Have an account?

Wednesday, May 05, 2010

කසාදෙද? දික්කසාදෙද? (02 කොටස)

පහුගිය ලිපියෙන් අපි කථා කලේ කසාදයක් කරගන්නේ කොහොමද කියන එකයි. අද මෙ ලිපියෙන් කියන්න යන්නේ කසාදයක් කරගන්නකොට අවධානය යොමු කරන්න ඔන තවත් වැදගත් කරැණු කිහිපයක් ගැණයි. ඒ සමිබන්ධ තොරතුරැ ප්‍රශ්ණ උත්තර ආකාරයෙන් ඉදිරිපත් කල විට තේරැමි ගැණිමට පහසු වනවාක් මෙන්ම මට ලිවිමටද පහසු වන බැවින් ඒ ආකාරයන් ඉදිරිපත් කිරිමට තිරණය කලෙමි.

කලින් ලිපියේ සදහන් කලා කසාද බදින්න තියෙන භාධා සමහරක් ගැන. මොනම හරි හේතුවක් මත කෙනෙක් අනිත් කෙනාට අකමැත්තෙන් කසාද බැන්දොත් ඒ කසාදය දික්කසාද කර ගන්න පුලුවන්ද?
ලංකාවෙ දික්කසාද විම සදහා හේතු ඇත්තේ 03 ක් පමණි  එනම් ද්වෙශ සහගත ලෙස අතහැර යෑම/ අනාචාරය හා ලිංගික බෙලහිනතාවය යන කරැණු පමණි. මෙ පිලිබදව දික්කසාදය ගැන සාකචිචා කිරිමෙදි සලකා බලමු. බිතාන්‍ය වැනි රටවල පවුල් ජිවිතය කඩාකප්පල් විම යන කරැණ මත දික්කසාද විමට හැකියාව තිබුනද ලංකාව තුල දික්කසාදයක් ලබා ගත හැකි වන්නේ ඉහත කරැණු 03 න් 1 ක් හෝ වැඩි ගණනක් මත පමණි. සාමාණ්‍ය විවාහ ආඥා පනතේ 46 වන වගන්තියේ දක්වලා තියෙන විදියට
කසාදය ලියාපදිංචි කරණ විට එම පාර්ශව කරැවන්ගේ පදිංචි ස්ථානයන් ව්‍යාජ ඒවා විම මත,
පාර්ශවයන් දෙක ඔවුන්ට අකමැති විම,
විවාහය සිදුකල ස්ථානය හෝ වෙලාව පිලිබද කරැණක් මත පොතේ ලියා අත්සන් කල පසු විවාහයට කිසිදු බලපැමක් එල්ලවෙන්නේ නැ.

ඒ අනුව එම කරැණු මත දික්කසාද නොවිය හැකි අතර. වලංගු විවාහයකට එම කරැණු භාධාවක් වන්නේද නැත.

සමහරැ හොර උප්පැන්න හදල බොරැ වයස පෙන්නල කසාද බදිනවා.තවත් සමහරැ බොරැ නමි වලින් කසාද බදිනවා එතකොට මොකද වෙන්නේ?
ඒ දෙකම වැරදි. යමි වරදක් නිතිය ඉදිරියට ඉදිරිපත් නොවන තුරැ නිතිය නිහඩව සිටියත් යමි දිනයක එම කරැණු අධිකරණයක් ඉදිරියට ඉදිරිපත් වුවහොත්  ඒවා දඩුවමි ලැබිය යුතු වරදවල් බවට පත් වෙනවා. ව්‍යාජ ලියවිලි මගින් විවාහයට පත්වුවහොත් එයට ලංකාවෙ අපරාධ නිතියේ මුලාශ්‍රය වන දණ්ඩ නිති සංග්‍රහයේ 11 වන පරිචිචේදයේ සදහන් පරිදි මහේස්ත්‍රාත් අධිකරණයේ දඩුවමි නියම කරණු ලබනවා. බොරැ නමි වලින් කසාද බැන්දහමත් එහෙමයි. දැන් මෙහෙම කිවිවහම සමහරෙක් කියන්න පුලුවන් අපි කරණ හොර වැඩ කිසි කෙනෙක් දන්නේ නැති නිසා ප්‍රශ්ණයක් නැ කියල. එත් මොනම විදියකින් හරි මෙ සමිබන්ධව තමුන්ගේ තරහකාරයෙක් හරි පොලිසියට පැමිණිල්ලක් කලොත් පොලිසිය එම පුද්ගලයාට විරැද්ධව විමර්ශන අනිවාර්‍යයෙව්ම ආරමිභ කරණවා. එතකොට තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ.

