Have an account?

Thursday, April 08, 2010

හැදින්වීම හා පෙරවදන

මෙ ලිපි පෙලි ලිවීමට මත්තෙන් යමි පමණක පෙර වදනක් ලිවීම වැදගත් යැයි සිතමි. නීතිය හා ඔබ යන මාර්තෘකාව සලකා බැලීමෙදී මුලිකව විමසා බැලිය යුතු කරැණු කිහිපයක් ඇත. එනමි නීතියේ ආරමිභය කොතනද? නීතිය යනු කිමෙක්ද? නීතිය අපිට බලපාන්නේ කෙසේද හා නිතියට අප යටත් විය යුත්තේ ඇයි යන කාරණා  වෙ.

මෙ එක් එක් කරැණක් සරල සංශේප ලෙස අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉදිරිපත් කීරිම මාගේ අදහසයි.


නීතියේ ආරමිභය කොතනද?
නීතියේ ආරමිභය පිළිඹදව පිළිඹදව සොයා බෑලීමෙ දී එය යුග කිහිපයක් ඔස්සේ විමර්ශණය කල යුතු පුලුල් මාතෘකාවක් වන්නේය.එලෙසම නිතියත් ආගමත් අතරසමිබන්ධතාවය එකිනෙක විභේධනය කල නොහැකි අයුරින් ඔවුනොවුන් හා බද්ධව පවතින්නකි. නමුත් සෑම දහමකම මෙන්ම දර්ශණයකම පාහේ එම දහම හෝ දර්ශණය මෙ ලොව පහල වීමට මත්තෙන් නීතිය වත්පන්න වූ බව පැහැදිලි වන්නේය. ඒ අනුව පෙනි යන වැදගත්ම කරැණක් වන්නේ නීතිය මගින් විධිමත්කිරීමට නොහැකි වූ යමි කොටසක් පැවති බවත්. ඒ කොටස විධිමත් කිරීම පිණිස ආගම හා ධර්මය පහල වූ බවත්ය.


මුලු ලොවෙම නිතිය පැතිරිණු ආකාරය පිළිඹදව පැරණි ආසියාතික  පතපොතේ සදහන්ව ඇත. ඒ අනුව, ආකාරයට මුලින්ම ලොවට නීතිය ජනිත වුයේ මෙ ආකාරයටය, මෙ පිළිඹද තොරතුරැ හෙලි වන්නාවු මුලික මුලාශ්‍රයක් ලෙස බුදු සමය සැලකිය හැක.ලොව මිනිසුන් ඇතිවු මුල් යුගයේ ඔවුන් පාලනය කරණ රජෙක් නොවීය. මිනිසුන් දැහැමෙන් සෙමින් කල් යවන්නාහු. තමාම තමගේ පාලකයෝ වුහ. අවුන් අතින් ර්‍පාණගාථය ආදී කිසිදු අපරාධයක් නොවීය. ඔවුහු ජාති කුල ගෝර්‍ත වශයෙන් නොබෙදුනහ.සියල්ලොම එකම පවුලෙහි සහෝදර පිරිසක් මෙන් සමගියෙන් විසුහ. මෙසේ බොහෝ කාලයක් ගෙවිණ. ටිකින් ටික නරක ගතිගුණ මිනිසුන් කෙරේ පහල වන්නට පටන්ගත. අයෙක් අන් සතු දෑ සොරා ගත්හ. නින්දා ගර්හා කිරීමද බොරැ කීමද ඇතිවිය.නොබෝ කලකින් ඔවුනොවුනට හිංසා පීඩා කිරීමටද පටන් ගැණින. මෙස් අපරාධ වැඩිවීගෙන එන විට මහජනයාගේ ආරක්ෂාව පිණිස පාලකයෙකු පත්කර ගැන්ම අවශ්‍ය විය. මිනිසුන් එක්රැස්ව ඒ සදහා මහා සභාවක් පැවැත්වීය. පවත්නා තත්වය පිළිබදව සාකචිචා කර සමාන ඡන්දයෙන් සුදුස්සකු පාලක ධූරයට පත් කරන්නට තීන්දු කර ගත්හ.ඔවුන් අතරෙහි වූ ආරෝහ පරිනාහ සමිපන්න, පෙනුමෙන් ශෝභන වූ එහෙත් තෙදවත් ශූර වීර පුරැෂයෙකු තෝරාගෙන ඔුහු තමන්ගේ පාලකයා කර ගත්හ. හැම දෙනාගේ සමිමතියෙන් පත්කරන ලද හෙයින් හේ මහා සමිමත රජ විය.


