක් සිදුවි ඇති බව ප්‍රත්‍යක්ශ වෙ නමි මුලික අයිතිවාසිකමි නඩුවක් පැවරිමට හැකියාව ඇත.

අධ්‍යන කාලය

පළමු වසර preliminary year
අන්තර්මාධ්‍ය වසර හෙවත් දෙවන වසර inter mediat year
අවසන් වසර finel year
හා ආධුනික වසර apprentice yera වශයෙන් කාලය අවුරැදු 04 කි.

මින් ප්‍රථම වසර 03 අධ්‍යන කටයුතු සදහා වැය කල යුතු අතර ආධුනික වසරේ ජේශ්ඨ නීතිඥයෙකුගේ අධික්ෂණය යටතේ මාස 06 ක කාලයක් අධිකරණයේ කටයුතු වල නිරත වීමෙන් හා ඒ පිළිඹදව දැන ගැනීමෙන් අනතුරැව නිති අධ්‍යන සභාව මගින් පවත්වනු ලබන විශේෂ දේශණ මාලාවට සහභාගි වී එය සමිපුර්ණ කිරීමෙන් අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැණිම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් වශයෙන් දිවුරැමි දීම සදහා ඉල්ලුමිපත් ඉදිරිපත් කල හැක.

වසර 04 හිම අධ්‍යන කටයුතු සදහා ඔබට වැයවන සමිපුර්ණමුදල රැ 30000 කට අවම මුදලක් වන අතර මෙය වෙනස් විය හැක. මෙය දල අගයක් පමණි. මීට අමතරව නීතිවිද්‍යාල නේවාසිකාගාර පහසුකමිද, මහපොල ශිෂ්‍යාධාරයත් තවත් එවැනි පුද්ගලික ශිෂ්‍යාධාර ක්‍රම රැසකුත් නීතිවිද්‍යාල සිසුන් සදහා ක්‍රියාත්මක වන බැවින් අධ්‍යාපන පිරිවැය ඉතාමත්ම අවම මටිටමක පවතී.

අධ්‍යන මාධ්‍යය.

සිංහල ,ඉංග්‍රිසි හා දෙමළ මාධ්‍ය යන මාධ්‍ය තුනින්ම විභාග සදහා පෙනී සිටිය හැකි අතර, දේශණ පැවැත්වීම සමහර විශයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක්ද සමහරක් මාධය 03 න්මද විය හැක. මෙම තත්වය දැන් වෙනස් වී තිබිය හැක.

ශ්‍රී ලංකාවෙ යමිතාක් නීතිඥයන් වෙ නමි ඒ සියලු දෙනාම අනිවාර්‍යයෙන්ම ශ්‍රීලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය සමත් වුවන් විය යුතුය. එසේ නොමැති නමි කිසි කලක කිසිවෙකුට නීතිඥයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරැමි දීමට හැකියාවක් නැත. එම නිසා නිති පිඨයෙන් පැමිණියෙකු වුවද වෙන අයෙකු වුවද අනිවාර්‍යයෙන් නීති විද්‍යාලයේ අවසන් වසර සමිපුර්ණ කර එහි විභාගයට මුහුණ දිය යුතුය.

නීති විද්‍යාලයේ අංශු මාත්‍රයක හෝ නවක වදයක් නැත.උද්ගෝෂණ ආදියද නැත එබැවින් වසර 04 අවසානායේ අනිවාර්‍යයෙන් නීතිඥයෙකු ලෙස දිවුරැමි දීමට හැකියාව පවතියි.

වාසිදායක තත්වයන් හා අවාසි දායක තත්වයන්

සාමාණ්‍යයෙන් නිති විද්‍යාල ප්‍රවෙශ විභාගය සදහා එක් වරකට සිසුන් විශාල සංඛ්‍යාවක් පෙනී සිටින නමුත් නිති විද්‍යාලයට ඇතුලත් වීමට මින් අවස්ථාව ලැබෙන්නේ සිසුන් 250කට ආසන්න සංඛ්‍යාවකට බැවින් තරගකාරිත්වය අධිකය. එබැවින් ශ්‍රී ලංකාවෙ දැනට ඇති සමත්වීමට අපහසුම විභාගය වන්නේ මෙයයි. වාසිදායක තත්වයන් නමි විශාල සංඛ්‍යාවක් ඇත. දැනට ශ්‍රී ලංකාව තුල ඉතාමත් අඩුම පිරිවැයකින් අඩුම කාලයකින් නීතිඥයෙකු වීමට ඇති එකම මාර්ගය මෙයයි. රැකියාව කරමින්ම නීතිඥයෙකු විමට අවස්ථාව ලැබීම. හා විශ්වවිද්‍යාල ආයතනයක වන බොහෝ පහසුකමි වලින් නිති විද්‍යාලය යුක්ත වීම. ආදි කරැණු රැසක් මෙහිලා ඉදිරිපත් කල හැක.

ඉදිරි දිනයේදී නීතිඥයෙකු වීමට ඇති තවත් මාර්ගයක් පිළිබද තොරතුරැ බලාපොරොත්තු වන්න.