සමලිංගික විවාහ සිදු කරන්න පුලුවන්ද?
ර්‍ශ්‍රී ලංකාව තුල වැරදි වෙන්නේ මොනවාද කියල තියෙන නෛතික ග්‍රන්තය තමයි දණ්ඩ නිති සංග්‍රහය කියන්නේ. සමලිංගික ක්‍රියාවන් ලංකාවෙ නිතිය යටතේ තහනමි. එය දණ්ඩ නිති සංග්‍රහයේ 365 අ වගන්තියේ තැනැත්තන් අතර දැඩි අශිෂ්ඨ ක්‍රියා ලෙස දක්වලා තියෙනවා. ඒ අනුව ශ්‍රි ලංකාවෙ ගැහැණුන් හා ගැහැනුන් ද පිරිමින් හා පිරිමින්ද ලිංගික සේවනයේ යෙදිම දඩුවමි ලැබිය යුතු වරදක් සේ දක්වා තියෙනවා .දඩුවම ලෙස වසර 10 ට නොඅඩු 20 කට නොවැඩි කාලයකට බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද දඩයක්ද නියම කිරිමට ප්‍රථිපාදන ඇත. දෙදෙනෙකු විවාහ විමෙ මුලික පරමාර්ථ අතර ලිංගික සන්තර්පනයද පවතින බැවින් එකම ලිංගයකට අයත් දෙදෙනෙක් අතර විවාහ තහනමි. එසේ විවාහ විය නොහැකි බව Simms V. Simms නඩුවෙදි ද දක්වලා තියෙනවා.

කෙසේ වුවත් වෙනත් රටවල එකම ලිංගයකට අයත් අය අතර විවාහ සිදුවිය හැකි වුවත්. ලංකාවෙ තවමත් ඒ සදහා අවකාශයක් නැත.

විවාහ වෙන්න වයස අවුරැදු 18 වෙන්නම ඔනද?
උත්තරේ නමි ඔවි කියන එක තමයි. හැබැයි තවත් විදියක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති වරයාට යමි තැනැත්තෙක් වයස අවුරැදු 18 ට පෙර ඔනැම වයසකදි එම තැනැත්තා  වයෝ පුර්ණත්වයට පත්ව ඇති බවට විශේෂ බලපත්‍රයක් දෙන්න පුලුවන්. ඒකට කියන්නේ විනියා අයිටාටිස් බලපත්‍රය කියලයි. එහෙම බලපත්‍රයක් තියෙන කෙනෙක්ටත් කලින් කසාද බදින්න පුලුවන්. ලංකාවෙ බොහෝ පනත් මගින් පොදුවෙ පිළිගත් කරැණක් වන්නේ වයස අවුරැදු 18 ට අඩු අයවලුන් ළමයින් කියලයි. සාමාණ්‍ය විවාහ පනතටද 1995 වසරේ ගෙනඑන ලද 18 වන සංෂෝධනයට අනුව විවාහ විමෙ අවම වයස අවුරැදු 18 ක් බව දක්වා ඇත. එය මෙ වන තෙක් වෙනස් වි නැත.