මෙ මහා සමිමත රාජවශයේ ආරමිභය පිළිඹදව කියෙවෙන කථා පුවතයි. මෙය බලන්ගොඩ ආනන්ද මෛර්‍තිය ස්වාමින්වහන්සේගේ ශාක්‍ය මුනිර්‍දාවදානය නමි පොතින් උපුටා ගන්නා ලදි.

මෙ අනුව මෙම මහා සමිමත රජුගේ පරපුර ලොව පුරා ව්‍යාප්ත වූ බවත් ඔවුන් විසින් ලොව සියලුම ජාතින් පාලනය කල බවත් මෙහි දැක්වේ. මෙහිදී මුලින්ම නීතියේ උපත සිදුවුයේ මෙ රජුන්ගෙනි. අපව පාලනය කරණ ලෙස ජනයා විසින් මහා සමිමත රජුට තමාගේ තමාව පාලනය කර ගැනීමෙහි වු බලය පවරා දීම සිදු කරණ ලදි. තමා වෙනුවෙන් නියෝජිතයෙකු පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයකි. ඒ අනුව මුලින්ම ලොවට නිතිය හදුන්වා දුන්නෝ රජුන්ය.

ඊලගට පැන නගින ප්‍රශ්ණය වන්නේ රජුන්ට නිතිය ලබා දුන්නේ කවුරැන්ද යන්නයි. මෙ සමිබන්ධ විස්තර ආසිතිකරයේ වෙද ග්‍රන්ත, බොදු පොතපතේ මෙන්ම බයිබලයේ පරණ ගිවිසුමෙද සදහන්ව ඇත. බයිබලයේ පරණ තෙස්තමෙන්තුවෙ සදහන් පරිදි, දෙවියන්වහන්සේ විසින් ලොව මැවීමෙන් හා ගැහැනිය හා මිනිසා මැවිමෙන් පසු ඔවුන්ගේ දරැ පරමිපරාව වැඩී වර්ධනය වන ලදි.ආදමි හා ඒව විසින් තහනමි ගසේ ගෙඩා කෑමත්. ඉන්පසු ඔවුන් අමරණිය භාවයෙන් මිදී මරණිය බවට පත්වීමත් දරැවන් ප්‍රසුත තරන්නට වීමත්. ආදමි සහ ඒවගේ දරැවන් දෙදෙනෙකු විසින් ඔවුන් මරා ගැනීමත් යන කථා ප්‍රවෘත්තිය, මගින් කියා පාන්නේ සමාජය තුලට නපුර හා ආ අධර්මිශ්ඨ භාවය පැමිණි බවය. ඒ අනුව මෙ කථාවද මහා සමිමත රජුගේ කථාවෙ මුල් කොටසට උන පුර්ණයක් බව පැහැදිලි වෙ.

ඒ අනුව නැවතත් ලොවට නීතියේ පාලනයක් අවශ්‍ය විය. අධර්මිශ්ට වු ප්‍රජාව ධාර්මිශ්ඨ කිරීමෙ නිතිය වශයෙන් නැවතත් මෝසෙස් මාර්ගයෙන් ලොවට දස පනත (the Ten Commandsments) නමි නීතිය දෙවියන් වහන්සේ විසින් පමුනුවන ලදි. කියවන්න ශුද්ධ වු බයිබලය. මෙය දෙවන පුරාවෘතයයි.

