කසාදයක් කියන දේ මහා පුදුමාකාර දෙයක්. ඒ වගේම කථා කරන්න ආස හිතෙන වැදගත් වගේම කොචිචර කථා කරත් ඉවරයක් නැති මාතෘකාවක් කිවිවොත් හරි. මෙ ලිපි කිහිපයෙන් කරැණු ඉදිරිපත් කරණ්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වැදගත් මාතෘකාව ගැනයි. කසාදෙටත් වඩා වැදගත්ම වගේම ආස හිතෙන කොටස තියෙන්නේ දික්කසාදේ වුනත් මුලින්ම කසාදෙ ගැන කථා නොකර දික්කසාදයක් ගැන කථා කරන්න බෑ නේ. එහෙම වුනොත් අර කියමනක් තියෙන්නේ බදින්න කලින් ඩිවොස් වෙලා කියල. එහෙම වෙන නිසා මුලින්ම කසාදය ගැන කථා කරන එක වැදගත් කියලයි මම හිතන්නේ.
මිනිස්සු කසාද බදින්නේ ඇයි?
මෙ ප්‍රශ්නෙට උත්තරයක් තමන්ගේම හිතෙන් අහල බැලුවොත් විවිධාකාර අදහස් ගණනාවක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුන අදහස් ගණනාවක් අපිට ලැබෙයි.මෙ උත්තර අතර කසාද බදින්නේ ජිවිතකාලෙ තනියම ඉන්න බැරි නිසා, ආදරේට, ශාරිරික ඒ කියන්නේ කාමුක අවශ්‍යතාවයන් සපුරගන්න, දරැවො හදන්න, තවත් සමහරෙක් මෙ උත්තර වලට වඩා වෙනස් උත්තරත් දෙයි දේපළ ලබාගන්න, වැඩ පල පහසුවෙන් කරගන්න. ඔය වගේ උත්තර කොහොම උනත් මෙ හැම උත්තරයක්ම පුද්ගලානු බද්ධ උත්තර වුනත් මෙ හැම උත්තරයක්ම හරි. මොකද කසාදෙ කියන දේ ඇතුලේ මෙ හැම දෙයක්ම තියෙන නිසා.
මිනිස්සු කසාද බදින්නේ ඇයි?
මෙ ප්‍රශ්නෙට උත්තරයක් තමන්ගේම හිතෙන් අහල බැලුවොත් විවිධාකාර අදහස් ගණනාවක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුන අදහස් ගණනාවක් අපිට ලැබෙයි.මෙ උත්තර අතර කසාද බදින්නේ ජිවිතකාලෙ තනියම ඉන්න බැරි නිසා, ආදරේට, ශාරිරික ඒ කියන්නේ කාමුක අවශ්‍යතාවයන් සපුරගන්න, දරැවො හදන්න, තවත් සමහරෙක් මෙ උත්තර වලට වඩා වෙනස් උත්තරත් දෙයි දේපළ ලබාගන්න, වැඩ පල පහසුවෙන් කරගන්න. ඔය වගේ උත්තර කොහොම උනත් මෙ හැම උත්තරයක්ම පුද්ගලානු බද්ධ උත්තර වුනත් මෙ හැම උත්තරයක්ම හරි. මොකද කසාදෙ කියන දේ ඇතුලේ මෙ හැම දෙයක්ම තියෙන නිසා.
කසාදේ කියන්නෙත් ගිවිසුමක් ලංකාවෙ ගිවිසුමි නීතියේ වැඩි කොටසක් පාලනය වෙන්නේ ඉංග්‍රිසි නිති මුලධර්ම වලින් කසාදෙ කියන මෙ හිවිසුමත් ඉංග්‍රිසි නිති මුලධර්ම වලින් සමිභවය ලබල 1907 අංක.19 දරණ සාමාණ්‍ය විවාහ ආඥාපනතින් සංගෘහිත කරල තියෙනවා. ඒ නිසා අපි සාමාණ්‍ය විදියට රෙජිස්ටාර්ගේ පොතේ අත්සන් කරල කසාද බදිනකොට අදාල වෙන්නේ මෙ පනතේ සදහන් නිතිය. ඒ කියන්නේ මෙ පනතේ තියෙන විදියට කවුරැ හරි කසාද බදින්නේ නැත්නමි ඒ කසාදේ නීතිය ඉදිරියේ වලංගු කසාදයක් වෙන්නේ නෑ.
