වලසා හා බිළිදා 03 කොටස ළමා අපයෝජන හා නීති තත්වය?


වර්තමානයේ ළමයාට අත්වී ඇති අභාග්‍ය සමිපන්න ඉරණමින් ළමයා මුදාගැනීමෙහිලා ගන්නා ලද සාර්ථක පියවරක් ලෙස 1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත දැක්විය හැක. මෙ යටතේ කාලීන අවශ්‍යතාවයක් වන ළමා ලිංගික අතවරයන් තුරන් කිරීමෙ අභිලාශය පෙරදැරිකරගෙන නව ලිංගික වැරදි රුසක් හදුන්වා දී ඇත. ඉහතින් සදහන් කරන ලද ලිංගික අපයොජනය පිළිබද වැරදි සලකා බැලීමෙ දි

බරපතල ලිංගික අපයෝජනය නමි නව වරද ළමයින් සදහා වන අපවාර දුරුකිරිමෙහිලා වැදගත් මෙහෙයක් ඉටුකරණ බව පෙනි යයි. මෙ පිළිබදව ප්‍රතිපාදන දණ්ඩනීති සංග්‍රහයේ 365 ආ 1 වගන්තියේ සදහන් කර ඇත. ඒ අනුව ලිංගික තෘප්තිය ලබාගැනීම සදහා ලිංගේන්ද්‍රිය හෝ මිනිස් ශරීරය හෝ මනිිස් ශරීරයේ වෙන යමි කොටසක් හෝ උපකරණයක් වෙනයමි තැනැත්තෙකුගේ ශරීරයේ පිහිටි යමි විවරයකට හෝ ඒ තැනැත්තාගේ ශරීරයේ පිහිටි යමි කොටසක් හාවිතා කරමින් 363 වගන්තිය යටතට නොවැටෙන ස්ත්‍රි දුෂනය හැර යමි ක්‍රියාවක් කරනු ලබන 365 (අ) (ආ) (ඇ) යන පර්වෙශනයන්ට යටත් වනු ලබන තැනැත්තෙක් බරපතල ලිංගික අපයෝජනය නමි වරද සිදුකරන බව දක්වා ඇත. 365 (ආ) 2 යටතේ මෙම වරද වයස අවුරුදු 18 ට අඩු ළමයෙකු සමිබන්ධයෙන් වන විට අවුරුදු 10 ට නොඅඩු වූද 20 කට නොවැඩි කාලයකට බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කිරීමට හා දඩයකින් දඩුවමි කල යුතු බව දක්වා ඇත. මෙහිදී අධිකරණයට යමි වන්දියක් හානියට පත් පාර්ශවයට ප්‍රධානය කිරීමටද හැකියාවක් ඇත.

මෙම වරද සමගම ස්ත්‍රි දුෂණ වරද ද සලකා බැලීම වැදගත්වෙ මෙම වරද 1995 න් සංශෝධිත දණ්ඩනීති සංග්‍රහයේ 363 වන වගන්තියේ නිර්වචනය කර ඇත. ඒ අනුව ළමයෙකු සමිබන්ධයෙන් පහත පර්වෙශනයන්ට යටත්ව ස්ත්‍රියක සමග මෛථුනයේ යෙදේ නමි, ඔහු ස්ත්‍රී දූෂණ වරද කලේ යැයි කියනු ලැබෙ

ආ) බලහත්කාරය පාවිවිචි කිරිමෙන් හෝ තර්ජනය කිරීමෙන් හෝ බිය ගැන්විමෙන් මරණ බය හෝ තුවාල භය ඇතිකරමින්, නිතිවිරෝධී ලෙස රදවා තබා ගැනිමෙන් ගන්නා ලද කැමැත්ත ඇතිව.
ඇ) සිහි විකල්ව හෝ මත්ව ඇති විට ගන්නා ලද කැමැත්ත ඇතිව
ඉ) වගන්තිය යටතේ දක්වා ඇත්තේ ස්ත්‍රිය වයස අවුරුදු 16 ට අඩු විට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රි දුෂණය වන බවයි. මෙය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය නමි වන අතර මෙම නඩු සෘජු ලෙසම මහාධිකරණයේ විභාග කරනු ලබයි.