ඉන් අනතුරැව කිතුණු දහමෙ බෙදි යාම සනිටුහන් කරණු ලබන ආබ්‍රහමිගේ කථාවෙදී. ජොර්දාන් ගග අසබඩදී ගොත්‍ර 12ක් තිබූ බවත් මෙයින් මුස්ලිමි වරැන් වෙන් වු බවත් සදහන් වෙ. ඔවුන් දෙවියන් වහන්සේ පමණක් ඇදහු අතර පස් කලක නබිනායක තුමා විසින් ප්‍රකාශිත වචනය දෙවියන් වහන්සේගේ වචනය ලෙස සලකා අද දක්වාම. ඔවුන්ගේ නිතිය වන්නේ ශුද්ධ වු කුරාණයේ සදහන් දෙවියන්වහන්සේගේ වචනයයි.

තෙවන පුරාවෘතය රෝම ශිෂ්ඨාචාරයන් සොයාගත හැක. එනමි ලංකාවෙ අදටද බලාත්මක වන්නාවුද. මෙතාක් ලොව පහලවූ පරිපුර්ණම නිති පද්ධතියක් ලෙස සලකන රෝම නිතියයි.එහි සමිබවය දෙවියන් ගෙන් බව සදහන් වෙ.

මිට අමතරව පුරාණ චිනයේ කොන්ෆියුයස් තුමා විසින් දේශනා කරණ ලද නීතියක් ධර්මයක්ද වශයෙන් සලකමින් රට පාලනයට යෙදිනි..

කෙසේ වෙතත් මම කියන්නට උත්සහා දැරෑකරැණ වුයේ, මෙ සෑම මුලාශ්‍රයකින්ම පැහැදිලි වන්නේ නිතිය දෙවියන් විසින් මිනිසුන්ට දායාද කල බවත්. එම නීතිය කර්‍ියාත්මක කිරීමට තෝරා පත්කරගත් පුද්ගලයා රජු වු බවත්ය. එම නිසා නිතියේ උපත රජුන් යැයි සැලකීම වටි.

දෙවන ප්‍රශ්ණය වන්නේ නීතිය යනු කිමෙක්ද යන්නයි?
වඩා පුලුල්ම මෙන්ම සංකීර්ණම ප්‍රශ්ණය වන්නේ මෙයය. මේ පිළිබදව විග්‍රහ කරණා නීති විද්‍යාව (jurist prudence)යනුවෙන් පුලුල් විශයක්ද පවතියි.කෙසේ වෙතත් ඉතාමත් සරල පිළිතුරක් ලෙස යමි ප්‍රජාවක් විසින් තමාව පාලණය කර ගැනීම සදහා තොරාගනු ලබන රිති පද්ධතියක් නිති වශයෙන් හැදින්විය හැක. මෙලෙස රිති සාදාගන්නා ආකාර බොහොමයක් පවතියි. ඒ පිළිඹදව පසුව සාකඡ්චා කරමු.