නමුත් වර්ථමානයේ බොහෝ දෙනෙක් මෙ සමිබන්ධව යමි වෙනස්විමක් අවශ්‍ය බව කියා සිටි. මෙයට හේතුව වන්නේ දණ්ඩනිති සංග්‍රහයේ වයස අවුරැදු 16 කට අඩු කාන්තාවක් සමග ලිංගික සංසංර්ගයේ යෙදිම ,කැමැත්ත ඇතිව හෝ නැතිව, ව්‍යවස්ථාපිත ස්ත්‍රි දුෂණය ලෙස දක්වා ඇති නිසයි. නමුත් වයස අවුරැදු 16 ට අඩු බොහෝ පිරිසක් අඹුසැමියන් වශයෙන් ජිවත් වන අවස්ථා සමාජයේ ඇත. මෙ පිළිබදව පොලිසියට පැමිණිල්ලක් ලද සැනින් පොලිසිය කරණුයේ අදාල කාන්තාවන්ගේ පුරැෂයන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඔවුන්ට විරැද්ධව මහාධිකරණයේ නඩු පැවරිමය. මින් සමහරක් අවස්ථානුරැපිව නිතිපති දෙපාර්ථමෙන්තුව මගින් සමථයට පත්කරණ නමුත්. සමහරෙක්ට අත්වන ඉරණම කණගාටුදායකය. එනමි දඩුවම ලෙස දක්වා ඇත්තේ අවුරුදු 10 නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරිමය. මෙම තත්වය මැඩපැවැත්විමට  අවශ්‍ය බැවින් සාමාණ්‍ය විවාහ පනතට ශෂොධනයක් ගෙන ආ යුතු බවට කථිකාවක් පැවතියද, තවම එම තත්වය වෙනස් වි නැත.

ලේඥාතින් අතර කසාද තහනමිද?
ඔවි. මෙ පිලිබදව තොරතුරැ කලින් ලිපියේත් සදහන් එහෙම වි ඇත්නමි අනිවාර්‍යයෙන්ම එය 364(අ) වගන්තිය යටතේ දඩුවමි ලිබිය යුතු වරදක් ඒ සදහා දඩුවම ලෙස වසර 7 ට නොඅඩු 20 කට නොවැඩි කාලයකට බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද දඩයක්ද නියම කිරීමට මෙහි ප්‍රථිපාදන සලසා ඇත.

කලින් කසාදයක් බැදල තියෙනකොට ආයේ කසාදයක් කර ගන්න පුලුවන්ද?
මෙහෙමයි. කලින් කසාද බැදල ස්වාමිපුරැෂයා හරි භාර්‍යාව හරි මිය ගිහිල්ල නමි කිසි ප්‍රශ්ණයක් නැතිව දෙවෙනි කසාදයක් කරගන්න පුලුවන් එතකොට දෙවෙනි කසාදයේ සහතිකයේ තත්වය යටතේ දක්වන්නේ විවාහක කියලයි. වලංගු එක කසාදයක් තියෙන විට. කරන අනිත් සේරම කසාද බලරහිතයි. ඒ කසාද වලින් උපදින ළමයිනුත් අවිවාහජ (අවජාතක) ළමයි කියලයි නිතියෙන් කියන්නේ. එවගේම තවත් දෙයක් තියෙනවා. කසාදයක් තියෙද්දි තවත් කසාදයක් කරල තියෙනකොට ඒක ලංකාවෙ අපරාධ වරදක් (362ආ)මෙකට අවස්ථානු රෑපිව කියන්නේ ද්වි විවාහය හරි බහු විවාහය හරි කියලයි. මෙය සිරගතකිරිමෙන් දඩුවමි ලබාදිය හැකි වරදක්.

මුස්ලිමි වෙලා කසාද වැඩි ගණනක් බදින්න බැරිද?
ලංකාවෙ මුස්ලිමි වරැන් කසාද බදින්නේ ඔවුන්ගේ මුස්ලිමි නිතිය යටතේයි. මෙවාට කියන්නේ විශේෂ නිති කියලයි. මෙ විදියට ලංකාවෙ මුස්ලිමි වරයෙක්ට කසාද 04ක් බදින් පුලුවන්. වෙනත් මුස්ලිමි රටවල මෙ සංඛ්‍යාව 07 ක් විය හැක. මුස්ලිමි නොවන අයෙක් එක් කසාදයක් කරගෙන තිබියදී වෙනත් කසාදයක් කර ගැණිම සදහා මුස්ලිමිවරයෙකු වි වෙනත් කසාදයක් කරගනි නමි ඔහු බහු විවාහයට වරදකරැ වෙ. කසාද නොබදින ලද අයෙක් නමි. ලංකාව තුල ඔනෑම ආගමක් ඇදහිමෙ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපට ලබාදි ඇති බැවින්, මුස්ලිමි වරයෙකු වි කසාද 04 ක් කරගත හැක. :D

ඊලග දවසේ විවාහ පොරොන්දු කඩ කලාම මොකද වෙන්නේ කියල බලමු.

Sunday, May 02, 2010

කසාදෙද? දික්කසාදෙද?