නමුත් ශ්‍රි ලංකාව සතු වන සංස්කෘතික පසුබිම තුල බොහෝ ග්‍රාමිය ප්‍රදේශ වල වයස අවුරුදු 14 ඉක්මවා වැඩි වියට පත්වු වහාම ගැහැණු දරුවන් විවාහ කර දීම අද පවා දැකිය හැක. මෙම තත්වය යටතේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් පෙරාතුව සදහන් කිරීමට යෙදුන වරද දෙකම සිදුකරනු ලබන අතර, මෙම තත්වය ලංකාවට කෙතෙක්දුරට ප්‍රායෝගික වන්නනේ ද යන ගැටලුව මතු කරනු ලබයි. දණ්ඩනීති සංග්‍රහයේ 364 (2) වන වගන්තිය අනුව වයස අවුරුදු 16 කට අඩු තැනැත්තකු සමිබන්ධයෙන් ඒ වරද සිදු කරනු ලැබූ තැනැත්තා වයස අවුරුදු 18 ට අඩු තැනැත්තකු වන විටල සංසර්ගය සිදුකර ඇත්තේ අන්තේ තැනැත්තාගේ කැමැත්ත ඇතිව වන විට, අවුරුදු 10 නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කලයුතු බව දක්වා ඇත. අප විසින් පිලිගනු ලැබු එක්සත් ජාතීන් ගේ ළමා අයිතිවාසිකමි ප්‍රඥප්තිය අනුව ළමයා යනු වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙක් බව පෙරාතුව සදහන් කරන ලදි. ඒ අනුව ඉහත වරද උදෙසා අධිකරණය විසින් පමුණුවනු ලබන දණ්ඩනය නිසා ඔවුන්ගේ ළමා අයිතිවාසිකමි ආරක්ෂා වෙද යන්න හා රජය විසින් වක්‍රාකාරව ඔවුන්ගේ අයිතිවාසිකමි කඩකිරිම තුලින් අපයෝජනයට ලක් නොකරන්නේද යන ප්‍රශ්නය අප අභිමුව පවතියි.

දණ්ඩනීති සංග්‍රහයට අමතරව ගැහැණු ළමයෙකු දූෂණය කරවීම හෝ ගණිකා වෘත්තියේ යෙදවීම හෝ නීති විරෝධී කාම සංසර්ගයේ යෙදවීම පිළිබද ප්‍රතිපාදන 1841 අංක 4 දරණ අයාල ආඥා පනතේ 11 වන වගන්තියේ සදහන් වෙ. මෙහි අර්ථදැක්වීම අනුව වයස අවුරුදු 16 ට අඩු තැනැත්තියක් ගැහැණු ළමයෙක් වෙ.

