වර්තමානයේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී ඇති ළමා අපචාර ළමයා වර්තමානය අතීතය ඒ හා සබැදි නෛතික තත්වය පිලිබද කරන ලද විවරණයකි මෙ.

වලසා හා බිළිදා 01 කොටස ළමයා යනු කවරෙක්ද?

ජනස්‍රැති හා ප්‍රාග් ඓතිහාසික සාක්ෂි ඔස්සේ පසක් වන පරිදි දඩයමි යුගයෙන් ඇරඹි මානවයා නමි සත්තවයාගේ නොනිමි ගමන විවිධ යුගයන් මධ්‍යයේ වරතමානයේ කාර්මික විප්ලවය ද තාක්ෂනික විප්ලවය ද පසුකර සඳ තරණය කිරීම විනා අභ්‍යවකාශ ජනාවාසීකරණය තෙක් ප්‍රවර්ධනය වී ඇතග මෙම බුද්ධිමය සාක්ෂරතාවයෙන් අගතැන්පත් මිනිස් ශිෂ්ඨාචාරය අද තීරණාත්මක සන්ධිස්ථානයකට එලඹ ඇතග එනමි වසර දහස් ගණනක් මුලුල්ලේ සිය ප්‍රවර්තනය උදෙසා උරදුන් සමාජ සාරධර්ම හා ගුණදමි පද්ධතිය තවදුරටත් තමා සතුව තබාගන්නේ ද නැතහොත් අත්හරින්නේද යන්න වෙ. ජෛව විද්‍යත්මක වශයෙන් ස්වභාවිකව ස්වජාති භක්ෂක වූ මානවයාගෙන් පැවත එන නුතන මානවයින් වන අප තම දරුවන් ආහාර කොට නොගන්නේ බුද්ධි විකාශනයට අනුරූපි ලෙස මිනිස් සමාජය දරුවන් කෙරෙහි දක්වන්නට වූ ඇල්ම හා සෙනෙහස නිසාම විය යුතුය. එසේ නොවන්නට අපට මෙසා දුරක් ගෙවා ඒමට නොහැකි වනු ඇත.

ළමා අපචාර යන්න සලකා බැලීමට මත්තෙන් ළමයා යනු කවරෙක්දැයි සොයා බැලීම වටී. ළමයා යන්නට නිශ්චිත අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කරණු විනා අප නීතිය වෙනස් තත්වයන් යටතේ ළමයා යන්නට වයස් පරාස කිහිපයක් දක්වා ඇත. එනමි අයාල ආඥා පනතේ ගැහැනු ළමයෙකු යනු වයස අවුරුදු 16 ට අඩු පුද්ගලයෙකු ලෙසද කාන්තාවන් තරුණයන් ළමයින් සේවයේ යෙදවීමෙ පනතේ ළමයා යනු වයස අවුරුදු 16 ට අඩු තැනැත්තකු ලෙසද, වයස අවුරුදු 14-16 ත් අතර තැනැත්තකු, ගැටවරයෙකු වශයෙන්ද හදුන්වා දී ඇත. නමුත් දණ්ඩ නීති සංග්‍රහයේ ළමයා යන්න ඒ ඒ වරදට අනුරූපී වශයෙන් අවුරුදු 8/10/12/14/18 වශයෙන් දක්වා තිබීම විශේෂිත වෙ. මෙලෙස ළමයෙකු සමිබන්ධව කරනු ලබන වරදක් නිර්වචනයේදී විවිධ වයස් සීමා දක්වා තිබුනද 1998 නොවැමිබර් මස 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකමි පිළිබද ප්‍රඥප්තියේ 1 වන ව්‍යවස්ථාවෙ සදහන් පරිදි ළමයා යනු, එම ළමයාට අදාල නීතිය යටතේ වයස අවුරුදු 18 ට පෙර වයෝ පුර්ණත්වය ලබන්නේ නමි මිස, වයස අවුරුදු 18 ට අඩු සෑම මනුෂ්‍යයෙකුම වෙ. 1989 ට පසු පනවන ලද ළමයින් සමිබන්ධ ව්‍යවස්ථාපිත නීතින් මගින් මෙම තත්වය පිළිගෙන ඇතිබව අපට පසක්කර ගත හැක.

ළමා අපචාර පිළිබදව සාකචිචා කිරීමෙදී ළමා අයිතිවාසිකමි පිළිබදව සදහන් නොකිරිම අසාධාරණයක් වන්නෙය. එයට හේතුව වන්නේ ළමා අයිතිවාසිකමි හා ළමා අපචාර අතර පවතින්නාවූ අනයෝන්‍යවුත් සමාන්තරවූත් සමිබන්ධතාවය වෙ. මෙ සැමකටම මත්තෙන් ළමා අපචාර මර්ධනය කළ යුත්තේ ඇයිද යන්න සහ ළමා අයිතිවාසිකමි පිළිබදව ප්‍රඥප්තියක් සමිමත කර ගැනීමට හේතු පාදක වූ මූලාශ්‍ර සොයාබැලීම උචිත වෙ.