කසාදයක් බදින්න මොනවගේ දේවල්ද අවශ්‍ය කියල මුලින්ම බලමු.මම කියන්නේ වෙඩින් එකට ඔන දේවල් නෙමෙයි. කසාදයක් නීත්‍යානුකුල එකක් වෙන්න ඔන කරන අවශ්‍යතාවයන් ගැනයි.
මෙ පිළිබදව ප්‍රථිපාදන දක්වලා තිවයන්නේ සාමාණ්‍ය විවාහ ආඥා පනතේ 23 සිට 27 දක්වා වෙන වගන්ති වලයි.
මෙ ගැන වැඩියේ ගැඹුරට නොයා තේරෙන විදියට සරලව සලකා බලමු.
23(1) පාර්ශවයන් දෙකම ලංකාවෙ පදිංචි නමි හා එකම ප්‍රදේශයේ පදිංචි නමි කසාද බදින දෙන්නා ගෙන් එක් පාර්ශවයක් තමන් පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේ විවාහ රෙජිස්ටාර්වරයාට දවස් 10 කට කලින් තමන් මෙ පුද්ගලයාව කසාද බදින්න යනවා කියල දැනිවිමි දෙන්න ඔන.
23(2) කලාප දෙකක දෙදෙනා පදිංචි නමි කලාප දෙකේ රෙජිස්ටාර් වරැ දෙදෙනා වෙත දෙදෙනා වෙන වෙනම දැනිවිමි දිය යුතුයි.අවම වශයෙන් දින 10 ක් ඒ කලාපය තුල පදිංචිව සිටිය යුතුයි.
23(3) එක් පාර්ශවයක් අවම වශයෙන් දින 10ක් ලංකාවෙ පදිංචිවෙලා නැත්තමි ලංකාවෙ ඉන්න පාර්ශවයේ කලාපයේ රෙජිස්ටාර්වරයාට ඔහු දැනුමිදිය යුතුයි.
23(4) පාර්ශවයන් දෙකම ලංකාවෙ නැත්නමි අවම වශයෙව් දවස් 4 ක් පදිංචි වෙලා හිටපු ප්‍රදේශයේ රෙජිස්වාර්වරයාට දැනුමි දිය යුතුයි.
මෙක මෙ පැටලිලි සහගතයි වගේ පෙනුනට බොහොම පොඩි දෙයක් කියන්නේ. මෙ කියන්නේ කසාද බදිනන් යනකොට ඒ ගැන මුලින්ම රෙජිස්ටාර්ට දැනුමිදුන්නට පස්සේ දෙන්නා හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි (අනිත් කෙනා රට ඉන්නකොට )අවම වශයෙන් දවස් 10 ක් වත් ඒ කසාද බදින ප්‍රදේශයේ පදංචිවෙලා ඉන්න ඔන කියන එකයි.
24 වගන්තියේ දැක්වෙන්නේ ඔය කසාද බදින්නයි යන්නේ නියල කියන දැන්විමෙ ආකෘතිය කොහොම එකක්ද කියන එකයි.
ඒ අකෘතියේ
24(1) පාර්ශවකරැවන්ගේ නමි, ජාතිය වයස, රැකියාව, කලින් විවාහකද යන වග, පියාගේ තතිවය පිළිඹදව කරැණුත් ඇතුලත් වෙලා තියෙනවා
24(2) මිට අමතරව විවාහයට ඇතුලත් වෙන්න දෙන්නම කැමතියි කියල ලිඛිතව ප්‍රකාශනයක් දෙන්න ඔන.
24(3) මෙ දැන්විම භාරදෙන කෙනා මෙ විවාහයට කිසිම නිත්‍යානුකුල භාධාවක් නෑ නියල ප්‍රකාශයක් කරන්න ඔන.
නිත්‍යනුකුල භාදා කියන්නේ,
01) විවාහ වෙන වයසට පත්වෙලා නොතිබීම (15වගන්තිය) ඒ කියන්නේ දෙන්නගේම වයස අවුරැදු 18 ට වැඩි වෙන්න ඔන. නැත්තමි කසාද බදින්න බැ කියන එකයි.
02) තහනමි ඥාති සමිබන්ධතා (16වගන්තිය). මෙහෙම ඒව තියෙනකොට කසාද බදින්න තහනමි ඒ කියන්නේ
*දෙමාපියන්ට දරැවන්ව
*සහෝදර සහෝදරියන්ට සහෝදර සහෝදරියන්ව මෙකට එකම අමිම තාත්තගේ දරැවො වගේම අමිමා හරි තාත්තා හරි වෙනස් වුනාට සහෝදරයෝ වෙන අයත් අයිතියි. (පුර්ණ හෝ අර්ධ වශයෙන් සහෝදරත්වය ඇති විට)
*සහෝදරයන්ගේ හෝ සහෝදරියන්ගේ දරැවන්ව මෙ ගැන දිර්ඝ විස්තරයක් 16 වගන්තියේ සදහන්
ඇවැස්ස නෑ නා මස්සිනා විවාහ තහනමිද?