සමලිංගික සේවනය

1995 න් සංශෝධිත දණ්ඩනීති සංග්‍රහයේ අස්වාභාවික වැරදි හා බරපතල ලිංගික අපයෝජනය යටතට වර්ගකර ඇති තවත් වරදක් ලෙස 365 අ වගන්තියේ සදහන් තැනැත්තන් අතර දැඩි අශිෂ්ඨ ක්‍රියා දැක්විය හැක. මෙහි පරණ ප්‍රඥප්තියේ සදහන් වු පුරුෂයන් අතර දැඩි අශිෂ්ඨ ක්‍රියා යන්න වෙනුවට තැනැත්තන් අතර දැඩි අශිෂ්ඨ ක්‍රියා ලෙස නීතිය නවීකරණය කිරිම කාලානුරූපි ලෙස වෙනස් වීමට දරණ ලද ප්‍රයත්නයක් වුවද මෙහි තැනැත්තන් අතර දැඩි අශිෂ්ඨ ක්‍රියා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න කිසිදු නෛතික ප්‍රථිපාදනයක දක්වා නැත. එබැවින් එය මතගැටුමට ලක්වී ඇති කරුණක් වෙ. සාමාන්‍යයෙන් මෙම වගන්තිය සම ලිංගික ක්‍රියාවන් පිළිබදව දක්වා ඇති වගන්තියක් ලෙසට උපමානය කල හැකි නමුත් එය එසේ වුවද, ඉහත වගන්තිය යටතේ සිදු කරණු ලබන සියලුම වරදවල් ආවරණය කරමින් දණ්ඩනීති සංග්‍රහයේ 365 ආ 1 වගන්තිය පැතිර පවතින බව නීති වෙදී මතය වී ඇත. එබැවින් දණ්ඩනීති සංග්‍රහයේ 365 (අ) හා 365 අ (1) අතර පැහැදිලි අතිචිඡාදනයක් දැකිය හැක. මෙහිදී මෙම වරද වයස අවුරුදු 18 කට වැඩි තැනැත්තෙක් වයස අවුරුදු 16 කට අඩු තැනැත්තෙක් සමිබන්ධව කැමැත්ත ඇතිව (මෙය 1998 අංක 29 දරණ දණ්ඩනීති සංග්‍රහ පනතින් සංශෝධිත) සිදු කරන විට 365 අ හා 365 ආ (ආ) සමාන දඩුවමි නියම කර ඇති බව පෙනේ. නමුත් මෙම වරද වයස අවුරුදු 16 කට අඩු පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවන විට නෛතික තත්වය කුමක් විය යුතුද යන්න නීතියේ ඇසට යොමු විය යුතුය.

කෙසේ වුවද මිගමුව ඛෙරුවල ගල්කිසස වැනි වෙරලාසන්න ප්‍රදේශ වල මෙම සමලිංගික ක්‍රියාව්න් ඔස්සේ සිදුවන ළමා අපචාර යහමින් පවතින බවට සාධක ලැබි ඇත. සමලිංගික සේවනය සදහා පුද්ගලයින් අලෙවි කරණ තැරුවි මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රි ලංකාව උසුලන ස්ථානය වර්ෂ 2004 වන විට අන්තර්ජාලයේ ශ්‍රී ලංකාව තුල සම ලිංගික සේවනය සදහා වැයවු වෙබි අඩවි සංඛ්‍යාව 100 ඉක්මවා තිබීම තුලින් පැහැදිලි වෙ. වරක් විදේශයක පලවු සුප්‍රසිද්ධ සගරාවක ශීර්ෂපාඨයක සිංහලානුවාදයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව රිදී වැල්ලේ රත්‍රං කොල්ලන් හමු වන පාරාදීසයක්” බවය. මින් පසක් වන්නේ 21 වන සියවසේ ධර්මද්වීපය යන නාමයේ නවීකරණය නොවන්නේදර?

ලේ ඥාතීන් අතර කාම සේවනය.