කසාදයක් කියන දේ මහා පුදුමාකාර දෙයක්. ඒ වගේම කථා කරන්න ආස හිතෙන වැදගත් වගේම කොචිචර කථා කරත් ඉවරයක් නැති මාතෘකාවක් කිවිවොත් හරි. මෙ ලිපි කිහිපයෙන් කරැණු ඉදිරිපත් කරණ්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වැදගත් මාතෘකාව ගැනයි. කසාදෙටත් වඩා වැදගත්ම වගේම ආස හිතෙන කොටස තියෙන්නේ දික්කසාදේ වුනත් මුලින්ම කසාදෙ ගැන කථා නොකර දික්කසාදයක් ගැන කථා කරන්න බෑ නේ. එහෙම වුනොත් අර කියමනක් තියෙන්නේ බදින්න කලින් ඩිවොස් වෙලා කියල. එහෙම වෙන නිසා මුලින්ම කසාදය ගැන කථා කරන එක වැදගත් කියලයි මම හිතන්නේ.

මිනිස්සු කසාද බදින්නේ ඇයි?

මෙ ප්‍රශ්නෙට උත්තරයක් තමන්ගේම හිතෙන් අහල බැලුවොත් විවිධාකාර අදහස් ගණනාවක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුන අදහස් ගණනාවක් අපිට ලැබෙයි.මෙ උත්තර අතර කසාද බදින්නේ ජිවිතකාලෙ තනියම ඉන්න බැරි නිසා, ආදරේට, ශාරිරික ඒ කියන්නේ කාමුක අවශ්‍යතාවයන් සපුරගන්න, දරැවො හදන්න, ‍තවත් සමහරෙක් මෙ උත්තර වලට වඩා වෙනස් උත්තරත් දෙයි දේපළ ලබාගන්න, වැඩ පල පහසුවෙන් කරගන්න. ඔය වගේ උත්තර කොහොම උනත් මෙ හැම උත්තරයක්ම පුද්ගලානු බද්ධ උත්තර වුනත් මෙ හැම උත්තරයක්ම හරි. මොකද කසාදෙ කියන දේ ඇතුලේ මෙ හැම දෙයක්ම තියෙන නිසා.

Sunday, April 25, 2010

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද? මෙන්න එහෙනමි ඒකට මාර්ගය. 03 කොටස.

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද? 03 කොටස.


පසුගිය ලිපි දෙකෙන් ඔබට ශ්‍රී ලංකා නීති විද්‍යාලයත්, විවෘත විශ්වවිද්‍යාලයත් පිළිබද තොරතුරැ ඉදිරිපත් කලෙමු. අද තොරතුරැ ඉදිරිපත් කරණුයේ තවත් එබදුම ආයතනයක් පිළිබදවය. එය කොළඹ Royal Institute

මගින් පවත්වාගෙන යනු ලබන London LLB උපාධි පාඨමාලාවයි.

London LLB (Legum Baccalaureus (Latin: Bachelor of Law) උපාධිය මෙහි දී පිරිනමනු ලබන්නේ Royal Institute ආයතනය මගින් නොව ලන්ඩන් විශ්ව විද්‍යාලය මගිනි *University of London. Royal Institute ආයතනය මගින් ශ්‍රීලංකාවෙ සිටම ඔබට ලන්ඩන් LLB උපාධිය ලබා ගැනීමට අවස්ථාව උදා කරදෙයි. එලෙසම ‍මම ආයතනය ඒම උපාධිය සදහා වන අධ්‍යාපන පීඨය වශයෙන් ක්‍රියා කරමින් එම උපාදිය සදහා අවශ්‍ය දැනුම ලබා දෙයි.

මෙහිදී එම ආයතනය හරහා ම අධ්‍යාපනය ලබා උපාධියට පෙනී සිටීමට හෝ සෘජු ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලයට මුදල් ගෙවා විභාගයන්ට පෙනී සිටිමට හැකියාවක් ඇත. විභාග පවත්වනු ලබන්නේ බ්‍රිතාන්‍ය කවුන්සිලය *British Council

Friday, April 23, 2010

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද? මෙන්න එහෙනමි ඒකට මර්ගය. 02 කොටස.

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද?
02 කොටස.