මෙ පිළිබදව සලකා බැලීමෙ පහත අර්ථ දැක්වීම වැදගත් වෙ. ප්‍රජාවක් යනු එක්තරා ප්‍රදේශයක එක්තරා කාලය සිටිනු ලබන යමි ජනකොට්ඨාශකි. මෙම ජනකොටිඨාශයේ සිතුමිපැතුමි සන්කෘතින් හා ආකල්ප බොහෝ දරට සමාණ යැයි නුමාන කල හැක. උදාහරණ ලෙස ඇමරිකා වාසි ජනතාවගේ හා ශ්‍රී ලාන්කිය ප්‍රජාවගේ සිතුමිපැතුමි සන්ස්කෘතින් ආකල්ප වෙනස් බව පැහැදිලියි. පුද්ගලයින් නීතිය සාදාගනු ලබන්නේ තමාගේ සන්ස්කෘතියට අනුරෑප වන ආකාරයටය. බොහෝදුරට සන්ස්කෘතිය හා නීතිය අතර ගැටීමක් නැත. සන්ස්කෘතිය යුනු යමි ප්‍රජාවක් විසින් එම ප්‍රජාව පවත්වාගෙන යාම සදහා එහි අනන්‍යතාවය රැකගැනීම සදහා පරමිපරාවෙන් පරමිපරාවට පවත්වාගෙනු එනු ලබන්නවු යමි රිතින් පද්ධතියකි. මෙය ලිඛිත හෝ අලිඛිත විය හැක. මුස්ලිමි වරැන්ගේ සන්ස්කෘතිය කුරාණය අනුව සමිපාදනය වුවක් බැවින් එය ලිඛිතය. සන්ස්කෘතින් කාලයෙන් කාලයට වෙනස් වෙ. ඒයට අනුරෑපව නිතියද සාමාණ්‍යයෙන් වෙනස් වෙ.

උදාහරණයක් ලෙස කතෝලික ධර්මය මුලික වූ එංගලන්තයේ සමිප්‍රදාය වුයේ දෙවියන්වහන්සේ හා පවුලයි. ඒ අනුව ගැහැණියක් හා පිරිමෙයෙක් එක් වි පවුලක් සාදා ගැනීම සිදුවිය. නමුත් ත්වය පසුව වෙනස් විය. පිරිමින් පිරිමින් අතරද මෙබදු පවුල් ඇතිවිම නිසා වුල්ෆෙන්ඩන්ටි සාමි වරයා ප්‍රමුඛව ඉදිරිපත් කරණ ලද වාර්ථාව අනුව ඉංර්‍ගිසින් සමහරක් ර්‍පාන්ත සදහා පමණක් බලපවත්වන ලෙස සමලිංගික විවාහ නිතිගත කරණ ලදි. මෙය නීතිය හා සන්ස්කෘතිය අතර නොගැටිම පෙන්විමට උදාහරණයකි.

සාමාණ්‍යයෙන් සන්ස්කෘතියක් ලෙස මිනිසුන් භුක්තිවිදින ලද අනුගමනය කරණ ලද හර පද්ධතින්ම නිතිය බවට පත්වූ බව මා කිලින් කියන ලදි. නමුත් මෙහිදී සලකා බැලිය යුතු තවත් කරැණක් ඇත. එනමි සන්ස්කෘතියට අදාල සෑම කරැණක්ම නීතිය මගින් පාලනය කිරීමට හෝ විධිමත් කිරීමට යනවාද යන්නය. පිළිතුරණමි නැත යන්නය. නීතිය මගින් මැදිගත් වනුයේ මිනිසුන්ගේ සන්ස්කෘතියේ යමි මටිටමකට පමණි. එතනින් එහාට නීතිය බපෑමක් නොකරණු ඇත. හොදම උදාහරණයක් ශ්‍රී ලංකාවෙන්ම ගත හැක. සන්ස්කෘතියක් වශයෙන් ස්වාමිපුරැෂන් බිරිද නඩත්තු කිරීමත් දරැවන් නඩත්තු කිරීමත් දරැවන් දෙමාපියන් නඩත්තු කිරීමත් පුරාතනයේ සිට ලංකාවෙ පැචති සන්ස්කෘතියයි. නමුත් කල් යෑමෙදී දරැවන් දෙමාපියන් නඩත්තු කිරිම පැහැර හැරීම සිදුවු නිසා නීතිය ක්‍රියාත්මක වී වැඩැහිටියන්ගේ අයිතිවාසිකමි ආරත්ෂා කිරීමෙ පනත පැනවීම මගින් දැන් එය සිදුකරණු ලැබෙ. නව නඩත්තු පනත මගින් අවුරැදු 25 දක්වා දරැවන්ව හා කාලත්‍රයන්ව නඩත්තු කරණු ලැබෙ. කාලත්‍රයන් නඩත්තු කිරිම යනු බිරිද විසින් ස්වාමිපුරැෂයාව හෝ ස්වාමිපුරැෂයා විසින් බිරිදව නඩත්තු කල යුතුය යන්න නව නිතියයි. කලින් පැවති නීතිය වුයේ ස්වාමිපුරැෂයා විසින් බිරිදව නඩත්තු කල යුතුය යන්නය. මෙ නිතිය සන්ස්කෘතියට මැදිහත් වූ අවස්ථාවකි. නීතිය සන්ස්කෘතියට මැදිහත් නොවන අවස්ථාවක් ලෙස, පසුගිය දිනක චතුර මදුරංග දරැවා දියේ ගිලි මිය යමින් සිටි අවස්ථාවත් යමි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ඒම දරැවා බෙරාගන්නා ලද ආකාරයත් අපි මාධ්‍යය තුලින් දිටිමු. එම දරැවා දියේ ගිලෙන විට යම තැනැත්තෙකුට එම දරැවා බෙරාගත යුතුය යුනුවෙන් නීතියක් කොතනක හො නැත. නමුත් එහිදි එම දරැවා බෙරාගනු ලැබුයේ සන්ස්කෘතිය මගින් උරැම කර තිබූ හර පද්ධතිය නිසාය.