ශ්‍රි ලංකාවෙ ලිංගික අපචාර අතර තවත් අති බහුල අපචාරී ක්‍රියාවක් ලෙස දැක්විය හැක්කේ ව්‍යාභිචාරයයිග 1995 න් සංශෝධිත දණ්ඩනීති සංග්‍රහයේ 364 වන වගන්තියේ අ (1) හා අ) ආ) ඇ) යන වගන්ති වල දිර්ඝ ලෙස මෙම වරදේ සංරචක දක්වා ඇත. මෙ අනුව මෙහි ඇති වැදගත් ප්‍රතිපාදනයක් වන්නේ, 364 (2) වන වගන්තියේ සදහන් කර ඇති පරිදි යමි ඥාති සමිබන්ධතාවයක නීත්‍යානුකූලභාවය හා යමි දෝශයක් තිබිම ව්‍යාභිවාරී වරද සිදුකිරිම කෙරෙහි බලපෑමක් හෝ වරද ප්‍රතික්ෂේප කිරිම සදහා හේතුවක් නොවන බවයිග මෙ අනුව ලේ ඥාතීන් අතර තහනමි ලිංගික සමිබන්ධතා වලට අමතරව ලේ ඥාතී නොවන කුලවද්දාගන්නා ලද දරුවෙකුද ලිංගික අපයෝජනයන්ට යටත් වීම වැලැක්වීමට මෙම නීතිය ක්‍රියාකිරීම ප්‍රශංසනීය වෙ. මෙම වරද කරනු ලබන පුද්ගලයන්ට වසර 7 ට නොඅඩු 20 කට නොවැඩි කාලයකට බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද දඩයක්ද නියම කිරීමට මෙහි ප්‍රථිපාදන සලසා ඇති අතර, මෙම වරද කිරීම සදහා තැත් කිරීමද වරදක් වෙ. මෙහි ඇති තවත් වැදගත් ප්‍රතිපාදනයක් වන්නේ මෙම වරද සදහා නීතිපතිවරයාගේ අවසරයක් නොමැතිව නඩුපැවරි නොහැකි බව දක්වා තිබීමයි. නමුත් අවාසනාවන්ත තත්වය වන්නේ මෙ සදහා ගොදුරු වන ළමයින් බොහෝමයක් තම පියාගෙන් හෝ මවගෙන් දූෂණය වී තිබීම වෙ. දෙමාපියන්ගෙන් දරුවන් කෙරෙහි ලැබිය යුතු නිකැලැල් දයා ප්‍රේමය වෙනුවට ඔවුන්කෙරෙ කාමුක නෙතින් බැලීමට තරමි සමාජය දින වීම වත්මන් සමාජ පරිහානිය මනා ලෙස නොදක්වන්නේද?

කුටිටනය

කුටිටනය කිරිම හා ළමයන්ට අදාලව කරනු ලබන අසභ්‍ය අශීල පලකිරීමි ප්‍රදර්ශන ආදිය පිළිබද වරද දණ්ඩනීති සංග්‍රහයෙ නවීකරණයක් වෙ. මෙ අනුව ළමයින් ලිංගික ක්‍රියා සදහා යෙදවීමෙ කුටිටානිකයෙකු වශයෙන් ක්‍රියාකිරීම පිළිබදව දණ්ඩනීති සංග්‍රහයේ 1995 සංශෝධනයේ 360 අ වගන්තියේ සදහන් කර ඇත. අසභ්‍ය ප්‍රකාශන පිලිබද වරද 286 අ වගන්තියේ අ) ආ) ඇ) යන ප්‍රතිපාදන වල දක්වා ඇත. මෙහිදී ළමයා යන්න වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයෙකු ලෙසද චිත්‍රපට යන්නෙන් කවර ආකාරයක හෝ විද්‍යුත් මාධ්‍ය වීඩියෝ පටිගත කිරීමක් අදහස් වන බව දක්වා ඇත. ඉහත වරද වලට පිළිවලින් 360 අ හා 286 අ වගන්ති යටතේ වරදකරු කරමින් වසර 2 කට නොඅඩු 10 නොඉක්මවන කාලයකට දෙ ආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරිමකට හා දඩයකට යටත් විය යුතු බව දක්වා ඇත.