නිතිඥ වරමි ලබා ගත හැකි එක් ආකාරයක් පසුගිය ලිපියේ දී දක්වන ලදි. මෙම ලිපියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනුයේ තවත් එබදුම ආයතනයක් පිළිබදවය.

එය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ නීති අධ්‍යන අංශය මගින් පවත්වනු ලබන නීති වෙදි උපාධි පාඨමාලාවයි ශ්‍රී ලංකා නීතිවිද්‍යාලයේ මෙන් නොව මෙයට වයස් භේධයකින් තොරව ඔනෑම අයෙකුට අයදුමිපත් ඉදිරිපත් කිරීමෙ හැකියාව ඇත. දැනට වසර කිහිපයකට මත්තෙන් ශ්‍රි ලංකා නිති විද්‍යාලයටද වයස් භේදයකින් තොරව අයදුමිපත් ඉදිරිපත්කිරීමෙ

හැකියාව තිබුණද දැන් එම අවස්ථාව නැත.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මගින් ලබා දෙනුයේ වෘත්තිමය සුදුසුකම වන Attorney-at-Law යන්න පමණක් බැවින් නීති විද්‍යාල අධ්‍යාපනය ලැබීම මගින් එහි සිසුන්ට උපාධියක් හිමි වන්නේ නැත. එනමි ඔවුන්ට LLB උපාධියක් නීති විද්‍යාලය මගින් ලබාගත නොහැක. නමුත් සාර්ථක ලෙස නීති විද්‍යාලයෙන් පිටව නීතිඥයන් වශයෙන් දිවුරැමි දෙනු ලබන නිතිඥයන්ට විවෘත විශ්වවිද්‍යාලයේ නිතිවෙදී පාඨමාලාවෙ 04 වන මටිටමට එකවර ලියාපදිංචි වීමෙ හැකියාව ඇත. එසේ LLB උපාදියක් ලබා ගැනීම හෝ නොගැනීම ඒ ඒ පුදුගලයානු බද්ධ කරැණකි. ලබා නොගත්තාය කියා කිසිදු හානියක් නොමැත. නමුත් ලබා ගැණිම අමතර සුදුසුකමක් ලෙස භාවිතා කල හැක. නීති පිඨයෙන් හා විවෘත විශ්වවිද්‍යාලයේ නිතිවෙදී පාඨමාලාව සාර්ථකව නිම කරණ ලද සිසුන්ට LLB උපාධියක් ලැබෙ.

Thursday, April 22, 2010

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද? මෙන්න එහෙනමි ඒකට මාර්ගය.

පොඩි කාලේ ඔබටත් මටත් විවිධාකාර සිහින තිබෙන්නට ඇති. අමිමෙ මම ලොකු වුනාම දොස්තර කෙනෙක් වෙන්වා. මම ගුරැවරයෙක් වෙනවා. මම ලොයර් කෙනෙක් වෙනවා යැයි අප මෙන්ම වර්ථමාන‍යේ කුඩාදරැවන්ද පවසනු මට නොයෙක් වර ඇසී ඇත. එත් ලංකාවෙ දොස්තර කෙනෙකේ හරි ලොයර් කෙනෙක් හරි වෙන්නේ කොහොමද?

මෙකට පිළිතුර ඔනම කෙනෙක් දන්න දෙයක්. පිළිතුර හරිම සරලයි. මුලින්ම ඔබ හොදින් උසස් පෙල විභාගය වැඩි Z ලකුණු ප්‍රමාණයක් අරගෙන සමත් වෙන්න ඔන. ඒ අලුත් විශය නිර්දේශය යටතේ ක්‍රමයයි. පරණ විශය නිර්දේශය යටතේ නමි කටවුටි ලකුණු මටිටමට වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ඔන. මෙ විදි දෙකෙන් එකකට වැඩිපුර ලකුණු ලබාගන්න අයට වෛද්‍ය පිඨයට හෝ නිති පිඨයට ඇතුලත් වෙන්න වරමි ලැබෙනවා. ඔක තමයි උත්තරේ.

මම මෙ ලිපියෙන් කියන්න යන්නේ කෙනෙක්ට නීතිඥයෙක් වෙන්න ඔන නමි, නීති පිඨයට ඇතුලත් වෙන්න තරමි ප්‍රමාණවත් ලකුණු උසස් පෙළ විභාගයෙන් ලබා ගන්නත් බැරි වුනා නමි නීතිඥයෙක් වෙන්නේ කොහොමද කියලයි.