මෙ අනුව පැහැදිලි වන්නේ නීතිය විසින් සැමවිටම සන්ස්කෘතියට මැදිහත් නොවන බවත් සුභවාදී ලෙස බලන විට සන්ස්කෘතිය ආරක්ෂා කිරිමට සන්ස්කෘතිය හා අන්තර් සමිබන්ධිතව ක්‍රියා කරණ බවත්ය. නමුත් එසේ නොවු අවස්ථාවන්ද අනන්ත ලෙස ලොක ඉතිහාසයෙන් සොයාගත හැක. හිටිලර් විසින් ගෙන යන ලද නාසි පාලනයේදි යොදාගත් නිති පද්ධතින් එයට උදාහරණයක් ලෙස දැක්විය හැක.

ඊලග කරැණ මෙන්ම වැදගත්ම කරැණ වන්නේ නීතිය අපට බලපාන්නේ කෙසේද යන්නය. 

එය වැඩි කථාකිරීමකින් තොරව උදාහරණයකින්ම පහදාදීම ලේසි යැයි සිතමි. ඔබගේ උපතේ සිට මරණය දක්වාත්, ආහාර අනුභවයේ සිට වැසිකිලි යෑමදක්වාත් ක්‍රියාත්මක වන්නේ නීතියය යැයි කිවහොත් ඔබ පුදුම වනු නියතය. එය කෙසේ දැයි බලමු. ඔබ ඉපදිය යුත්තේ රෝහලක බවත් නිවසේ උපන්නහොත් වහාම රෝහලට දැනුමි දිය යුතු බව ඇත්තේ නිතියේය. ඔබ ඉපදීමට මත්තෙන් මව ගැබිගත් පසු සායන සදහා යා යුතු බවත් උපන් පසු එන්නත් හා පෝෂණය පිළිඹදව සැලකියයුතු බවත් ඇත්තේ නිතියේය. මිඩිවයිෆ් නෝනාගේ කාර්‍යභාරය නියම කර ඇත්තේ නිතියේය. ඉපදිමට පෙර ඔබ ගබිසා නොල යුතු බවත්. ඔබගේ උපත ලියා පදිංචි කල යුතු බවත්. ඔබගේ උපත නොසැගවිය  යුතු බවත් ඇත්තේ නීතියේය. මවකට හා පියෙකුට දාව ඔබ උපන් විට ඔවුන්ගේ දේපළ ඔබට හිමිවන බවත් දෙමාපියන් ඔබව නඩත්තු කල යුතු බවත් වියපත් වු පසු ඔබ දෙමාපියන්ව නඩත්තු කල යුතු බවත් ඇත්තේ නිතියේය. ඔබ එක් විවාහයක් පමණක් කල යුතු බවත් (මුස්ලිමි වරැන්ට විවාහ 04ක් සදහා අවසර ලබාගත හැක) ඔබ විවාහ විය යුතු වයස තිරණය කරණු ලබන්නේද, ඔබට පුරවැසි බව ලබා දෙන්නේද නිතියෙනි. ඔබ කන ආහරයන්හි සුදුසු නුසුදුසු බව තිරණය කරන්නේ නිතියෙනි. එවායේ මිලගනන් නියම කරණු ලබන්නේ නිතියෙනි. ඔබ වැසිකිලිය පිහිටවිය යුතු ආකාරයත් ඔබ වැසිකිලියක්ම මල දව්‍ය බැහැරකිරිමට යොදාගත යුතු බවත් නියම කර ඇත්තේ නිතියෙනි. ඔබට ජිවත් විමට නිවසක් ඉදිකලයුතු ආකාරය නියම කරන්නේ නිතියෙනි. ණයක් ගන්නේ නමි එය කල යුතු ආකාරය නියම කරන්නේද නීතියෙනි. ඔබ අනිවාර්‍ය ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු බව නියම කර ඇත්තේ නිතියෙනි. ඔබ මියගිය පසු මිනි පිටියක වැලලිය යුතු බව නියම කර ඇත්තේ නිතියෙනි.