ළමයින් යොදා කරණ ලිංගික දර්ශන පලකිරීමි හා ප්‍රදර්ශණ

ලිංගික වශයෙන් ළමයින්ට සිදුකරන අපචාර දෙස සැලකීමෙ දී දණ්ඩනීති සංග්‍රහයේ 1995 අංක 22 න් සංශෝධිත පණත මගින් අලුතින්ම හදුන්වා දෙනු ලැබූ ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම නමි වරද පිළිබදව සදහන් නොකිරිම ඌනතාවයක් වනු ඇත. මෙ පිළිබදව ප්‍රතිපාදන 360 ආ (1) වගන්තිය යටතේ (අ)(ආ)(ඇ)(ඉ)(ඊ) යන වගන්ති වල සදහන් කර ඇත. මෙ සදහා දඩුවම 360 ආ) යටතේ වසර 5 කට නොඅඩු 20 කට නොවැඩි කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයකට සිරගත කිරීමෙන් ද දඩයකින්ද දඩුවමි කලයුතු බව දක්වා ඇත. මෙ අනුව ළමයෙකු ලිංගික අපයෝජනයට පාත්‍රකිරීමෙ කාර්‍ය සදහා හෝ කවර ආකාරයක හෝ ලිංගික ක්‍රියාවකට අසභ්‍ය හෝ අශීල්‍ය ප්‍රදර්ශනයකට හෝ දරශනයකට සහභාගී කරවා ගැනීම සදහා යමි පරිස්‍රයක රුදී සිටිමට දැන දැනම ඉඩදෙන ලිංගික සංසර්ගය සදහා හෝ කවරවු හෝ ආකාරයක ලිංගික අපයෝජනයක් සදහා හෝ කුටිටානිකයෙකු වශයෙන් ක්‍රියාකරණ හෝ මුද්‍රණ මාර්ගයකින් හෝ වෙන් සන්නිවෙදන මාධ්‍යයකින් වාචික ප්‍රචාරක දැන්විමක් මගින් හෝ වෙනත් සමාන මාර්ගයකින් ලිංගික සංසර්ගය සදහා හෝ කවර වුවද ආකාරයක ලිංගික අපයෝජනයක් සදහා සේවාදායකයෙකු වීමට යමි තැනැත්තකු පොළඹවනල ළමයා කෙරෙහි දරණ වගකීම බලපෑම ඥාති සමිබන්ධතාවය ළමයා අපයෝජනය සදහා කුටිටනයට උපයෝගීකර ගන්නා හෝ අපයෝජනය සදහා ළමයාට තර්ජනය කරණ හෝ සාහාසිකත්වය පාන අපයෝජනය සදහා ළමයාට හෝ දෙමාපියන්ට ප්‍රතිශ්ඨාවක් ලබාදෙන ඔනෑම තැනැත්තෙක් මෙ වරද සිදුකරන බව සදහන් කර ඇත. මෙය ළමා අපචාර පිටුදැකීමෙහිලා විශාල ක්ෂේත්‍රයක් ආවරණය වන පරිදි සකසා තිබීම ළමා ආරක්ෂණය පිළිබද සුභ පෙරනිමිත්තක් ලෙස හැදින්විය හැක.

ශාරිරීක හා චිත්තවෙගාත්මක අපයෝජනය.

ලිංගික අපයෝජනය හා බැදි ළමයින්ගේ තත්වය කෙතරමි පුලුල් පරාසයක පැතිර පවත්නේද යන්න ඉහතින් පැහැදිලි වෙ. නමුත් ළමා අපයෝජනය යනු ළමයින් සමිබන්ධව කරණු ලබන ලිංගික වැරදි පමණක් යැයි සිතීම ප්‍රායෝගික නොවෙ. මෙහිදී ලිංගික අපයෝජනය තරමිම හෝ ඊට වඩා හානිදායක ප්‍රතිඵලයන් වෙත ළමයා යොමු කරන්නක් ලෙස ළමයින් සමිබන්ධව කරනු ලබන ශාරිරීක අපයෝජනය දැක්විය හැක.

ශාරිරික අපයෝජනය යනු
ළමයා කෙරෙහි වූ කායික දණ්ඩනය පෙරටු කරගත් යමි අයුරකින් ළමයාට සිදුරන්නාවූ කායිකමය හානියකිග මෙලෙස ළමයින්ට සිදුකරණ ශාරිරික අපයෝජන තුවාල ලෙස බාහිරට දෘශ්‍යමාන වෙ. මෙම තුවාල අධිකරණ වෛද්‍ය විද්‍යාවෙ දී වයස අවුරුදු 3 ට අඩු ළමයින් සමිබන්ධව බැටර්ඩි ඛෙබී සහලක්ෂණය” සහ වයස අවුරුදු 3 ත් 10 ත් අතර පාසල් වයසේ ළමුන් සමිබන්ධව බැටර්ඩි චයිල්ඩි සහලක්ෂණය” ලෙස හදුන්වා දී ඇත. මෙබදු තත්වයකට මුහුණ දුන් දරුවෙකුගේ පටක ඉරීයාමක්, පිලිස්සීමි, අස්ථි භංග වීමි ආදිය දක්නට ලැඛෙන අතර කණගාටුදායක කරුණ වන්නේ බොහෝ විට මෙවැනි තත්වයකට ළමයා පත්කරණු ලබන්නේ සිය දෙමාපියන් හෝ භාරකාරත්වය දරණු ලබන සමීපතම ඥාතියෙකු වීමයි.