ආසියාතිකරය සලකා බලන විට ක්‍රිස්තු පූර්ව 6 වන සියවස තරමි ඈත අතීතයේ ළමයා සතු අයිතිවාසිකමි සුරක්ෂණය කිරීමට කාලානුරූපී ලෙස කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු ලෙස අද මුලු ලොවම පිලිගන්නා බුදුන්ගේ දේශනාවක් වන සිගාලෝවාද සුත්‍රයෙන් පැහැදිලිවෙ. මෙහිදී මාපිය දූදරු සමිබන්ධතාවය නැගෙනහිර දිශාවට සමකරමින් ප්‍රකාශකර ඇත්තේ දෙමාපියන් විසින් දරුවන්ට පස් වැදෑරුමි සංග්‍රහයක් කල යුතු බවය. එනමි දරුවා වරදින් වැලැක්වීම, යහපතෙහි යෙදවීම, ශිල්ප ඉගැන්වීම, සුදුසු කල ආවාහ විවාහ කර දීම හා සුදුසු කල දායාද ලබාදිම වෙ. මෙය අතීත භාරතීය සමාජය තුල ළමයා සතු අයිතිවාසිකමි රුකගැනීමට ගන්නා ලද මුල්ම ප්‍රයත්නය වෙ. බුද්ධකාලීන සමාජයෙන් ඔබිබට එබී ශ්‍රීලාංකේය සමාජය සලකා බැලීමෙ දී එළාර රජ දවස රජුගේ පුත්‍රයා විසින් සිය පැටවා යටකර මරණලදැයි රජුට චෝදනා කල එලදෙනකට යුක්තිය ඉටුකරමින් තම පුත්‍රයා එලෙසම මරා දැමු බව ජනස්‍රැති වල සදහන්වෙ. එහි සත්‍ය අසත්‍යතාවය කුමක් වුවද වසු පැටවෙකුගේ අයිතිවාසිකමි කෙරෙහි පවා අවධානය යොමු කළ සමාජයක් තුල මිනිස් පැටවා කෙරෙහි කෙතරමි සැලකිල්ලක් තිඛෙන්නට ඇත්දැයි පසක්වෙ.

තත්වය මෙසේ වුවද වර්තමානයේ අපරදිග සංස්කෘතිය අප සභ්‍යත්වය ගිල ගැනීම හා එහි විකාශනය වීම ඔස්සේ ළමයින් කෙරෙහි වු ලබැදියාව ගිලිහී යමින් හෝ ගිලිහීගොස් ඇතැයි පැවසීම අසත්‍යක් නොවෙ. විවෘත ආර්ථිකය හා ගෝලීයකරණය ඔස්සේ මුලු ලොවම වාණිජ ගෝලයක් බවට පත්වී ඇති සමයක ළමයා යන්න හුදෙක් වචනයට පමනක් සිමා විම වැලැක්විය නොහැක. මෙ නිසා ළමයා කෙරෙහි වූ ලබැදියාව වෙනුවට මසට ගිජු වන්නාවූ උකුස්සෙකුගේ තත්වයට සමාජය ආදේශනය කරනු ලැබ ඇත. එබැවින් ළමා අපයෝජනය දුරලීමට ළමා අයිතිවාසිකමි ශක්තිමත් කළ යුතු අතරම වරදවල් සමිබන්ධයෙන් දැඩි දඩුවමි පමුණුවා සමාජ ශෝධනය කල යුතුව ඇත.

ළමා අයිතිවාසිකමි සුරක්ෂණය මෙන්ම, ළමා අයිතිවාසිකමි උල්ලංගනය කිරීම ද ක්‍රිස්තු යුගයට මෙන්ම ක්‍රිස්තු පුර්ව යුගය තෙක්ම රෝම ශිෂ්ඨාචාරය ඔස්සේ දිව යයි. ඉපැරණි රෝම ශිෂ්ඨාචාරය තුල ළමා අයිතිවාසිකමි පිළිබද සංකල්පයක් තිබුණ බවට පැහැදිලි නැත. එකල ළමයා සතු තත්වය භාණ්ඩයකට වඩා වැඩි යමක් නොවිණි. පීතෘ මූලික සමාජයක් වූ එහි පියා ළමයා සමිබන්ධව සියලුම තීරණ ගත් අතර ළමයා භාණ්ඩයක් ලෙස හුවමාරු කිරීමට හෝ කුසගින්නේ මිය යාමට සැලැස්වීමට හෝ සතෙකුට ආහාර සදහා දීමට හෝ පියා සතුවූයේ නිශේධ බලයකි. මෙම තත්වය ක්‍රි පූ 394 දී අහෝසි කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස පසු කාලීන ලෙස ඔගස්ටීන් හා ජස්ටීනියන් යන අධිරාජ්‍යයන් විසින් එම තත්වය වෙනස් කිරීමෙහිලා මුලිකව කටයුතු කරණ ලදී. නමුත් රාජ ලේ මිශ්‍ර වීම වැලැක් වීම සදහා ව්‍යභිචාරය රජ පරමිපරාවන් තුල දිගින් දිගටම පැවති බවට සාක්ෂි ඇත.

1815 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට මුලුමන්න්ම යටත් වන විට ශ්‍රී ලංකාවෙ ළමයින් වන්ගෙඩියෙ දමා කෙටීම වැනි කෘර අමානුෂික තත්වයකට රාජ්‍ය තන්ත්‍රය පත්ව තිබිණි. එබැවින් 1883 මෙම කෘර දණ්ඩනයන් පිටුදැකීමට සදහා දණ්ඩනිති සංග්‍රහය ඉංග්‍රීසින් විසින් පනවනු ලැබිණි. මෙම දණ්ඩනීති සංග්‍රහය අදටත් ළමා ආරක්ෂණයෙහිලා කැපි පෙනෙන මෙහෙයක් ඉටු කරණ රක්ෂකයෙක් වශයෙන් හදුන්වාදිය හැක. ඉහතින් ළමා අයිතිවාසිකමි පිළිබදව දක්වීමට යෙදුන හේතුව සරළව දක්වන්නේ නමි එම අයිතිවාසිකමි කඩ කිරිමම ළමා අපචාරයක් හෝ ළමා අපචාරයන් සදහා මුලපිරීමක් වන බැවිණි.

නීතිඥ තනූජ කේ. ජයසුන්දර

(උපුටාගැණිම සපුරා තහනමි)