මෙ අනුව බලන කල ඔබ දැන හෝ නොදැන ඔබ කරනු ලබන බොහෝ ක්‍රියාවන් නීතිය මගින් පාලනය කරනු ලබයි. නමුත් ඔබය එම ක්‍රියාවන් කරනා ආකාරය පමණක් සන්ස්කෘතිය මගින් පාලනය කරනු ලබයි. උදාහරණ ලෙස විවාහ පොතේ
ලියා විවාහයක් ලියාපදිංචි කල යුතු බව ලංකිවෙ නීතියයි. සිංහල බොදුවන් එය පොරැවෙ නැග චාරිත්‍ර ඉටු කර පොතේ අත්සන් කර සිදු කරති. කිතුනුවන් එය පල්ලියේ චාරිත්‍රකර ස්වාමි ඉදිරියේ පොතේ අත්සන් කර සිදු කරති. මුස්ලිමිවරැ ලෙබිබෙ වරයා ඉදිරියේ අත්සන් කර එය සිදුකරති. කරණ ආකාරය කුමක් වුවද ඔබ කර ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමයි.
නමුත් මෙතන නීතිය ක්‍රියාත්මක වන බව ඔබට නොදැනෙන්නේ නීතිය හා සන්ස්කෘතියේ ගැටිමක් නොමැති බැවිනි. යමි හෙයකින් සියල්ලොම පල්ලියේ කසාද බැදිය යුතු යැයි නීතියක් කවදා හෝ ගෙන එන ලදහොත් එවිට එතන නීතිය ඇති බව මනාව පැහැදිලි වනු ඇත. මෙබදු උදාහරණ අනන්තවත් පෙන්වා දිය හැකි බැවින්. නිතිය අපට මොනතරමි බලපාන්නේද යන්න පැහැදිලියි.