සාමාණ්‍යයෙන් කළා විශය ධාරාව හෝ වාණිජ්‍ය විශය ධාරාව නීති පිඨයට ඇතුලත්වීමම අරමුණු කරගත් සිසුවන් තො‍රාගැණිම සුලභව දැකිය හැකි තත්වයක්. නමුත් මෙම විශය ධාරවන් දෙක යටතේ වුවද විශේෂයෙන් වාණිජ විශය ධාරාව යටතේ
විශිෂ්ඨ සාමාර්ථ 03 ක් ලබාගත් සමහර සිසුනට පවා වර්ථමාණයේ නිති පිඨයට ඇතුලත් වීමට නොහැකි තත්වයක් උත්ගත වී තිබෙ. කෙසේ වුවද එසේ තේරි පත්වන භාග්‍යවන්තයින් කිහිප දෙනෙකු හැර අන් අයට සිදුවනුයේ එක්කෝ විශ්වවිද්‍යාලයේ නීති සිහිනය පසක දමා ඊට වඩා අඩු ලකුණු මටිටමක් ඇති වෙනත් විශයමාලාවක් තොරාගැණිමය. එසේත් නොමැති නමි, බහුතරයකට වෙන්නාක් මෙන් විශයන් තුනම සමත් වුවද, ලකුණු ප්‍රමාණවත් නොවිම මත විශවවිද්‍යා

ල වරමි නොලැබී යාම මත වෙනත් විකල්ප අධ්‍යාපනයකට යොමි වීමට හෝ රැකියාවක් සොයා ගැණිමටය.

මෙම කුමණ තත්වයක් උත්ගත වී තිබුණද, තාමත් ඔබට නීති ක්ශේත්‍රයේ එනමි නීතිඥයෙකු වීමෙ වරමි විවරව ඇති බව ඔබ දන්නේ නමි සමහරක් විට ඔබ පුදුම වන්නට ඉඩ ඇත.

විශ්වවිද්‍යාලයෙන් බාහිරව නීතිඥ වෘත්තියට පිවිසිමට ඇති මාර්ග කිහිපයක් ඇත. මෙ පිළිබදව තොරතුරැ මෙය හා ඉදිරි ලිපි කිහිපයක් මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙ එහි පළමුවැන්නයි.


මින් පළමු වැන්න ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි. Sri Lanka Law College

ශ්‍රී ලංකා නීති විද්‍යාලය ව්‍යවස්ථාපිත නීති අධ්‍යන සභාව (Incorporated Council of Legal Education Sri Lanka) මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවෙ ප්‍රධාණතම නිති අධ්‍යාපනය ලබා දෙනු ලබන ස්ථානයයි. මෙහි විදුහල්පතිවරයෙකු සිටිනා අතර විදුහල්පතිද, තවත් නීති විද්වත් කමිටුවක් මගින් මෙම කවුන්සිලය පවත්වාගෙන යනු ලබයි. මෙම ආයතනය ස්ථාපනය කර ඇත්තේ ඉංග්‍රීසින්ගේ කාල වකවානුවෙ දීය.

Wednesday, April 21, 2010

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව. 04 කොටස


ඒ සදහා පනත මගින් දක්වන පිළියමි

මින් අනතුරුව සලකා බැලිය යුතු වැදගත්ම කරුණ වනුයේ පනත මගින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වලකාලීම සදහා ගෙන ඇති පියවර මොනවාද යන්නවෙ. පනතේ 02 වන වගන්තිය ප්‍රකාරව පීඩාවට පත් තැනැත්තකුට එම ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාව වැලැක්වීම සදහා ආරක්ෂක ආඥාවක් නිකුත් කරන මෙන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් කල හැකි බව දක්වා ඇත. පනත අධ්‍යනය කිරීමෙීදී පෙනී යන්නේ මුලික ලෙසම මෙී සමිබන්ධව පනත මගින් ආඥාවන් 03 ක් ක්‍රියාත්මක කරණ බව වෙ. ඒවා නමි:

Monday, April 19, 2010

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව. 03 කොටස

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද?ඉන් අනතුරුව සලකා

ඉන් අනතුරුව සලකා බැලිය යුතු වැදගත්ම කරුණක් වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් යනු කවරක්ද යන්න වෙ. මෙ පිළිබදව සොයා බැලීමෙ දීද පනතේ අර්ථ නිරූපන වගන්තිය දෙසට යොමුවීමට නැවතත් සිදුවනු ඇත. එහි සදහන් වන පරිදි ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් යනුවෙන් අදහස් වන්නේ,

Sunday, April 18, 2010

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව. 02

02 කොටස

පීඩාවට පත් තැනැත්තා හා පීඩාවට පත් තැනැත්තාට අදාලව අදාල තැනැත්තා

මෙම පනතේ පූර්විකාවෙහි සදහන් වන පරිදි මෙම පනත ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම සහ ඊට සමිබන්ධ හෝ ආනුශංගික කාරණා සදහා විධිවිධාන සැලැස්වීම සදහා පනවන ලද පනතක් බව දක්වා ඇත. මෙ අනුව පනත ප්‍රධාන කොටස් කිහිපයකට ඛෙදා සලකා බැලීම වැදගත්වෙ.

1- පීඩාවට පත් තැනැත්තා හා පීඩාවට පත් තැනැත්තාට අදාලව අදාල තැනැත්තා

Friday, April 16, 2010

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව.

01 කොටස හැදින්වීම

ලොව සෑම යුගයකම පාහේ ප්‍රබල කථිකාවන් ගොඩනැගීමෙහිලා මුලික වූ ගැටලු දක්නට ඇත. මින් ඇතැමි වා කාලයාගේ ඇවෑමෙන් මිනිසාගේ ශිෂ්ටාචාරය ආකල්ප සදාවාරය හා සමාජීය අවශ්‍යතාවයන් මත වියකී ගොස් ඇත. නමුත් මින් තවත් සමහරක් අතීත වර්තමාන හා අනාගත යන තුන් කල්හිම සදාතනික පිළිතුරු රහිත ප්‍රශ්නයන්ව සදාකල් පවතිනු ඇත.

මිනිසාද සත්තවයකි. නමුත් මානව වර්ගයා අන් සත්තවයන්ගෙන් මුලික වශයෙන්ම වෙනස් කරන්නාවූ එක් සාධකයක් පවතියි. එනමි වචනයේ පරිසමාප්ත අරථයෙන්ම මනුස් හෙවත් මනසින් උසස් යන්න වෙයි’ එබැවින් මිනිසාටද අන් සත්තවයි හා පවතින්නාවූ ද සියලු සත්තවයින්ට පොදු වූද පුර්වජ ලක්ෂණයන් තමාගේ මනස මෙහෙයවා සංයමයකින් යුක්තව පාලනය කිරිමට අවකාශ ලැබී ඇත. එබැවින් මිනිසා සතුව ශිෂ්ටාචාරයක් හා අනන්‍ය සමාජ ක්‍රමයක් ගොඩනැගී ඇත. සදාචාරය හා දුරාචාරය එම සමාජක්‍රමයම පදනමි වන්නාවූ සාධක මත මිනිසාට නිර්මාණය කර දෙනු ඇත.

Wednesday, April 14, 2010

ළමයා හා නීතිය 03


වලසා හා බිළිදා 03 කොටස ළමා අපයෝජන හා නීති තත්වය?


වර්තමානයේ ළමයාට අත්වී ඇති අභාග්‍ය සමිපන්න ඉරණමින් ළමයා මුදාගැනීමෙහිලා ගන්නා ලද සාර්ථක පියවරක් ලෙස 1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත දැක්විය හැක. මෙ යටතේ කාලීන අවශ්‍යතාවයක් වන ළමා ලිංගික අතවරයන් තුරන් කිරීමෙ අභිලාශය පෙරදැරිකරගෙන නව ලිංගික වැරදි රුසක් හදුන්වා දී ඇත.

Tuesday, April 13, 2010

ළමයා හා නීතිය 02

වලසා හා බිළිදා 02 කොටස ළමා අපයෝජන යනු කවරෙක්ද?

ළමා අපයෝජනයක් වශයෙන් හදුන්වනු ලබන්නේ ළමයාගේ වර්ධනයට සෞඛ්‍යට සෘජු ලෙසම හෝ ව්‍යගිකව හානිකර හෝ හානි වීමට ඉඩ සලසන හෝ ළමයා වද වෙදනා වලට ලක් කරණ ක්‍රියාවක් කිරිම හෝ ළමයාගේ උපරිම යහපත සදහා පාදක වන ක්‍රියාවක් නොකර හැරිම වෙ.