උත්තරය ඉහත වර්ගිකරණයට එනමි 16 වගන්තියේ ප්‍රථිපාදන වලට අයත් නොවන නිසා තහනමි නෑ කියන එකයි. නමුත් තැලසිමියාව වැනි ජානමය රෝග වැලදිමට එම විවාහ වලින් උපන් දරැවන්ට ඉඩ කඩ ඇති නිසා එබදු විවාහ වලින් වැලකි සිටිය යුතුය.
දැන් ආයෙමත් 24 වගන්තියට
24(4) මෙ විදියට දෙන දැනිවිම බලයලත් නිලධාරියෙකු හා එකවර පෙනිසිටින සාක්ෂිකාරයන් දෙනේනෙක් විසින් සහතික කරන්න ඔන.
25 හා 26 වගන්තිවල කියන්නේ මෙ විදියට සහතික කරපු දැන්විම විවාහ දැන්විමි පොතේ අවම වශයෙන් දවස් 12 ක් ප්‍රදර්ශනය කරන්න ඔන.ඔක තමයි නමි ප්‍රසිද්ධ කරනවා කියල කියන්නේ. (නිවැරදි අර්ථය) මෙහෙම ප්‍රදර්ශනය කරන්නේ විවාහයට මොන විදියක හරි විරෝධතාවයක් කවුරැ හරි ඉිදිරිපත් කරනවාද කියල බලන්නයි. මෙ දවස් 12 ට පස්සේ අදාල පාර්ශවයන් දෙකට විවාහ වෙන්න බලපත්‍රයක් නිකුත් කරනවා. මාස 03 ක් යනකන් මෙ බලපත්‍රය දැන්විම පොතේ පලකරල නමි ප්‍රසිද්ධ කලාට පස්සේ ලබාගන්න බැරි වුනොත් ආයෙමත් මුල ඉදල දැනුමි දිම කරන්න වෙනවා.
මෙ විදියට බලපත්‍රය නිකුත් කරන්නේ පනතේ 27 වගන්තියේ සදහන් විදියටයිග ඔය බලපත්‍රය ගත්තට පස්සේ පල්ලියකදී හරි විවාහ රෙජිස්ටාර්වරයා ඉදිරියේ හරි ඒ පුද්ගලයන්ට විවාහ වෙන්න පුලුවන්.
මෙ විදියට බලනකොට විවාහ වෙනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. දැන් ප්‍රශ්න කිහිපයක්ම ඇති වෙනවා.
එතකොට ඔය කෙල්ලො කොල්ලෝ පැනල ගිහිල්ල දවසින් දෙකින් කසාද බදින්නේ කොහොමද?
ඒකට උත්තරේ තමයි. ඔය විදියට පනතේ සදහන් ප්‍රතිපාදන අනුගමනය කරල ලබාගන්න බලපත්‍රයකින් කසාදයක් කරන්න කිසිදු වියදමක් දරන්න වෙන්නේ නැ. ඒ කියන්නේ ඔය බලපත්‍රය නික්‍රත්කරන්නේ නොමිලේ. තව විදයක් තියෙනවා ඒ තමයි. විශේෂ බලපත්‍රයක් මගින් විවාහ විම. ඒකට රජයට යමි මුද්දර ගාස්තුවක් ගෙවන්න වෙනවා ඒ කියන්නේ යමි බදු මුදලක්. ඒක ගෙවිවහම මෙ ප්‍රතිපාදන අනුගමනය කර කර කල්ගත කරන්න ඔන නෑ. කසාද බිදින්න කියල දෙන්නා විවාහ රෙජිස්ටාර් වෙත ගියාම රෙජ්ස්ටාර්වරයා ඔබෙන් අනිවාර්යෙන්ම මෙ දෙවිදියෙන් මොන විදියටද බදින්න ඔන කියල අහල ඊට අදාල උපදෙස් දෙයි. ඒක නිසා කසාද බදින එක ඒතරමි අමාරැ දෙයක් නෙමෙයි. හැබැයි සාක්ෂිකාරයෝ දෙන්නෙක් නමි අනිවාර්යෙන්ම ඔන ඒයාලටත් වයස අවුරැදු 18 ට වැඩි වෙන්න ඔන.