ඊලග කරැන වන්නේ නීතියට අපි යටත් විය යුත්තේ ඇයිද යන්නය. ඉස්සර මෙන් නොව වර්ථමානයේ නිතිය සකස්වනුයේ දෙවින්ගෙන් නොව මිනිසුන්ගෙනි. නමුත් එයට පදනමි කර ගෙන ඇත්තේ මුල් නිති පද්ධතින්ය. සරලව කිවහොත් අපි අපිටම නිති පනවා ගැනීම මෙහිදි සිදුවෙ. එබැවින් අපි නීතිය අපි විසින්ම සාදාගත් දෙයක් නිසා එයට යටත් විය යුතුය. අනිත් කරැණ නමි. සදාචාරය හා සන්ස්කෘතිය යන කරැණු ඔනැම තැනැත්තෙකුට බිද දැමිමට හැක. එය පහසුවෙන්ම කල හැක. එයින් සිදුවන හානිය නමි සමාජයේ බහුතරයක් අගතිවය හා අපහසුතාවයට පත්වීමය. එබැවින් සන්ස්කෘතිය බලවත්කිරීම නිතිය මගින් සිදු කරණා බැවින් සන්ස්කෘතිය යුනු යුතුකමි හා අයිතිවාසිකමිම බැවින් අපගේද යුතුකමි හා අයිතිවාසිකමි රැක ගැනීමට අපි නිතියට යටත් විය යුතුය. උදාහරණ ලෙස කිලින් සදහන් කරණ ලද්දක්ම ගමු. වියපත් දෙමාපියන්ව දරැවන් නඩත්තු කල යුතු බව ආගම දහම ආදියෙන්ද සමාජ ක්‍රියාවෙන්ද අනාදිමත් කාලයක් මුලුල්ලේ අපේ සන්ස්කෘතියේ ඇත්තකි. සන්ස්කෘතිය ගොඩනැගී ඇත්තේ ඒ මතය. දෙමාපියන් දරැවන් සමිබන්ධව සියලුම කරැණු කරණුයේ තමන්ට නොහැකි කලක දරැවන් තමන් පෝෂණය කරණු ඇතැයි යන ගැගීමෙනි. නමුත් ලේසියෙන්ම යමි දරැවෙකුට තමාගේ මාපියන්ට නොසලකා හැරිය හැක. එහිදි දරැවන් වෙත දෙමාපියන්ගෙන් ඉටුවිය යුතු යුතුකමි ඉටුවි ඇතත් දෙමාපියන් වෙත දරැවන් වෙත ඉටුවිය යුතු යුතුකමි පැහැර හැරීමක් සිදුවි ඇත. සන්ස්කෘතිය මගින් ඇතිකර ඇති යුතුකමි බලෙන් ක්‍රියාත්මක කරගත නොහැකි නිසා. දෙමාපියන් මෙහිදි අසරණවෙ. මෙහිදී නිතිය ක්‍රියාත්මක වී දෙමාපියන් වෙත දරැවන්ගේ යුතුකම අයිතිවාසිකමක් බවට පත්කල විට දෙමාපියන්ට තමන්ට නොලැබෙන දෙය බලෙන් හෝ ලබා ගැනිමට හැකි වීමෙන් ඔවුන් අසාධාරණයට පත් නොවනු ඇත. මෙම ඉරණම කෙදිනක හෝ දරැවන්ටද ඔවුන් වියපත් වු පසු උරැම විය හැක්ක් බැවින්. නිතියට යටත් වීම ඔවුන්ගේ යහපත සදහාම වන්නකි. එනමි අපි නීතියට යටත් විය යුත්තේ එය අපේ අයිතිවාසිකමි ආරක්ශා කර දී අප අසාධාරණයට ලක්වීම වලක්වාලන බැවිණි.

දෙවන කරැණ නමි එය අප විසින්ම සාදා ගන්නා ලද්දක් විම යන්නය. එය වන්නේ කෙසේ දැයි බලමු.මුලින්ම සදහන් කරන්නට යෙදුන මහා සමිමත රජුන් පහලවු කාලයට පෙරාතුව මෙන් මිනිසුන් අතර තමා තමාම පාලනය කරගැනිමක් නොමැති බැවින් සියලුම මිනිසුන් එකම ආකාරයට පාලනය කිරීමක් අවශ්‍ය විය. මෙ සදහා රජෙකු පත් කර ගන්නා ලදි. මෙ රජු පත්කර ගනු ලැබුවෙ මහ ජනයා විසිනි. එම රජුට පවරා ඇත්තේ තමාට තමාව පාලනය කර ගැනිමට මිනිසුන් සතු බලයයි. අපි එම බලය පවරනු ලබනුයේ රජු විසින් නිසි පරිදි අප පාලනය කරණු ලැබෙතැයි යන හැගිමෙනි. ඒ අනුව රජු විසින් ගනු ලබන තිරණ අප විසින් ගනු ලබන තිරණ වන බව මෙහිදි ප්‍රකාශ වෙ.