ළමයා හා බැදි පෝෂනීය නොසලකාහැරිම යන්න අපගේ වැඩි අවධානයට යොමු නොවන මුත් ප්‍රබල අපයෝජන මාර්ගයක් වෙ. මෙය යමි යමි සංස්කෘතීන් ඔස්සේ එල්බ සිටින්නාවූ පුහු මති මතාන්තර සාක්ෂාත් කරගැනීමට යාමෙදී අත්විදීමට සිදුවන ශෝචනීය තත්වයක් ලෙස දැක්විය හැක. උදාහරණයක් වශයෙන් ගැහැණු දරුවන්ට යමි යමි ආහාර ලබා දීම සමිප්‍රදායක් වශයෙන් නොකර හැරිම අද පවා දැකිය හැකග පවුලේ පිරිමි ළමයින් කා අවසන් වූ විට ගැහැණු දරුවන්ට ඉතිරිවන යමක් දිම තුලින් ඔවුන්ගේ පෝෂණ තත්වය පිළිබදව අඩු සැලකිල්ලක් දක්වන බව සාක්ශාත් වෙීග නමුත් ජෛව විද්‍යාත්මක ලෙස පිරිමි දරුවෙකුට වඩා වැඩි පෝෂ්‍යදායි ආහාරවෙලක අවශ්‍යතාවය ගැහැණු දරුවෙකු සතුව පවතින බව පෙන්වා දී ඇත.

ළමා අපයෝජනය යන්න කායික වශයෙන්ම සිදුවිය යුතු යැයි නියමයක් නොමැත. එනමි චිත්තවෙගාත්මක ලෙසද ළමයා අපයෝජනයට ලක්විය හැක. මෙය පහත පරිදි දැක්විය හැක.

• ළමයා බලාපාරොත්තු වන පරිදි ආදරය ලබා නොදීම,
• ළමයාට ඇහුන්කන් නොදීම,
• ළමයාගේ ආත්ම විස්වාසය පලුදු කිරීම,
• ළමයාට අනවශ්‍ය ලෙස තරවටිටු කිරීම,
• ළමයා සමචිචලයට ලක්කිරීම,
• ළමයා ප්‍රතික්ශේප කිරීම,
• ළමයා හුදකලා කිරීම,
• භීතියට පත්කිරීම හා ළමයා වැරදි ලෙස විවෙචනය කිරීම

වැනි අප නොසිතන්නාවු ආකාරයෙන් පවා මෙම අපයෝජනයන් සිදුවිය හැකි බව පෙන්වා දී ඇත. මෙවැනි අපයෝජන තත්වයන් පවුල තුලින්ම ඉස්මතු වන නිසාල පවුල් ඒකකය සුහද හා ශක්තිමත් කිරිම තුලින් මෙම තත්වය සමනය කල හැක. මෙ සදහා එක්සත් ජාතීනගේ ළමා අයිතිවාසිකමි ප්‍රඥප්තියේ 3 වන ව්‍යවස්ථාවෙ දක්වා ඇති පරිදි ළමයාගේ උපරිම සුභසාධනය යන සංකල්පය පෙරදැරිකර ගැනීම ප්‍රායෝගික වෙ.

