නිතිඥ වරමි ලබා ගත හැකි එක් ආකාරයක් පසුගිය ලිපියේ දී දක්වන ලදි. මෙම ලිපියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනුයේ තවත් එබදුම ආයතනයක් පිළිබදවය.

එය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ නීති අධ්‍යන අංශය මගින් පවත්වනු ලබන නීති වෙදි උපාධි පාඨමාලාවයි ශ්‍රී ලංකා නීතිවිද්‍යාලයේ මෙන් නොව මෙයට වයස් භේධයකින් තොරව ඔනෑම අයෙකුට අයදුමිපත් ඉදිරිපත් කිරීමෙ හැකියාව ඇත. දැනට වසර කිහිපයකට මත්තෙන් ශ්‍රි ලංකා නිති විද්‍යාලයටද වයස් භේදයකින් තොරව අයදුමිපත් ඉදිරිපත්කිරීමෙ

හැකියාව තිබුණද දැන් එම අවස්ථාව නැත.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මගින් ලබා දෙනුයේ වෘත්තිමය සුදුසුකම වන Attorney-at-Law යන්න පමණක් බැවින් නීති විද්‍යාල අධ්‍යාපනය ලැබීම මගින් එහි සිසුන්ට උපාධියක් හිමි වන්නේ නැත. එනමි ඔවුන්ට LLB උපාධියක් නීති විද්‍යාලය මගින් ලබාගත නොහැක. නමුත් සාර්ථක ලෙස නීති විද්‍යාලයෙන් පිටව නීතිඥයන් වශයෙන් දිවුරැමි දෙනු ලබන නිතිඥයන්ට විවෘත විශ්වවිද්‍යාලයේ නිතිවෙදී පාඨමාලාවෙ 04 වන මටිටමට එකවර ලියාපදිංචි වීමෙ හැකියාව ඇත. එසේ LLB උපාදියක් ලබා ගැනීම හෝ නොගැනීම ඒ ඒ පුදුගලයානු බද්ධ කරැණකි. ලබා නොගත්තාය කියා කිසිදු හානියක් නොමැත. නමුත් ලබා ගැණිම අමතර සුදුසුකමක් ලෙස භාවිතා කල හැක. නීති පිඨයෙන් හා විවෘත විශ්වවිද්‍යාලයේ නිතිවෙදී පාඨමාලාව සාර්ථකව නිම කරණ ලද සිසුන්ට LLB උපාධියක් ලැබෙ. එය ලබා දෙනුයේ අන් උපාධි මෙන්ම එම විශ්වවිද්‍යාලය මගිනි. නමුත් ඔවුන්ට නීතිඥයෙකු වශයෙන් උසාවියකට ගොස් නඩු කටයුතු සදහා පෙනීසිටිමට මෙම උපාධිය ප්‍රමාණවත් නොවෙ. එනමි ඔවුන් නීති වෙදින් මිස නීතිඥයන් නොවෙ.

ඒ සදහා ඔවුන් විසින් තවත් වසරක් ගතකොට සමහර විට මෙය වසර දෙකක් විය හැක. නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දි එයින් සමත් විය යුතුමය. ඉන් අනතුරැව මාස 06 ක ආධුනික කාලයට පසු ඔවුන්ට නිතිඥයෙකු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරැමි දිය හැක.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ නීති අධ්‍යන අංශය මගින් පවත්වනු ලබන නීති වෙදි උපාධි පාඨමාලාව මෙ සදහා නිකුත් කරණු ලබන අත්පොතේ පළමු වන පිටුවෙ සාමාණ්‍ය තොරතුරැ යටතේ මෙ කරැණු දක්වා ඇත.

“විවෘත විශ්වවිද්‍යාලය විශේෂයෙන් පිහිටුවන ලද්දාවූ ද, ශාස්ත්‍රීය වශයෙන් ස්වයං පාලන වුද, ශ්‍රී ලංකාවෙ ජාතික විශ්වවිද්‍යාලයකි.එය සැලසුමි කොට ඇත්තේ වයස අවුරැදු 18 ට සහ ඊට වැඩි පුද්ගලයන්ට ප්‍රධාන වශයෙන් තමන්ට ඉඩපාඩු ඇති කාල වෙිලාවට ස්වකීය නිවෙස් වල සිටිය දීම ප්‍රථම උපාධියක් හෝ පස්චාත් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හෝ සහතිකපත්‍රයක් හො වෙනත් කිසියමි ප්‍රධාණයක් හෝ ලබාගත හැකි පාඨමාලාවක් හැදෑරිමට හැකිවනු පිණිසයි.