විවාහ වුනත් ඒ විවහය කිසිම බලයක් නැති විවාහයක් වෙන වෙලාවල් තියෙනවාද?
ඔවි එහෙම අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ ගැන දක්වල තියෙන්නේ පනතේ 46 වගන්තියේ
බොරැ නමි පාවිචිචි කරල විවාහ විම/විශේෂ හරි සාමාන්‍ය පටිපාඨික බලපත්‍රයක් නැතිව විවාහ විම/විවාහ වයසට පත්වෙලා නැත්නමි/තහනමි ඥාති සමිබන්ධතා තියේ නමි මෙ ඒ ඒ අවස්ථානුරැපිව ඔවුන් අතර විවාහයක් සිදුවි නොමැති බව හෝ එම විවාහය බලරහිත බවට පත්විමට හෝ පත්කරගැනිමට හැක. මෙවා කරගත යුත්තේ දිසා අධිකරණයේ විවාහ ශුණ්‍යතා නඩුවක් පවරාගැනිම මගිනි. ඒ ගැන දික්කසාදෙදි කථා කරමු.
කසාද බදින්න දෙමාපියන්ගේ කැමැත්ත ඔනද?
වයස අවුරැදු 18 ට වැඩි ඔනෑම අයෙකුට දෙමාපිය කැමැත්තකින් තොරව විවාහ දිවියට එලබිය හැක. මුල්කාලිනව වයස අවුරැදු 21ට අඩුනමි දෙමාපිය කැමැත්ත අවශ්‍ය වුවත් දැන් එම තත්වය වෙනස් වි ඇත.
ඊලග දවසේ වැරදි විදියට විවාහයක් කලොත් අත්වෙන ඉරණම ගැන සලකා බලමු:D
නීතිඥ තනුජ කේ.ජයසුන්දර
(උපුටාගැණිම තහනමි)
6 අදහස්:
නීතිඥතුමා දික්කසාද වීම හැනත් දැම්මොත් හොදයි ඒ ගැනත් ලියන්න.මෙලෙස දැනුවත් කරන එක සැහෙන්න වැදගත්.බොහොම ස්තුතියි.
දික්කසාදෙට සැහෙන ඉල්ලුමක් තියෙනවා කියල දක්කවා.
ඒ ගැන ලියන්නමි. ප්‍රතිචාරයට ස්තුතියි.
විවාහ වීමේ වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමක් මෑතකදී වුනෙ නැද්ද? ඒ ගැන යමක් පත්තර වල පලවුනා වගේ මතකයි.
ලිංගිකව එක්වීමට නීත්‍යානුකූල වයස අවුරුදු 16 සහ විවාහවීමේ වයස 18 වීම නිසා ඇතිවියහැකි සංකීර්ණතා මැඩලීම එහි අරමුණ බවයි සඳහන් වුනේ. (නීතිය සම්මත කරගත්තාද යන්න හරියටම දන්නේ නෑ.)
අවුරැදු 16 ට අඩු තැනැත්තියක් හා ලිංගික සංසර්ගයේ යෙදිම වි්‍යවස්ථාපිත ස්ත්‍රි චුෂණය නමින් හදුන්වන වරදක්. එබදු තැනැත්තියක් හා ලිංගික සංසර්ගයේ යෙදිම මත කෙලින්ම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාග කිරිමකින් තොරව මහාධිකරණයෙන්ම නඩු විභාග කරනු ලබයි. තාමත් විවාහ විමෙ වයස අවුරැදු 18 ම වන අතර එය සංහෝධනය වී නැත. ළමයා හා නිතිය යුනුවෙන් සදහන් ලිපි පෙලේ යමිතාක් දුරට ලිංගික ක්‍රියා සදහා වයස දක්වලා තියෙනවා. එව හැරැනාම තවත් වැරදි තියෙනවා.
මෙ ගැන සමිපුර්ණ විස්තරයක් ඊලග ලිපියෙන් දක්වන්නමි
ස්තුතියි
එතකොට පැනලා ගිහින් ඔනි දිහාවක රෙජිස්ටාර් කෙනෙක් ලවා ගාස්තු ගෙවා බදින්න පුලුවන්ද? ඒ ගැන කියන්නකෝ... (විස්තර /ගාස්තු )
Strange "water hack" burns 2 lbs overnight
At least 160k men and women are hacking their diet with a simple and secret "liquids hack" to drop 2 lbs each and every night in their sleep.
It is effective and works on everybody.
This is how to do it yourself:
1) Hold a clear glass and fill it with water half the way
2) And then use this weight losing hack
and you'll become 2 lbs lighter when you wake up!
Post a Comment