මෙ ක්‍රමය මැත පුරාණයේ ක්‍රියාත්මක වුයේ රෝමයේය. ඔවුන් විසින් එක් ස්ථානයකට රැස්වි සියලුම තිරණ නිති සමිපාදනය සියල්ලෙන්ගේම වැඩි ඡන්දයෙන් සමිමත කර ගන්නා ලදි. මෙ සදහා පුවුලෙන් සහභාගි වුයේ පේටර් ෆැමියාටය. එම පවුල නියෝජනය කලේ ඔහුය. පුවුලේම මතය ඔහුගෙන් නියෝජනය වන්නේ යැයි මෙහිදී සැලකිණ. මෙය මුලික ප්‍රජාතන්ත්‍රවාදයයි.

වර්ථමානයේ මැතිවරණයක් පවත්වා අපි මහජන නියෝජිතයන් පත්කර ගනිමු ඔවුන් විසින් පාර්ලිමේන්තුවෙදි නීති සමිපාදනය කරනු ලබයි. ඔවුන්ට නිති සමිපාදනය කිරිමට බලය දුන්නෝ අපි වෙමු. ඒ නිසා ඒ නිති අප සෑදුවා හා සමාණය. එම නිසා අපි විසින් සාදන ලද නීතින්ට අපි ගරැ කල යුත්තො වෙමු.

නිති සාදන්නෝ මිනිසුන්ය. නමුත් නීති සැදු පසු නීතියට මිනිසුන්ගෙන් මිදුනු වෙනමම පැවැත්මක් ඇත. එයට සියල්ලොම යටත්විය යුතුය. එය නිර්මානය කල පාර්ලිමෙන්තු මන්ත්‍රිවරැන්ද එයට යටත්විය යුතුය. මෙ අනුව අපි නිතියට යටත්විය යුත්තේ ඇයිද යන්න පැහැදිලි වනු ඇත.

නීතියක් සන්ස්කෘතියත් අන්තර් සමිබන්ධිතය. එකකින් හෝ මිදුන කල අනිකට ස්ථිර පැවැත්මක් නැත. නිතිය සන්ස්කෘතිය බවට පත්වීමට හෝ සන්ස්කෘතිය නීතිය බවය පත්වීමට හැක. නිතිය හා සන්ස්කෘතිය යන දෙකින්ම අපේක්ෂා කරනුයේ සමාජයේ යහ පැවැත්මයි. ඒ නිසා අපි නීතියට යටත් විය යුතුය. එය ලිපියේ සාරංශයයි.

ඉතා පුලුල් මෙන්ම විස්තෘත මාර්තෘකාවක් වුවද, සරලව අවශ්‍ය පමණට මෙහි දක්වා ඇත. මෙම ලිපිපෙළ් පළමු වැන්න මෙයි. ඊලග ලිපියෙන් ශ්‍රි ලංකාවෙ නිති මොනවාද යන්න හා එහි විකාශයත් සලකා බලමු.

(උපුගැනිම සපුරා තහනමිය)
නීතිඥ තනූජ කේ. ජයසුන්දර

1 අදහස්:

Ruwan Sampath Wickramathilaka said...

ඔබ විසින් මෙහි සදහන් කරන ලද කරුනු ඉයතා අගනේය.....
දිගින් දිගටම මෙවැනි දැ ලිවීමට ඔබට ශක්තිය දයිර්ය ලැබේව............ !
ඔබට ජයෙන් ජය........................!

Post a Comment