ළමා අපයෝජන පිළිබදව සැලකීමෙ දී බහුල ලෙස දැකිය හැකි ළමා අපයොජන ලෙස
1. ලිංගික අපයෝජනය,
2. ශාරිරීක අපයෝජනය,
3. පෝෂණය නොසලකාහැරීම,
4. චිත්තවෙගාත්මක අපයෝජනය,
5. නීති විරෝධි ලෙස ළමුන් සේවයේ යෙදවීම,
6. ළමයින් වෙළදාමි කිරීම,

Sunday, April 11, 2010

ළමයා හා නීතිය 01

වර්තමානයේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී ඇති ළමා අපචාර ළමයා වර්තමානය අතීතය ඒ හා සබැදි නෛතික තත්වය පිලිබද කරන ලද විවරණයකි මෙ.

වලසා හා බිළිදා 01 කොටස ළමයා යනු කවරෙක්ද?

ජනස්‍රැති හා ප්‍රාග් ඓතිහාසික සාක්ෂි ඔස්සේ පසක් වන පරිදි දඩයමි යුගයෙන් ඇරඹි මානවයා නමි සත්තවයාගේ නොනිමි ගමන විවිධ යුගයන් මධ්‍යයේ වරතමානයේ කාර්මික විප්ලවය ද තාක්ෂනික විප්ලවය ද පසුකර සඳ තරණය කිරීම විනා අභ්‍යවකාශ ජනාවාසීකරණය තෙක් ප්‍රවර්ධනය වී ඇතග මෙම බුද්ධිමය සාක්ෂරතාවයෙන් අගතැන්පත් මිනිස් ශිෂ්ඨාචාරය අද තීරණාත්මක සන්ධිස්ථානයකට එලඹ ඇතග එනමි වසර දහස් ගණනක් මුලුල්ලේ සිය ප්‍රවර්තනය උදෙසා උරදුන් සමාජ සාරධර්ම හා ගුණදමි පද්ධතිය තවදුරටත් තමා සතුව තබාගන්නේ ද නැතහොත් අත්හරින්නේද යන්න වෙ.

Thursday, April 08, 2010

හැදින්වීම හා පෙරවදන

මෙ ලිපි පෙලි ලිවීමට මත්තෙන් යමි පමණක පෙර වදනක් ලිවීම වැදගත් යැයි සිතමි. නීතිය හා ඔබ යන මාර්තෘකාව සලකා බැලීමෙදී මුලිකව විමසා බැලිය යුතු කරැණු කිහිපයක් ඇත. එනමි නීතියේ ආරමිභය කොතනද? නීතිය යනු කිමෙක්ද? නීතිය අපිට බලපාන්නේ කෙසේද හා නිතියට අප යටත් විය යුත්තේ ඇයි යන කාරණා  වෙ.

මෙ එක් එක් කරැණක් සරල සංශේප ලෙස අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉදිරිපත් කීරිම මාගේ අදහසයි.


නීතියේ ආරමිභය කොතනද?
නීතියේ ආරමිභය පිළිඹදව පිළිඹදව සොයා බෑලීමෙ දී එය යුග කිහිපයක් ඔස්සේ විමර්ශණය කල යුතු පුලුල් මාතෘකාවක් වන්නේය.එලෙසම නිතියත් ආගමත් අතරසමිබන්ධතාවය එකිනෙක විභේධනය කල නොහැකි අයුරින් ඔවුනොවුන් හා බද්ධව පවතින්නකි. නමුත් සෑම දහමකම මෙන්ම දර්ශණයකම පාහේ එම දහම හෝ දර්ශණය මෙ ලොව පහල වීමට මත්තෙන් නීතිය වත්පන්න වූ බව පැහැදිලි වන්නේය. ඒ අනුව පෙනි යන වැදගත්ම කරැණක් වන්නේ නීතිය මගින් විධිමත්කිරීමට නොහැකි වූ යමි කොටසක් පැවති බවත්. ඒ කොටස විධිමත් කිරීම පිණිස ආගම හා ධර්මය පහල වූ බවත්ය.