විවෘත විශ්වවිද්‍යාලය ස්වකීය පාඨමාලා සකස්කොට එනමින් වූ උපාධි ඩිප්ලොමා හා සහතික පත්‍ර පාඨමාලා ඉදිරිපත් කරයි. පුර්ණකාලින කාර්්‍ය මණ්ඩලයක්ද මධ්‍යම මණ්ඩපයක්ද එය සතුව ඇත. ස්වකීයම වූ පාලක සභාවක්ද එය සතුව ඇති අතර එය විශ්වවිද්‍යාලයේ විධායක සහ ශාස්ත්‍රීය මෙන්ම පාලක අධිකාරියද වෙ. 1978 අංක.16 දරණ විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවන ලද විවෘත විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවෙ වෙනත් විශ්වවිද්‍යාලයකට හිමි නෛතික හා ශාස්ත්‍රීය තත්වයම දරයි.”

මෙ ඉදිරිපත් කලේ විවෘත විශ්ව විද්‍යාල යනු කවරක්ද යන්න වෙ. නීතිවෙදි උපාධි පාඨමාලාව දැනට පවත්වනු ලබන්නේ කොළඹ, මහණුවර, මාතර, යාපනය යන මධ්‍යස්ථාන වලදී පමණි.

ඇතුලත්වීමෙ සුදුසුකමි.


  • විවෘත විශ්වවිද්‍යාලයේ පදනමි පාඨමාලාවෙ 1, 2 සාර්ථක ලෙස සමිපුර්‍රණ කර තිබීම හෝ


  • අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශයන් 04 ක් සමත්ව තිබීම.*පැරණි නිර්දේශයේ විශයන් 03ක් හෝ එක් වතාවක සමත්ව තිබීම ප්‍රමාණවත්
    හෝ


  • අලුත් නිර්දේශයේ විශයන් 03 ක් එක වරකදීම සමත්ව තිබීම
    හෝ


  • සනාථන සභාව විසින් පිළිගන්නා සමාණ හෝ ඊට ඉහල සුදුසු කමක් ලබා තිබීම. *මෙ සදහා සුදුසුකමි ලැයිස්තුවක් ප්‍රාදේශිය මධ්‍යස්ථාන වලින් ලබාගත හැක.

මෙ සදහා අයදුමිපත් ඉදිරිපත් කරණු ලබන සියලු දේනාටම සාමාණ්‍ය දැනීම සිංහල ආදිය සමිබන්ධ අභියෝගතා පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවෙ. උසස්පෙළ ප්‍රතිඵල අපේක්ෂකයන්ට අයදුමිපත් ඉදිරිපත් කල නොහැක එනමි Pending results මත අයදුමි කල නොහැක.

මාධ්‍යය

විවෘත විශ්වවිද්‍යාලයේ තිරණය මත භාෂා 03 න්ම හෝ සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් පමණක් ශිෂ්‍ය සංඛ්‍යාව හා දේශකයන් බදවාගැනිමෙ හැකියාව මත පාඨමාලාව පවත්වනු ලබයි. පිළිතුරැ සැපයිම මාධ්‍ය 03 න්ම කල හැකි අතර 05 හා 06 මටිටමි වල පොත් පමණක් ඉංග්‍රිසි මාධ්‍යයෙන් සපයනු ලබයි.

පිරිවැය 2010-2011 අධ්‍යන වර්ෂ සදහා වු තොරතුරැ පොතෙන් Prospecter ලත් තොරතුරැ මත


  • ලියාපදිංචි ගාස්තුව -රැ 225


  • ඉගැන්විමෙ ගාස්තු එක් සමිමානයක් සදහා-රැ 9,240


  • මටිටමි 03,04,05,06 වශයෙන් 04 කි. එක් මටිටමක් නිමකිරීමට ගතවන කාලය වසරකි


  • මටිටමක් සදහා සමිමාන-04 කි


  • එබැවින් වසරක් සදහා ඉගැන්විමෙ ගාස්තු සදහා පමණක් පිරිවැය රැපියල්. 37680 කි.


  • වසර 04 සදහා පිරිවැය.රැපියල් 150,720 කි

වාසිදායක තත්වයන් හා අවාසි දායක තත්වයන්.නීති විද්‍යාලයට සාපේක්ෂව

ගතවන කාලය අධිකය. දැරියයුතු පිරිවැය අධිකය. මෙවා අවාසිදායක තත්වයන්ය වාසි දායක තත්වයන් LLB උපාධියක් ලබාගත හැකි වීම.

ඉදිරි දිනයක තවත් ආයතනයක් පිළිබදව තොරතුරැ ගෙනඑනතුරැ.