ළමයින් සේවයේ යෙදවීම

ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීමද වර්තමානයේ තරමක් සමනය වී ඇතත් තවමත් නශ්ඨාවශේෂ ලෙස ඉතිරිව ඇති ළමා අපයෝජනයක් වෙ. මෙහිදී නිවෙස් වල මෙහෙකාර සේවයේ යොදවන ලද ළමයින් විවිධ අපචාර ක්‍රියාවන්ට ගොදුරු වීම නොරහසකිග මෙම ක්‍රීයාව තුලින් ළමයා ශාරීරික චිත්තවෙගාත්මක හා ලිංගික වශයෙන් අපයෝජනයට ලක්වීමෙ අවධානමකට හෙලනු ලබයිග තවද මෙය ළමයා කෘෘරත්වයට බදුන් කිරිමටද හේතුපාදක වෙ. ළමයින් සේවයේ යෙදවීම පිළිබද නෛතික තත්වයන් 1954 අංක 19 දරණ කඩ සාප්පු හා කාර්යාල පනතේද 1871 අංක 28 හා 1936 අංක 18 දරණ ගෘහ සේවකයින් පිළිබද ආඥා පනතේද 1956 අංක 47 දරණ කාන්තාවන් තරුණයින් හා ළමයින් සේවයේ යෙදවීම පිළිබද පනතේද දක්වා ඇතග මෙී සෑම ප්‍රතිපාදනයකම අරමුණ වී ඇත්තේ අමානුශික ලෙස ළමා ශ්‍රමය සූරාකෑම වැලැක්වීම හා ළමා අපයෝජනය තුරන් කිරීම වෙ. මීට අමතරව ළමා අයිතිවාසිකමි පිළිබද ප්‍රඥප්තියේ (19) ව්‍යවස්ථාව පරිදි අපයෝජනයෙන් හා අත්හැර දැමීමෙන් ආරක්ෂා වීමට (28) ව්‍යවස්ථාව පරිදි අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය හා (26) ව්‍යවස්ථාව පරිදි සමාජ ආරක්ෂාව වැනි බොහෝ ක්ෂේත්‍ර මෙම නෙනතික ප්‍රතිපාදන මගින් ආවරණය කරනු ලබයිග මෑතකදී ජනමාධ්‍ය හා විවිධ සංවිධාන මගින් දියත් කරණ ලද කාලෝචිත ක්‍රියාමාර්ග නිසා ළමා මෙහෙකාර සේවය බොහෝ දුරට සමාජයෙන් සොදාහැරීමට හැකිවී ඇත. මින් පැහැදිලිවන්නේ ළමා අපචාර පිටුදකිනු වස් ජනමාධ්‍යයන්ට තවත් බොහෝ බොහෝ දෑ කලහැකි බව නොවෙද?

ළමයින් වෙළදාම හා කෘරත්වයට පත්කිරීම

ළමයින් වෙළදාමි කිරිම හා ළමයින් කෘෘරත්වයට පත්කිරීමද ළමා අපයෝජනයන් වෙ. 1995 න් සංශෝධිත දණ්ඩනීති සංග්‍රහ පනතේ 360 ඇ වගන්තිය යටතේ තැනැත්තන් වෙළදාම වරදක් ලෙස දක්වා ඇතග මෙසේ ළමයින් වෙළදාමිකිරීම ඔවුන් දරුකමට හදාගැනීමට හෝ ලිංගික ක්‍රියාවන් සදහා යොදාගැනීමට හෝ අවයව ලබාගැනීම සදහා හෝ විය හැක. ළමයින් කෘෘරත්වයට පත්කිරිම දණ්ඩනීති සංග්‍රහයේ 308 ආ වගන්තියේ දක්වා ඇති වැදගත් ප්‍රතිපාදනයක් වෙ. මෙය ළමයාගේ භාරකාරත්වය තුලින් ළමයාට සිදුවිය හැකි අපචාර තුරන් කිරීමට පනවන ලද්දක් වෙ. ඒ අනුව වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකුගේ භාරකාරත්වය දරමින් ඒ තැනැත්තාට වෙදනාවක් යථා සෞඛ්‍යට යමි හානියක් ඔනෑකමින් අඩත්තේටිටමි හිංසා කරනු ලැබීමට හෝ හිංසා කිරීමට නොසලකා හැරීමට හෝ නොසලකා හරින අතරමං කිරිමට හෝ අතරමං කරන හා කුටිටනය කරන තැනැත්තෙක් ඉහත වරදට වරදකරු වෙ. මෙ අනුව 308 ආ (2) යටතේ ඔවුන්ට වසර 2කට නොඅඩු වසර 10 කට නොවැඩි දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමෙන් දඩුවමි කල හැකි බව දක්වා ඇත.

ඉහත දැක්වූ අයුරු ළමා අපචාර යන්න කෙතරමි පුලුල් ලෙස ව්‍යාප්ත වී ඇත්ද යන්න පසක් වෙ. නමුත් ශ්‍රී ලංකාව වැනි 3 වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් තුල මුලු පවුලේම ජිවන බර සදහා උරදෙන ළමයින්ද සිටින බට අමතක නොකල යුතුය. එසේම මෙම නීති කෙසේ සැකසුවද ඒවා ක්‍රියාවට නැංවීමෙ දී ඇතිවී තිඛෙන ප්‍රායෝගික දුෂ්කරතාවයද ලිංගික අපචාරයන් හා බැදී පවතින අප්‍රසන්න ආකල්පයන් නිසා ඒවා අධිකරණය අභිමුවට පැමිණවීමට මැලි වීමද මෙම අපචාර පිටුදැකීම ප්‍රවර්ධනයට බාධාවක් වී ඇත. කෙසේ වුවද ලොව සියලු ආගමි හා දර්ශනයන් ළමා අපචාර හෙලාදැක ඇති බව නොරහසකිග ජෙසුස් ක්‍රීස්තුස් වහන්සේ වරක් දේශනා කරන ලද්දේ ළමයින්ට මාවෙතට එන්න ඉඩදෙන්න ලෙසය” බුදුන් වහනසේ දරුවන් දෙමාපියනගේ උතුමිම සමිපත ලෙස දේශනා කර ඇත. නමුත් ආගමානුකූලව ජීවත් වීමම මෙම අපචාරී ක්‍රියාවන් පිටුදැකීමෙහිලා ක්‍රියා කරනු ඇතැයි සිතීම උගහටය. ළමයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල යුතු වන බව අප මූලික නීතිය වන ආණුඩුක්‍රම ව්‍යවස්ථාවෙ ද පිළිගනිමින් ඔවුන්ගේ උන්නතිය සදහා ළමයින් හා කාන්තාවන්ට විශේෂ විධිවිධාන සැලැස්වීමට හැකියාවක් ඇති බව එහි මූලික අයිතිවාසිකමි පිළිබදව සදහන් කර ඇති සසස වන පරිචිඡේදයේ (4) වන ව්‍යවස්ථාවෙ දක්වා ඇත. තත්වය එසේ වුවද ප්‍රායෝගික ලෙස මෙම අපචාරික්‍රියාවන් ගෙන් ළමයා රුක ගැනීමට නමි අප අවධියෙන් මෙන්ම ක්‍රියාකාරී සහභාගිත්වයෙන්ද එයට සහය දිය යුතුය. නැතහොත් මෙම ලිපිය ඇතුලුව සියල්ල මනෝමික ලොවෙ ප්‍රායෝගික නොවන හුදු වචන වලට පමණක් සීමාවූ යථාර්තයක් වනු ඇත. මෙහිලා අවසාන වශයෙන් ඒ. ඊ. හවුස්මන්ගේ ඉංග්‍රීසි කාව්‍යක සිංහල අනුවාදය සටහන් තබනු වටී.

වලසා ලොකුය කැලෑ සතෙකි
ඒ වලසා බිළිදා ගිල දැමීය
වලසා බිළිදා ගිල ගත් බව
නොදනියි නොදකියි බිළිදා

නමුත් අභාග්‍යසමිපන්න යථාර්තය වනුයේ වලසා බිළිදා ගිලගත් බව බිළිදා පමණක් නොව අපද නොදැනීම හා නොදැකීම නොවෙද?

නීතිඥ තනූජ කේ. ජයසුන්දර

(උපුටාගැණිම සපුරා තහනමි)